Wednesday 4 September 2013

රාජකීය කේන්දර කාරයා සුමනදාස අබේගුණවර්ධන කාලයක් තිස්සේ ඉතිරි කිරීමේ බැංකුවෙන් රු.කෝටි භාගයක් වංචාකරලා මාට්ටු:

මරාගේ රාජකීය කේන්දර කාරයා කාලයක් තිස්සේ ඉතිරි කිරීමේ බැංකුවෙන් රු.කෝටි භාගයක් වංචාකරලා මාට්ටු: නීති විරෝධීව වංචාව වසන් කිරීමට යයි----

(ලංකා ඊ නිව්ස් -2013.සැප්.03, ප.ව.7.20) මැදමූලන මරාගේ රාජකීය කේන්දර බලන්නා වන දේශමාන්‍ය සුමනදාස තිලක් අබේගුණවර්ධන නමැති හොර දෙටුවා තමාට මරා විසින් ලබා දී ඇති ස්වීප් ටිකට් තනතුරක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධූරය ගසා කමින් ඉන්ධන දීමනාවෙන් දීර්ඝ කාලයක් තිස්සේ රුපියල් කෝටි ගණනක් ගසා කා ඇති බව මාට්ටු වී ඇතැයි වාර්තා වේ.

මොහුට ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා දී ඇති අංක කේ වී 0385 දරණ හයි හුන්ඩායි මෝටර් රථයට නිල වශයෙන් මසකට පැට්‍රල් ලීටර් 225 ක් සඳහා බැංකුව විසින් ලබා දෙයි. ඒ සඳහා බැංකුව ගෙවිය යුතු උපරිම මුදල(ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් යෙදුවද) රුපියල් 38250 කි. නමුත් මොහු බැංකුවට වංචා කරමින් සෑම මසකම රුපියල් 1,50,000 කට අධික මුදලක් වාහනයට පෙට්‍රල් ගැසුවා කියා අය කරගෙන තිබේ. ඒ අනුව සෑම මසකම 1,10,000 කට අධික මුදලක් වංචා කර ඇත. 

2010 මැදමූලන මරා දෙවන වරට ජයගැනීමෙන් පසුව සුමනදාස ඉතිරි කිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධූරයට පත් කෙළේ ඔහුට මේ ලෝකේ සුදුසු කමක් තිබුනාට නොව හුදෙක් තමාගේ කේන්දර බැලු නිසාම ය. මොහු බැංකු කටයුතු ගැන මෙලෝ හසරක් නොදන්නවා පමණක් නොව ඉංග්‍රීසි වැනි ජාත්‍යන්තර භාෂා ඥානයේද පහලම සිටින්නෙකි.

මේ අනුව මාස 40 ක් පමණ තිස්සේ ලක්ෂ 45 ක පමණ මුදලක් එනම් කෝටි භාගයක පමණ මුදලක් දේශමාන්‍ය සුමනදාස තිලක් අබේගුණවර්ධන නම් හොර දෙටුවා විසින් බැංකුවට වංචා කර තිබේ.

මොහු මාසිකව ඉදිරිපත් කරන බොරු ඉන්ධන බිල ප්‍රශ්න කිරීමකින් තොරව මෙතෙක් ගෙවා ඇත්තේ ගමනා ගමන අංශය බාරව සිටි බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධම්මික පෙරේරා නම් දූෂිතයා ය. ඔහු බැංකුවේ සාමාන්‍යාධිකාරී තනතුරට කෙළ හලාගෙන සිටි අයෙක් වන අතර මරාගේ කේන්දර කාරයා ෂේප් කරගෙන මරා ලවා එම තනතුරට පැනගැනීමට මාන බලමින් සිටින නිසා සුමනදාස හොර දෙටුවාගේ හොර ඉන්ධන බිල මහජන මුදලින් ගෙවා දමා තිබේ.

පසුගියදා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සිදුකළ හදිසි වගකීම් වෙනසක් මත බැංකුවේ ගමනා ගමන අංශය අතිරේක සාමාන්‍යාධිකාරී ටී.එම්.කේ බණ්ඩාර මහතා වෙත පැවරීමෙන් පසු සුමනදාසගේ හොර ඉන්ධන බිල හසුවී ඇත. බණ්ඩාර විසින් මේ ගැන නව සභාපතිනිය ඩබ්.ඒ. නාලිනී වෙත දැනුම් දී ඇත. මෙතෙක් කාලයක් සුමනදාස විසින් හොර බිල් දමා කෝටි භාගයක් පමණ මහජන මුදල් වංචා කර ඇති බව හෙළි වීමෙන් පසුව ඔහු ගැන පරීක‍ෂණයක් පවත්වා වංචාකළ මුදල් අයකරගෙන නීත්‍යාණුකූල ක්‍රියාමාර්ගයක් ගන්නවා වෙනුවට බැංකුව කර ඇත්තේ වංචනික බිල ගෙවීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට ලිපියක් ඉදිරිපත් කිරීමයි. මෙය හොරාගේ අම්මාගෙන් පේන ඇහීම වැනි ක්‍රියාවකි. මන්ද යත් හොරාද බැංකුවේ අධ්‍යක්ෂ වරයෙක් නිසාත් සභාපතිනියද ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයම පත් කර ඇත්තේ රටේම හොර නාථා වන මැදමූලන මරා නිසාත් ය.

