Friday 19 July 2013

උතුරේ ඡන්දයට යාපනයේ ජනප්‍රිය අපේක්ෂකයින්

darshanan p 410px 20-07-13යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් දර්ශනන් පරමලිංගම් මහතා ඉදිරියේදී පැවැත්වීමට නියමිත උතුරු පලාත් සභා මැතිවරණයට තරඟ කිරීමට නියමිත බව වාර්තාවේ.
යාපනයේ ජනප්‍රිය ශිෂ්‍ය දේශපාලන ක්‍රියාදරයකු වූ දර්ශනන් පසුගිය කාලයේ කිහිපවතාවක්ම මැර ප්‍රහාරයන්ට ගොදුරු වු අතර මෑතකදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත් අඩංගුවටද ගෙන තිබිණි.

උතුරු පලාත් සභා මැතිවරණයට තරඟ කිරීමට නියමිත අපේක්ෂකයින් කවුරුන්ද යන්න තීරණය කිරීම සඳහා පෙරේදා (18) පැවති රැස්වීමේදී සෑම පක්ෂයකම දායකත්වය සහ ඉදිරිපත් කරන අපේක්ෂකයින් සංඛ්‍යාව සම්බන්ධයෙන් තීරණය කර තිබූ බව දෙමළ ජාතික සන්ධානයේ ආරංචි මාර්ග සඳහන් කරයි
ඒ අනුව, යාපනය දිස්ත්‍රික්කයට තරඟ කිරීම සඳහා තමිලරසු පක්ෂය වෙනුවෙන් යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ හිටපු ලේකම් දර්ශනන් පරමලිංගම්, මාධ්‍යවේදී විද්‍යාධරන්, මහාචාර්ය ශිවචන්ද්‍රන්, යාපනය මහ නගර සභාවේ හිටපු ආණ්ඩුකාර ශිවඥාණම්, ඊපීආර්එල්එෆ් සංවිධානය වෙනුවෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්ගේ සහෝදරයෙකු මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ කතිකාචාර්ය සර්වේන්ද්‍රා, අයින්ගරනේෂන්, ටෙලෝ සංවිධානය වෙනුවෙන් ශිවාජිලිංගම්, දෙමළ ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් සංගයියා යන අය තරඟ කිරීමට නියමිතව සිටින බව 'ලංකා ටි නිව්ස්'  වෙබ් අඩවිය පවසයි.

No comments:

Post a Comment