Sunday 17 November 2013

ජෙනරාල් අධිවේගී මාර්ගයේ ඇත්ත රටට හෙළි කරයි ..


"කටුනායක අධිවේගී මාර්ගය ඕකදිගේ ඇතුල් වෙලා අපි ටිකක් දුර එනකොට අපිට පේනවා පාරේ සමහර තැන්වල තහඩු ගහලා දෙපැත්ත වහලා තියෙනවා. මිත්‍රවරුණි මේවා පිටිපස්සේ තියෙන්නේ පැල්පත්. මේ ආණ්ඩුව කැමති නෑ මේ රටට එන විදේශිකයින්ට තමුන්නාන්සේලා කොහොම ද ජීවත් වෙන්නේ කියලා පෙන්වන්න 2009 මැයි මාසේ නන්දිකඩාල් වලින් යුද්දේ අවසන් වෙන්න කලින් මේ ආණ්ඩුව මොනවද කිව්වේ ? ඉවසලා අපිට උදව් කරන්න කිව්වා. ර‍ට ජාතිය බේරගන්න අපි සටන් කරනවා කිව්වා. යුද්ධයෙන් පස්සේ තමුන්නාන්සේලාව ස්වර්ගයට ගෙනියනවා කිව්වා. හදවත්වලට තට්ටු කරලා බලන්න තමුන්නාන්සේලා කොයිතරම් කැපකිරීම් කළා ද කියලා පාරක යන්න බෑ හරියට කුසට ආහාරයක් නෑ. තමන්ගේ දරුවන්ට හරියට අධ්‍යාපනය දුන්නේ නෑ. ඇයි ? ආණ්ඩුවට උදව් කළා මේ යුද්දේ අවසන් කරන්න. මිත්‍රවරුණි මතක තියාගන්න මේ යුද්දේ අවසන් කරන්නේ නෑ අපේ මේ සෙම්පතියට කොන්දක් නොතිබුණා නම්"

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නියෝජ්‍ය නායක ජයන්ත කැටගොඩ මහතා මෙසේ පැවසීය.

"මේ රටේ පාලන තන්ත්‍රය පිළිබඳව දැනුවත්කරලා මේ අගාධයේ මුදවා ගන්න. මේ රටේ සංස්කෘතිව සභ්‍යත්වය විනාශ කරලා අවසන් ආර්ථික ක්‍රමෝපාය අලුත් එකක් ඒක තමයි බූරුවා ගස්සන එක. කැසිනෝ කියුවත් එකයි බූරුවා කුට්ටම ඒකෙත් තියෙනවා. ඔය කුට්ටමතමා එතන අනන්නෙත් වෙන විදියකට. සමහර තැන්වල ඒ වගේ. බූරුවා ගස්සලා හරි ගණිකා වෘත්තිය නීතිගත කරලා හරි මේ රටේ සාධාරණ සමාජය විනාශ කරලා ඉවරයි ඉතුරු ටිකත් විනාශ කරලා මේ පාලකයෝ මේක නන්නත්තාර කරන්න හදන්නේ"

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා මෙසේ පැවසීය.

"ප්‍රබලයි කියන දේශපාලන පක්ෂ මේ රට පාලන කළා. ප්‍රබලයි කියන දෙතුන්සීයක් දේශපාලනඥයෝ රටේ පරිපාලනය ගෙනිච්චා නමුත් මේ සියලු දෙනාම අසාර්ථකයි. අපි දැක්කේ පරම්පරා තුනක පමණ කාලයක මේ රට හැමදාම පස්සෙන් පස්සට යනවා පමණයි.ලෝකේ අනික් රටවල් වලට සා‍පේක්ෂව අපේ රට හැමදාම පස්සට ගියා. මේකට ප්‍රධාන හේතුව තමයි අපේ රටේ දේශපාලඥයින්ගේ දූෂිත පුද්ගලික න්‍යාය පත්‍ර. අපේ රටේ දේශපාලඥයෝ හැමදාම දේශලානය කළේ තමාගේ ගැනීමට මිසක් රටේ ජාතියේ ජනතාවගේ සුභසාධනය ගොඩ නැඟීමට නෙවෙයි. මේ රටේ ජනතාවට කතා කිරීමේ නිදහස නෑ, මානුෂීය අයිතිවාසිකම් නෑ, මාධ්‍ය නිදහස නෑ මේ ඔක්කොම එකට කැටිකරාම ප්‍රජාතන්ත්‍රවාදය එහෙ ජනතාවට අහිමි වෙලා තියෙනවා"

No comments:

Post a Comment