Monday 18 November 2013

''චැනල් 4'' පොලිසියට දෙහි කපා කුලී රථයේ බිල ගෙවයි..

මෙරට පැවති පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ආවරණය කිරීම සඳහා ‘චැනල්-4’ නාලිකාවේ කැලම් මැක්රේ ඇතුළු කණ්ඩායම අනුරාධපුරේ සිට කොළඹට පැමිණි කුලී වෑන් රථය සඳහා ගෙවිය යුතු රුපියල් 30,000 ගාස්තුව ඔවුන් විසින් ගෙවු බව කොම්පඤ්ඤවීදිය පොලිසිය පවසයි.
ඉකුත් 14 වැනිදා තම වෑන් රථයෙන් කොළඹට පැමිණි බවත් ඒ සම්බන්ධයෙන් කථා කරගත් ගාස්තුව වු රුපියල් 30,000 මුදල තමන්ට කොළඹදී නොදුන් බවත් පවසා රියැදුරු වන අනුරාධපුර එස්.කේ. සංජීව මහතා කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිලි කර තිබිණි.

No comments:

Post a Comment