Tuesday 19 November 2013

චිත්‍රපටි සංස්ථාවේ ලොක්කා යකා නටා ,සුද්දන් හමුවේ නොන්ඩි වෙයි..

අද (19) යුරෝපීය සංගම් නියෝජිත කාර්යාලයේ පැවැති 2013 යුරෝපීය චිත්‍රපට උළෙලේ මාධ්‍ය හමුවට සහභාගිවීමට පැමිණි චිත්‍රපට සංස්ථාවේ සභාපති අශෝක සේරසිංහ මහතාට අදාල පරිශ්‍රයට ඇතුළුවීමට පැනනැගුණු ආරක්ෂක බාධාවක් හේතුවෙන් ඔහු යකා නටා ඇතැයි වාර්තා වේ.
යුරෝපීය සංගම් නියෝජිත කාර්යාලයේ ආරක්ෂක අංශයට අශෝක මහතා පැමිණෙන බව දන්වා නොතිබූ බැවින් ඔහුට එම පරිශ්‍රයට ඇතුළුවීමට අවසර දිය නොහැකි බව එහි ආරක්ෂක නිලධාරීන් දැන්වීමත් සමග සේරසිංහ මහතා එම ආරක්ෂක නිලධාරීන්ට බැන වැදී තිබේ.
"මම කවුද කියල දන්නවද ? මම අශෝක සේරසිංහ චිත්‍රපටි සංස්ථාවෙ සභාපති. අපේ රටේ තියෙන තැනකට ඇතුළු වෙන්න මට කාගෙවත් අවසර ඹ්න නැහැ. මේ අපේරට. මම දැන් ටිකකට කලින් ජනාධිපති මන්දිරයට ගියා. ඒකට යනකොටවත් එහි ආරක්ෂකයො මෙවගේ කළේ නැහැ" යනුවෙන් කියමින් සේරසිංහ මහතා එහි සිටි ආරක්ෂකයන්ට බැන වැදී ඇත.
පසුව එහි සිටි ආරක්ෂකයින් ඉතා කාරුණිකව පවසා ඇත්තේ අදාල මාධ්‍ය හමුව සංවිධානය කරනු ලබන අයගෙන් විමසා සේරසිංහ මහතාට ඇතුළුවීමට අවසර ලබාදීම සිදු කරන බවයි.
පසුව මට ඇතුල්වෙන්න ඕනු නැතැයි පැවසමින් සේරසිංහ මහතා පාරදිගේ බැන බැන ගිය බවද වාර්තා වේ.
ඔහුගේ මෝටර් රථය යුරෝපීය සංගම් නියෝජිත කාර්යාලය ඇතුළට නොගැනීම සම්බන්දයෙන්ද ඔහු බැන වැදුන බව මේ අතර වාර්තා වේ.

No comments:

Post a Comment