Sunday 17 November 2013

කොලබ නගරාධිපති එ.ජා .ප නායකයන් හමුවේ අඩා වෙටෙයි.

කොළඹ කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා අද පස්වරුවේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සඳහන්වේ.

'' කොළඹ නගරයේ නගරාධිපතිවරයා ලෙස නිල වශයෙන් පොදු රාජ්‍ය මණ්ඩල නායකත්ව සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගීවීම සඳහා පක්ෂ නායකත්වයෙන් මම කලින් අවසර ලබා ගතිමි. එම අවසරය මා හට ලබා දෙන අවස්ථාවේදී අදාළ සමාරම්භක උත්සවයට සහභාගීවීමට එක්සත් ජාතික පක්ෂය ද තීරණය කර තිබුණි. 'එහෙත් ඉකුත් 13 සහ 14 යන දිනවල එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වූ ‘සිරිකොත’ ඉදිරිපිට ආණ්ඩුවේ සංවිධානාත්මක පිරිසකගේ මෙහෙයවීමෙන් පක්ෂ නායක ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ වාහනයට පහර දීම ඇතුළුව සිදු කළ අශෝභන ක්‍රියා නිසා පක්ෂ නායකත්ව මණ්ඩලය පක්ෂයේ මුල් තීරණය වෙනස් කරමින් පොදු රාජ්‍ය මණ්ඩල නායක සමුළුවේ සමාරම්භක උත්සවයට පවා සහභාගී නොවිය යුතු බවට තීරණය කරන ලදී.

කෙසේවෙතත්, ඉකුත් 14 දා ලබා දුන් නායකත්ව මණ්ඩලයේ එම තීරණය, කොළඹ නගරයේ ප්‍රධාන පුරවැසියා ලෙස නිල වශයෙන්වත් මා එම සමාරම්භක උත්සවයට සහභාගීවීම වළක්වන බවට මම කල්පනා නොකළෙමි. එසේම කොළඹ නගරාධිපතිවරයා වශයෙන්වත් එම උත්සවයට මා සහභාගීවීම නොකළ යුතු බවට මා වෙත කිසිදු දැනුම් දීමක් ද සිදු කර නොතිබුණි.

එබැවින්, එම සමාරම්භක උළෙලට සහභාගීවීම සඳහා පක්ෂ නායකත්වයෙන් කලින් ලබා ගත අවසරය වලංගු බවට සද්භාවයෙන්ම කල්පනා කරමින්, එම උත්සවය සඳහා මම කොළඹ නගරාධිපතිවරයා ලෙස නිල වශයෙන් සහභාගී වුනෙමි.

එසේ වුවද, මාගේ එම සහභාගීත්වය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයත්, නායකත්ව මණ්ඩලයත්, ගරු නායකතුමාත් දැඩි අසීරුතාවකට පත්ව ඇති බව දැන් මා හට පෙනී යයි. එබැවින් ඒ සම්බන්ධයෙන් මා බලවත් ලෙස කණගාටු වන අතර එය ගරු නායකතුමාටත්, නායකත්ව මණ්ඩලය සහ පක්ෂයටත් මෙසේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමි.''


ඒ. ජේ. එම්. මුසම්මිල්
කොළඹ නගරාධිපති
2013 නොවැම්බර් 16 දින.

No comments:

Post a Comment