Tuesday 5 November 2013

තවත් ගන්න එපා.දෙවිනුවර ශ්‍රී.ලං.නි.ප ප්‍රබලයෝ ආණ්ඩුවට වදාරති.



එක්සත් ජාතික පක්ෂ දෙවිනුවර ආසනයේ දික්වැල්ල ප්‍රාදේශීය සබාවේ විපක්ෂ නායක නාමල් අනුර නොහොත් ලොකුහෙන්නදිගේ සුජිත් අනුර ජාතික හෙළ උරුමයේ අපේක්ෂකත්වය ලබා ගෙනීම සදහා 2013 - 11 - 05 දින ආණ්ඩුවේ දෙවිනුවර ආසනයේ ප්‍රබලයන් කිහිපදෙනෙකු සමග සාකච්චා කර ඇති බව වාර්තා වෙයි.එහිදී ජාතික හෙළ උරුමයෙන් දකුණු පළාත් සබාවට තරග කිරීමටද අපේක්ෂකත්වය ඉල්ලා සිටි බවද වාර්තා වෙයි.එහෙත් ශ්‍රී.ලං .නි .ප.දෙවිනුවර ආසන සංවිදායක පළාත් සභා මන්ත්‍රී කාංචන විජේසේකර හා දකුණු පළාත් සබා මන්ත්‍රී නිලංග හෙන්දවිතාරණ යන ශ්‍රී.ලං.නි.ප ප්‍රබලයන්ගේ දැඩි විරෝදයක් එල්ල වී ඇති බවටද වාර්තා වේ.

උපුටා ගැනිම :- unpdevinuwra facebook පිටුවෙනි.

විශේෂ ----

මේ සම්බන්දව දෙන ගෙනීම සදහා  දික්වැල්ල ප්‍රාදේශීය සබාවේ විපක්ෂ නායක  සුජිත් අනුර මහතා හා දකුණු පළාත් සබා මන්ත්‍රී නිලංග හෙන්දවිතාරණ මහතා සම්බන්ධ කර ගෙනිමට උත්සහ කලද ඒ මහත්වරුන්ගේ දුරකථන ක්‍රියා විරහිත කර තිබුණි,එහෙත් ශ්‍රී.ලං .නි .ප.දෙවිනුවර ආසන සංවිදායක පළාත් සභා මන්ත්‍රී කාංචන විජේසේකර මහතා සම්බන්ධ කරගෙනිමේදී, ඒ මහතා ප්‍රසිද්ධ මාධ්‍ය සදහා අදහස් නොදක්වන බව ඔහුගේ පුද්ගලික ලේකම් උබෙසේන යන අයෙක් ගොසිප් සවුත් ලංකා නිවුස් වෙත පෙවසිය.

No comments:

Post a Comment