කෙසේ වෙතත් අවසානයේදී මොවුන් වංචා කළ මුදල් ගෙවා ඇත්තේ සතෙන් සතේ රුපියලෙන් රුපියල කැටේ දමා එකතු කර ගත් මුදල් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පත් කළ දුප්පත් මහජනතාව ය. 
 රාජකීය කේන්දර බලන්නා වන දේශමාන්‍ය සුමනදාස තිලක් අබේගුණවර්ධන නමැති හොර දෙටුවා තමාට මරා විසින් ලබා දී ඇති ස්වීප් ටිකට් තනතුරක් වන ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධූරය ගසා කමින් ඉන්ධන දීමනාවෙන් දීර්ඝ කාලයක් තිස්සේ රුපියල් කෝටි ගණනක් ගසා කා ඇති බව මාට්ටු වී ඇතැයි වාර්තා වේ.


මොහුට ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ලබා දී ඇති අංක කේ වී 0385 දරණ හයි හුන්ඩායි මෝටර් රථයට නිල වශයෙන් මසකට පැට්‍රල් ලීටර් 225 ක් සඳහා බැංකුව විසින් ලබා දෙයි. ඒ සඳහා බැංකුව ගෙවිය යුතු උපරිම මුදල(ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් යෙදුවද) රුපියල් 38250 කි. නමුත් මොහු බැංකුවට වංචා කරමින් සෑම මසකම රුපියල් 1,50,000 කට අධික මුදලක් වාහනයට පෙට්‍රල් ගැසුවා කියා අය කරගෙන තිබේ. ඒ අනුව සෑම මසකම 1,10,000 කට අධික මුදලක් වංචා කර ඇත.




                                                                                                              මේ අනුව මාස 40 ක් පමණ තිස්සේ ලක්ෂ 45 ක පමණ මුදලක් එනම් කෝටි භාගයක පමණ මුදලක් දේශමාන්‍ය සුමනදාස තිලක් අබේගුණවර්ධන නම් හොර දෙටුවා විසින් බැංකුවට වංචා කර තිබේ.


මොහු මාසිකව ඉදිරිපත් කරන බොරු ඉන්ධන බිල ප්‍රශ්න කිරීමකින් තොරව මෙතෙක් ගෙවා ඇත්තේ ගමනා ගමන අංශය බාරව සිටි බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධම්මික පෙරේරා නම් දූෂිතයා ය. ඔහු බැංකුවේ සාමාන්‍යාධිකාරී තනතුරට කෙළ හලාගෙන සිටි අයෙක් වන අතර මරාගේ කේන්දර කාරයා ෂේප් කරගෙන මරා ලවා එම තනතුරට පැනගැනීමට මාන බලමින් සිටින නිසා සුමනදාස හොර දෙටුවාගේ හොර ඉන්ධන බිල මහජන මුදලින් ගෙවා දමා තිබේ.


පසුගියදා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සිදුකළ හදිසි වගකීම් වෙනසක් මත බැංකුවේ ගමනා ගමන අංශය අතිරේක සාමාන්‍යාධිකාරී ටී.එම්.කේ බණ්ඩාර මහතා වෙත පැවරීමෙන් පසු සුමනදාසගේ හොර ඉන්ධන බිල හසුවී ඇත. බණ්ඩාර විසින් මේ ගැන නව සභාපතිනිය ඩබ්.ඒ. නාලිනී වෙත දැනුම් දී ඇත. මෙතෙක් කාලයක් සුමනදාස විසින් හොර බිල් දමා කෝටි භාගයක් පමණ මහජන මුදල් වංචා කර ඇති බව හෙළි වීමෙන් පසුව ඔහු ගැන පරීක‍ෂණයක් පවත්වා වංචාකළ මුදල් අයකරගෙන නීත්‍යාණුකූල ක්‍රියාමාර්ගයක් ගන්නවා වෙනුවට බැංකුව කර ඇත්තේ වංචනික බිල ගෙවීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට ලිපියක් ඉදිරිපත් කිරීමයි. මෙය හොරාගේ අම්මාගෙන් පේන ඇහීම වැනි ක්‍රියාවකි. මන්ද යත් හොරාද බැංකුවේ අධ්‍යක්ෂ වරයෙක් නිසාත් සභාපතිනියද ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයම පත් කර ඇත්තේ රටේම හොර නාථා වන මැදමූලන මරා නිසාත් ය.


කෙසේ වෙතත් අවසානයේදී මොවුන් වංචා කළ මුදල් ගෙවා ඇත්තේ සතෙන් සතේ රුපියලෙන් රුපියල කැටේ දමා එකතු කර ගත් මුදල් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ තැන්පත් කළ දුප්පත් මහජනතාව ය.

No comments:

Post a Comment