Wednesday, 9 October 2013

දකුණේ පුංචි ආණ්ඩුව යුද්දෙක.......?

දකුණු පළාත් සභා ඇමතිවරුන් දෙපලක් වන චන්දිම රාසිපුත්‍ර සහ යු.ජී.ඩී ආරියතිලකගේ ක්‍රියා කලාපය නිසා දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් අවුලෙන් අවුලට පත්ව ඇතැයි පළාත් සභාවේ සබා නායක මනෝජ් සිරිසෙන මහතා  අදහස් දක්වමින් පැවසීය 
මේ නිසා දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් 38 දෙනෙකු අදාල ඇමතිවරුන්ට විරුද්ධව පෙළ ගැසීමට නියමිතව සිටින බව හෙතම සඳහන් කළේය.
මං මාවත් ඉදිකරදීම, නිවාස ඉදිකර දීම සහ ගුරු මාරු සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේ පවතින ආරවුල්වල නිමක් නැති බව මන්ත්‍රි චම්ලි විතානාච්චි පවසයි.
‘‘ චන්දිම රාසිපුත්‍ර ඇමතිවරයාට කියලා අපේ ප්‍රාෙද්ශිය සභා මන්ත්‍රිවරයකුටවත් වැඩක් කරලා දෙන්න විධියක් නැහැ. මානුෂීය හේතුවක් නිසාවත් ගුරුමාරුවක් කරගන්න බැහැ. ආරියතිලක ඇමතිතුමා එයාම තනියම ගෙවල් දෙනවා. අනෙක් සුබ සාදන වැඩ කරනවා. ඒත් ඒවා මන්ත්‍රිවරුන් අතරෙ බෙදිලා යන්නෙ නහැ. මේ තත්ත්වයෙන් ගිහිං අපි මිනිස්සුන්ගෙන් ඡන්දෙ ඉල්ලන්නෙ කොහොමද ? මේ ඇමතිවරු දෙන්න ඒ දෙන්නගෙ වැඩ විතරක් කර ගන්නවා.‘‘ දකුණු පළාත් සභාවේසබා නායක මනෝජ් සිරිසෙන සඳහන් කළේය.
මෙහි ඇති තවත් බරපතල තත්ත්වයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැන ගත්තේ පසුගිය දිනක බව හෙතම අනාවරණය කළේය.
‘‘ අපි මන්ත්‍රිවරු හැමදාමත් ජනාධිපතිතුමා එක්ක සාකච්ඡාවක් ඉල්ලා දෙන්නැයි මහ ඇමතිවරයාගෙන් සහ අනෙකුත් පිරිසෙන් ඉල්ලුවා. අවුරුදු දෙකක් යනතුරු ලැබුණෙ නැහැ. බලාගෙන යනකොට මේ අය කවුරුවත් ජනාධිපතිතුමාට මේ ගැන කියලවත් නැහැ. පසුගියදා ජනාධිපතිතුමාම මේ බව දැනගෙන කතා කරලා. හමුවීමට දිනයක් දන බව කියා තිබෙනවා‘‘ මන්ත්‍රිවරයා කීවේය.
දකුණු පළාත් සභාව යටතේ පාලනය වන ඇතැම් මාර්ග පවා සංවර්ධන නොවීමට පළාත් සභාවේ මේ ඇමතිවරු වගකිය යුතු බව හෙතම පෙන්වා දෙන්නේය.

No comments:

Post a Comment