Tuesday 19 November 2013

එස්.ටි.එෆ්. එකට වැඩ වරදින ලකුණු.....




පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වරදක් කර තිබෙන බව සනාථ වුවහොත් ඔවුන්ට ගත යුතු ක්‍රියමාර්ග ගන්නවා.


 අද දවසේත් නින්දවූර් ප්‍රදේශයේ කලබල කාරි වාතාවරණයක් තිබුණි. ප්‍රදේශවාසීන් පිරිසක් විසින් ඇරබු හර්තාල් ව්‍යාපරය නවත්වාලීම සදහා පොලිසිය විසින් නින්දවූර් මහ පල්ලියේ භාරකාර මණ්ඩලය/පාර්ලිමෙන්තු මන්ත්‍රී පයිසාල් කාසිම් හා ප්‍රදේශිය සභා ලේකම් අතර වූ හමුවක් ඊයේ පැවැත්විනි .
කොල්ල කරුවන් ලෙස ප්‍රදේශවාසීන් කොටුකරගත් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වරදකරුවන් ලෙස තහවුරු වුවහොත් ඔවුන්ට නිසි ක්‍රියාමර්ග ගන්නා බව එම අවස්ථාවේ පොලිසිය විසින්  ප්‍රතිඥාවක් දී තිබේ. මීට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාද මාධ්‍යන් වෙත අදහස් දක්වමින් කියා සිටියේ නින්දවූර් ප්‍රශ්ණ සම්බන්ධයෙන් විමර්ෂන ආරම්භ කර ඇති බවත් කිසියම් ආකාරයකින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වරදක් කර තිබෙන බව සනාථ වුවහොත් ඔවුන්ට ගත යුතු ක්‍රියාමාර්ගන නිසි ලෙස ක්‍රියාත්මක කරන බවයි.
පොලිසිය සමඟ පැවතුනු සාකච්ඡාවෙන් පසු නින්දවූර් මුස්ලිම් දේවස්ථානයන්හි ශබ්දවිකාශන යන්ත්‍ර මගින් ජනතාවට හර්තාල් ව්‍යාපාරය අත්තරින ලෙසත් සාමකාමිව කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටි නමුත් පිරිසක් කල්මුනයි -අක්කරපත්තු ප්‍රධාන මාර්ගය හරස් කරමින් මාර්ග බාධක යොදා තිබුණි.උදෑසන 8:30 පමණ අම්පාර මඩකලපු දිස්ත්‍රික භාර පොලිස් ඩි.අයි.ජි මහතාගේ ප්‍රධානත්වයෙන් 300 කට අධික පොලිස් භටයින් සීරුවෙන් තබා කලහ කාරිව හැසිරෙන පිරිසට මාර්ගයෙන් ඉවත්වෙන ඉල්ලන ලදී. නමුත් එම අවස්ථාවේදී කලහ කාරි පිරිස් පොලිසිය වෙත ගල් මුල් ප්‍රහාර එල්ල කරන්නට පටන් ගැන්මත් සමගම පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්නට විය.විරෝධතා කරුවන් 20 දෙනකුට අධික වූ පිරිසක් අත්ඩංගුවට ගෙන ඇත.

No comments:

Post a Comment