Friday 15 November 2013

එ .ජා .ප යේ අර්බුද අවසන්....නායකත්ව මණ්ඩලය සාර්ථකයි,තව අලුත් කැරලිකාර මුණු 2ක් පත් වේ.


එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයට තවත් දෙදෙනෙකු පත් කොට එහි සාමාජික සංඛ්‍යාව 11 දක්වා ඉහළ නැංවීමේ යෝජනාවක් එජාපයේ හිටපු සභාපති මලික් සමරවික්‍රම මහතා විසින් ඉදිරිපත් කොට ඇත. 
රංජිත් මද්දුම බණ්ඩාර සහ එස් ස්වාමිනාදන් යන නායකත්ව මණ්ඩලයට පත් කර ගැනීම මෙම සංශෝධනයේ අරමුණ වී ඇත. 
කෙසේ නමුත් මෙම යෝජනාවට ප්‍රතිචාර දක්වා ඇති එක්සත් භික්ෂු පෙරමුණේ නායක භික්ෂුන් වහන්සේනමක් පවසා ඇත්තේ නායකත්ව මණ්ඩලයට එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයම නායකත්ව මණ්ඩලයට පත් කළ යුතු බවයි.

සජිත් ප්‍රේමදාස මහතා සහ තලතා අතුකෝරල මහත්මිය නැවත නායකත්ව මණ්ඩලයට එක් කර ගැනීමට මේ වන විට එජාපයේ රනිල් පාර්ශවය විසින් දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කොට ඇත. 
එහි එක් පියවරක් වූවේ තලතා ඇතුකෝරල වෙනුවට රෝසි සේනානායක නායකත්ව මණ්ඩලයට පත් කිරිම සුදානම් බවට ප්‍රචාරයක් ගෙනයාමයි.  දැනට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ හෝ නොමැති රෝසී සේනානායක මහත්මිය එක්වරම නායකත්ව මණ්ඩලයට පත් කිරිමට සුදුසු බවට පත් වූවේ මේ කුමන්ත්‍රණයේ ප්‍රතිඑලය ලෙසිනි.
සාමිනාදන් නායකත්ව මණ්ඩලයට පත් කළ හැකිනම් තරුණයින් ගේ නියෝජනය ලෙස අකිල විරාජ් කාරියවසම් ද නායකත්ව මණ්ඩලයට පත් කළ යුතු බව ට යෝජනාවක් ඉදිරිපත් වු නමුත් රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාව ප්‍රතිකේෂ්ප කොට ඇත.
බෝපිටියේ ධම්මිස්සර හිමියන් විසින් සජිත් ප්‍රෙමදාස මහතාට නායකත්ව මණ්ඩලයට එක් රැස්වන ලෙස ඉල්ලීමක් කොට ඇත.

No comments:

Post a Comment