Friday 19 July 2013

උතුරු පළාත් සභා මැතිවරණයෙන් පසු ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ?

උතුරු පළාත් සභා මැතිවරණයෙන් පසු එම පළාත් සභාව පවත්වාගෙන යෑම සඳහා දෙමළ ජාතික සන්ධානයට සහයෝගය ලබාදෙනවාද නැතහොත් ආණ්ඩුවට සහයෝගය ලබා දෙනවාද යන්න පිළිබඳව ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය තුළ මත ගැටුමක් පැනනැඟී ඇතැයි වාර්තාවේ.
ද්‍රවිඩ ජාතික සන්ධානයට උතුරු පළාත් සභාව තුළදී සහයෝගය ලබා දිය යුතු යැයි මුස්ලිම් කොංග‍්‍රසයේ පිරිසක් ප‍්‍රකාශ කරද්දී, අනෙක් පිරිස ඊට ප‍්‍රතික්‍ෂෙපව ප‍්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුවේ කොටස්කරුවන් වශයෙන් සිටියදී දෙමළ ජාතික සන්ධානයට සහයෝගය දිය නොහැකි බවත්, ඒ නිසා උතුරු පළාත් සභාව තුළ ආණ්ඩුවට සහයෝගය දිය යුතු බවත්ය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ ජාතික සංවිධායක රෆික් රාජාබ්දීන් මහතා පැවසුවේ, නැගෙනහිර පළාත තුළ ආණ්ඩුව තමන් රවටන බවත්, උතුරු පළාතේදී ද්‍රවිඩ ජාතික සන්ධානයට උපකාර කරන බවත්, එම පළාතට බලය ඇත්තේ සුළු ජාතීන්ට බව පෙන්විය යුතු බවත්ය.
ද්‍රවිඩ ජතික සන්ධානයට යම් ආකාරයකින් සන්ධානයක් පිහිටුවා ගැනීමට වුවමනා නම් එයට උපකාර කරන බවද ඔහු පැවසීය.
එහෙත් ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී මුස්ලිම් කොංග‍්‍රසයේ ලේකම් හසන් අලී මහතා පැවසුවේ, තමන් රජයට සම්බන්ධ බැවින්, ද්‍රවිඩ ජාතික සන්ධානයට උපකාර කළ නොහැකි බවත්, උතුරේදී උපකාර කරනවා නම් එය සිදු කරන්නේ ආණ්ඩුවට බවත්ය.

No comments:

Post a Comment