Friday 8 November 2013

මාලක සිල්වා හා දුමින්ද සිල්වා තවත් ඉහලට..,අනෙත් සිල්වලා පහලට.


senaka-de-silvaමාලක සිල්වාට හා දුමින්ද සිල්වාට සලකන විදියට සේනක සිල්වාට නොසලකන්නේ මන්දැයි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ පෞද්ගලික ලේකම් කපිතාන් සේනක හරිප‍‍‍්‍රිය ද සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කැලුම් උභයසිංහ මහතා අද අධිකරණයෙන් විමසා සිටියේය.
අද අධිකරණය හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී සේනක සිල්වා මහතගේ නීතිඥ, නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා විදෙස්ගතව ඇති බැවින් ඒ වෙනුවෙන් නීතීඥ උභයසිංහ මහතා මේ බව පැවැසීය.

මෙහිදී අධිකරණ භාරයේ ඇති සිය ගුවන්ගමන් බලපත‍‍‍්‍රය මුදා හරින්නැයි ඉල්ලා කපිතාන් සේනක හරිප‍‍‍්‍රිය ද සිල්වා මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලා ලබන දෙසැම්බර් 10 වැනිදා තීරණයක් ලබාදෙන බව මහාධිකරණ විනිසුරු කුමුදුණී වික්‍රමසිංහ මහත්මිය අද (08) නියෝග කළේය.

සිය අයහපත් සෞඛ්‍ය තත්වය වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම විදෙස්ගතවීමට සිල්වා මහතා සිය ගමන් බලපත්‍රය ලබා දෙන මෙන් අධිකරණයෙන් ඉල්ලා මේ වන විට මාස 17 වෙයි.

නීතීඥ උභයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ සේනකගේ රෝගී තත්ත්වය අනුව ඔහුට ප්‍රතිකාර ලබා ගැනීමට එංගලන්තයට, ඕස්ට්‍රේලියාවට හෝ සිංගප්පූරුවට යාම අත්‍යවශ්‍ය බවයි.

දෙසැම්බර් 10 වන දිනට අදාල තත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැදවීමටද විනිසුරුවරිය නියෝග කළාය.මීට අමතරව අදාල නඩුව විභාගයට ගැනීම ලබන මාර්තු 17 වැනිදා සිදු කෙරේ.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා අධිකරණය හමුවේ එදිනට පෙනී සිටිය යුතු නැතැයිද විනිසුරුවරිය කීවාය.

සිය ගුවන්ගමන් බලපත‍‍‍්‍රය මුදා හරින්නැයි අභියාචනාධිකරණයෙන් සේනක මහතා කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලා තීරණයක් ලබාදීමට අවශ්‍ය කටයුතු කිරීමට අභියාචනාධිකරණය විසින් මහාධිකරණයට පැවරීමෙන් පසුව මෙම නඩුව විභාග වේ.

අදාල නියෝගය කරනු ලැබුවේ අභියාචනාධිකරණ විනිසුරුවන් වන සිසිර ද ආබෲ සහ ටී. කේ. චිත‍්‍රසිරි යන දෙදෙනා හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීය.

මෙම නඩුව ඉකුත් වසරේ නොවැම්බර් 22 වැනිදා කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපති විනිසුරු එස්. ශී‍‍්‍ර ස්කන්ධරාජා මහතා තමාට මේ නඩුව ඇසීමට නොහැකි බවත් සේනක මහතාට ඇපදුන් විනිසුරුවන් වන සිසිර ද ආබෲ සහ ටී.කේ. චිත්‍රසිරි යන අභියාචනාධිකරණ විනිසුරුවන් හමුවේ මෙය විභාග කරන ලෙසද වරක් දන්වනු ලැබීය.
senaka-de-silva sf

අදාල නඩුව තමාට විභාග කළ නොහැකි බව පවසමින් අභියාචනාධිකරණ විනිසුරු දීපානි විජේසුන්දර මහත්මිය ඉන් ඉවත්වීමෙන් පසුව මෙම නඩුව විභාග කිරීම තමා විසින්ම සිදුකරන බව ඊට පෙර ස්කන්ධරාජා මහතා විවෘත අධිකරණයේදී ප‍‍්‍රකාශ කර තිබනි.

මෙම නඩුව දස වතාවක් විභාග කිරීම කල් ගිය අතර එසේම නඩුවාර තුනකදී විරෝධතා ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව කල් ඉල්ලා තිබිනි.

මේ අනුව සේනක මහතාගේ ගමන් බලපත‍‍‍්‍රය මුදා හැරීම තවදුරටත් කල් ගියේය.

ඉකුත් ජනාධිපතිවරණ සමයේදී, පොදු විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකා හා ඔහුගේ ලේකම් යුද හමුදාවේ විශ‍‍‍්‍රාමික කපිතාන්වරයෙකු වන සේනක ද සිල්වා මහතා හමුදාවෙන් පැන ගිය සෙබළුන් 10 දෙනෙකුට නවාතැන් හා වැටුප් ලබා දී ඔවුන් රාජපාක්ෂිකභාවයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම යන චෝදනාව යටතේ කොළඹ මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී.

මෙම චෝදනාව යටතේ සේනක ද සිල්වා මහතා වසරකට වැඩි කාලයක් සිරභාරයේ තබාගෙන සිටි අතර පසුව ඇපමත මුදාහරිනු ලැබුවද ඔහුගේ ගුවන් ගමන් බලපත‍‍්‍රය අධිකරණය භාරයේ රදවා ගනු ලැබිය.
කපිතාන් සේනක හරිප‍‍‍්‍රිය ද සිල්වා මහතා මෝසමක් මගින් සිය ගමන් බලපත‍‍්‍රය ඉල්ලා සිටියේ වෛද්‍ය ප‍‍්‍රතිකාර සදහා විදේශගතවීම සදහාය.

No comments:

Post a Comment