Tuesday, 8 October 2013

යකඩ බට රහස් පෙදෙසට දාලා ලේ ගන්නවා

sau6
                           මිහිපිට අපායෙන් මෙරටට ආ අලගුමලී වින්ඳ දුක කියයි

              වසර දෙකක් තිස්සේ සෞදි අරාබියේ අමානුෂික ද විඳි ශී‍්‍ර ලංකීය කාන්තාවක් ඉකුත් සිකුරාදා (04) ලංකාවට එවීමට කටයුතු කර තිබේ.   වසස අවුරුදු 37 ක්වූ විවාහක කාන්තාවක් වන අලගුමලී පාපාති තම්බදි නැමැත්තිය බළන්ගොඩ එග්ස්ලේන් වත්තේ පදිංචිකාරියකි. දරුවන් සිව්දෙනෙක් වන අතර එක් අයෙක් ගැහැණු දැරියකිසැමියා වූ සුබ‍්‍රමණියම් මාරිමුත්තු තේවත්තක රැකියාව කරයි.
sau3
                      සිහි නොමැති කාන්තාව මීගමු රෝහළේ මූළික ප‍්‍රතිකාර ගෙන 09 වැනිදා රාතී‍්‍ර 730 ට පමණ බළන්ගොඩ මුලික රෝහළට රැගෙන විත් තිබේශරීරය පුරා පිලිස්සුම් තුවාල හා තැන්තැන් වල ඇණ ගසා ඇතැයි සැළකෙන ස්ථානයන්හි තුවාළ සහිතව මේවන විට නේවාසිකව ප‍්‍රතිකාර ගනු ලබයි. හිසෙහි හා අත්වල මෙසේ ඇණ ගසා ඇතැයි කියනු ලබන අතර වම් අතේ අත්ල කොටස එරට නිවසේ වූ ස්වාමියා පහරදී කැඩී ඇතැයිද ඇය පවසයි.
sau4
                    ඇය සමඟ ඇගේ සැමියාගේ සහෝදරයා ගේ බිරිඳ සාත්තුව පිණිස සිටිය අතර කාන්තාව ඉතා විඩාබර හා පිරිහුණු සෞඛ්‍ය තත්වයකින් පසුවූ අතර හඬ අවදි කළේද ඉතා අපහසුවෙනි. අලගුමලී බැලිමට මා සමඟ බළන්ගොඩ ශී‍්‍ර සුදර්ශන විහාරවාසී බළන්ගොඩ සමාජ සංවර්ධව පදනමේ අධ්‍යක්ෂ ඉඹුල්පේ විජිතවංශ හිමියෝද එක්වූහ. අලගුමලී අමාරුවෙන් වත්තන්ව අපට මෙසේ කීවාය. අවුරුදු දෙකක් වෙනවා රස්සාවක් කරන්න සෞදියට ගිහින්. අද වෙනකම් සතපහක්වත් දුන්නේ නෑ. පඩි නෑ.   කන්න දුන්නෙ නෑ.sau2
බත් දුන්නෙම නෑ. නිතරම ගහනවා. රත්කරපු තෙල් ඇඟට දාලා ඇඟ හැමතැනම පිච්චුවා. සමහර දවස්වල සපත්තු දාගෙන මාගේ බ ඩ පාගාගෙන ඉන්නවා. ගෙදර කට්ටියම ඇණ ගහලා බෝතල්වලට ලේ ගන්නවා. සමහර දවසට යකඩ බට රහස් ප‍්‍රදේශයන්ට ඇතුල් කරලා තුවාලකරලා ලේ අරගන්නවා. ඒ ලේ අරගෙන උදේට යනවා, කොහේ යනවාද දන්නේ නෑ.
sau5               සිකුරාදා ලංකාවට ආවා .ප්ලේන් එකට නැග්ගට පස්සේ සිහිය නැතිවුනා. කටුනායකින් බහිද්දි ප්ලේන් එකේ ආපු අය එම්බසියට බාරදුන්නා. ඊට පස්සේ මීගමුවේ රෝහලකට ගෙනිහින් බෙහෙත් අරගෙන දිගටම බළන්ගොඩ ඉස්පිරිතාලෙට ආවා. මිසී කෙනෙකුත් ආවා. එම්බසි එකේ අය තමයි මෙහාට ගෙනාවෙ. මං හුඟාක් දුක්වින්දා. මං හිටපු ඒ ගෙදරට තව ලංකාවේ ළමයෙක් අර ගත්තා. දුප්පත් කමට රට ගියත් අන්තිමට එන්න වුනේ මෙහෙමයි.” යනුවෙනි.
බෙලිහුල්ඔය ලාලනී රත්නායක

No comments:

Post a Comment