Monday 7 October 2013

උන් කෙලෙසිලා මදිවට ඉතිරි කරල යන ලේ පැල්ලම් දැක්‌කම අපිට අපේ නංගිල මතක්‌ වෙනව. මහත්තයල මේව කෙළින්ම පත්තරේ ලියන්න. අපේ මහ එවුන් දැන ගන්න එපැයි දරුවො මොනාද කරන්නෙ කියල.


ලැගුම්හල් සංස්‌කෘතිය ලිපිය 01
 

අප බොහෝ දෙනකු කැමැති වැඩි වෙලාවත් තම නිවසේ කාලය ගත කිරීමටයි. විශේෂයෙන්ම රාත්‍රී කාලයේ තමාගේ නිවසේ රැඳී සිටීම හැම පැත්තෙන්ම වාසිදායක තත්වයක්‌ උදාකරයි. තම නිවසට හෝ සමීප ඥාතියකුගේ ගෙයකට අමතරව අපට රැඳී සිටිය හැකි තැන් අතර ප්‍රධාන තැනක්‌ ගන්නේ හෝටල්, තානායම් හෝ ලැගුම්හල්ය.

පෙර කාලයේ නම් රෑ බෝ වී හෝ ගමන් මහන්සිය නිසා නිවසට යන්නට බැරි වූ කල්හි අපේ අයට පිහිට ආවේ අම්බලමයි. අවම පහසුකම් ඇති මෙම අම්බලම්වල නෂ්ටාවශේෂ තවමත් සමහර නගරවල දකින්නට තිබේ. පිටකෝට්‌ටේ හන්දියේ ඇති ගල් අම්බලම ඊට නිදසුනකි. සමහරු අම්බලම යන නම යොදා හෝටල්, ආපන ශාලා ආදියද පවත්වාගෙන යති. එහි වරදක්‌ නැත. මහදැනමුත්තලා, අන්දරේලා, දසමහ යෝධයෝ, ආඬි හත්දෙනා වැනි අය අම්බලම්වල රාත්‍රිය ගත කළ අයුරු අප ජනශ්‍රැතියේ සඳහන් වෙද්දී නස්‌රුදීන්ලා, විරුඩන්ලා ලැගුම්හල්වල සිටි බවට ජාත්‍යන්තර කතා අප අසා ඇත. ගැබ්බර මරියා සහ ජෝසප් ජන සංගණනයකට පෙනී සිටිනු පිණිස ගලීලයේ නාසරෙත් සිට යුදයේ බෙත්ලෙහෙමට එන අතර එහි තිබූ සියලුම ලැගුම්හල් පිරී ඉතිරී තිබුණු නිසා තානායමක පිළකන්නේ තිබූ ගව මඩුවක තම බිළිඳා බිහි කර ගව ඔරුවක බහා යේසුස්‌ යන නම තැබූ බව ඉතිහාසය පවසයි.

ගවලෙන් සහ අම්බලම් වලින් එහාට ගොස්‌ ඇති වර්තමාන සමාජයේ අද නවාතැන් පළවල් වී ඇත්තේ හෝටල් කාමර හෙවත් ලැගුම්හල් යෑයි මා කීවොත් බොහෝ දෙනකු මා සමග එකඟ වනු ඇත. රෙස්‌ට්‌ හවුස්‌, ඉන්, රෙස්‌ට්‌, ලො-, ගෙස්‌ට්‌ හවුස්‌, මොටෙල්, හොටෙල්, රූම්ස්‌, විලා, තානායම් ආදී විවිධ නම් වලින් හැඳින්වෙන මේ තාවකාලික ලැගුම්හල් නම් කතා කළ යුතුම මාතෘකාවකි.

ලංකාවේ ඇති ලැගුම්හල් සංස්‌කෘතිය ගැන හදාරා ඒ ගැන ලිපියක්‌ ලියන ලෙස මෙයට වසර දෙකකට පමණ පෙර මාව දිරිමත් කළේ අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගුරුතුමායි. ඒවා පිළිබඳව ඔහු අසා දැක ඇති කරුණු මෙන්ම සෘජුව ලැබූ අත්දැකීම්ද මා සමග බෙදා ගත්තා මට මතකය. කෙසේ වෙතත් කාලයක්‌ තිස්‌සේ හෝටල් කාමර, ලැගුම්හල්, ගෙස්‌ට්‌ හවුස්‌ ආදී ස්‌ථාන පන් සියයකට වඩා ප්‍රමාණයක්‌ ඇසුරු කොට රිංගා, කා රස (තිත්ත) බලා සොයා දැක දැන ගත් කරුණු සමග අද සමාජ විමර්ශන ලිපිය තුළින් කලකට පසු මම ඔබ වෙත එන්නෙමි.

තාවකාලික නවාතැන් ගැනීම සඳහා ලැගුම්හල් වෙත යන පුද්ගලයන් මෙසේ අපට වර්ග කළ හැක.


* විනෝද චාරිකා හෝ වන්දනා නඩ ලෙස යන පවුලේ සාමාජිකයන් හෝ මිතුරු කණ්‌ඩායම්.
* නගරයෙන් බැහැරව ගොස්‌ වෙළ¹මේ යෙදෙන සේල්ස්‌මන් ලා හෝ සේල්ස්‌ රෙප්ලා.

* දෙස්‌ විදෙස්‌ සංචාරකයන්, ගවේෂකයන්, විමර්ශකයන් සහ දේශාටකයන්.

* රාජකාරී කටයුතු සඳහා නගරයෙන් බැහැරව යන නිලධාරීන් සහ සේවකයන්.

* මධු සමය ගත කිරීමට යන නව මංගල ජෝඩු.

* ගණිකාවන්, සහකාරියන් සොර අඹුවන් වැනි අය සමග කම් සැප වීඳීමට රිසි සල්ලාලයන්.

* අනියම් සබඳතා ඇති හෝර ජෝඩු සහ සමලිංගික සේවනයේ යෙදෙන පිරිමි හෝ ගැහැනු.

* සමාජයෙන් වෙන්ව සමීපව කාලය ගත කිරීමට කැමැති පෙම්වතුන්.

මේ අය අතරින් ලැගුම්හල් වෙත ඇදෙන අයගෙන් වැඩි ප්‍රතිශතයක්‌ වන්නේ අසම්මත ප්‍රේමවන්තයන්, හොර ජෝඩු සහ යොවුන් පෙම් යුවළවල් බව අද වැඩිදෙනා දන්නා සත්‍යයකි. දෙවැනි කණ්‌ඩායම වන්නේ වෙළෙඳ නියෝජිතවරුන් හෙවත් සේල්ස්‌ රෙප් ලා බව අප කළ සමීක්‍ෂණවලදී හෙළිවිය.


 

No comments:

Post a Comment