Friday 19 July 2013

අගවිනිසුරු ශිරාණි දඩයම් කිරීමට උත්සාහයක්

43 වන අගවිනිසුරු ආචාර්‍ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමේ උත්සාහයක් ඇතැයි නීතිවේදීහු පවසති.
පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව නොවැම්බරයේ පැවැත්වීමට නියමිතව තිබෙන බැවින්, ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය සාධාරණීකරණය කිරීම එහි අරමුණ බව, නීතිවේදීන්ගේ එකමුතුව පවසයි.
ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ද්වේශ සහගත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කිරීම ආණ්ඩුවේ උත්සාහය පිලිබඳ කදිම ඉඟියක් බව ද නීතිවේදීන්ගේ එකමුතුව නිකුත් කළ නිවේදනයක  දැක්වේ.
"නීතිවේදීන්ගේ එකමුතුව මේ උත්සාහය දකින්නේ ම්ලේච්ඡ දඩයම් කිරීමක් ලෙසින්," යනුවෙන් ද එම නිවේදනයේ සඳහන්වේ.
එම උත්සාහය ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයට කෙරෙන බලපෑම තවත් උත්සන්න කිරීමක් ලෙසින් විග්‍රහ කරන නීතිවේදීහු, එය වහාම අත්හිටුවන මෙන් ආණ්ඩුවට බල කරති.
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝග ක්‍රියාදාමය නීති විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය තීන්දු කළ අතර, එම තීන්දුවලට එරෙහිව පෙත්සම් ඉදිරිපත් වී තිබේ.

-බිබිසි සංදේශය

No comments:

Post a Comment