නීතිය කාටත් පොදු විය යුතුය. සමාන විය
යුතුය. සියළු දෙනාට සමාන සාධාරණයක් ඉටු වෙන්නේ එවිටය. සමාජයේ සංහිදියාවක්
ඇති වීමට සියළු දෙනාටම සමාන සාධාරණයක් ඉටුවීම අත්‍යවශ්‍යය.
එහෙත් රටේ එක් එක් ජන කොටස් වලට වෙන් වෙන් වශයෙන් බලපාන නීති ඇතිවූ කල ඉහත කී සමාන සාධාරණය ඇති වන්නේ නැත. රටේ සාමාන්‍ය නීතියට එක් එක් ජන කණ්ඩායම් වල ආගමික අවශ්‍යතාවය මත ආගමික නීති වලින් කොටස් එක් කිරීම නිසා වෙන්නේ මෙයයි. මෙයින් අදහස් කරනුයේ දැනට මේ රටේ නීති පද්ධතියට මුසල්මානු ජාතිකයින්ට අවශ්‍ය පරිදි ශාරියා නීතියේ කොටස් එකතු කර නීතින් සම්මත කිරීමෙන් අනෙකුත් ජාතින්ට සිදුවන අසාධාරණයත්, ඒ නීතිය යටතේ සිදු කෙරෙන මානව හිමිකම් උල්ලංඝනයත් පෙන්වා දීමටය.
ලංකා විවාහ නීතියට එක් කර ඇති මුස්ලිම් විවාහ නීතිය යටතේ ඇති එක් එක් කරුණු රටේ පිළිගත් නීතියට සපුරා පටහැනි වනුයේ කෙසේදැයි අපි මෙයින් පෙන්වා දෙන්නෙමු.
1. එක්සත් ජාතින්ගේ ළමා හිමිකම් ප්‍රඥප්තියට ලංකාවද එකග වී අත්සන් තබා තිබේ. එහි දැක්වෙන අන්දමට අවුරුදු 18ට අඩු ඕනෑම කෙනෙක් ජාති ආගම් කුල භේදයකින් තොරව ළමයෙකු වශයෙන් හැදින්වෙයි.
රටේ පවත්නා නීතිය යටතේ අවුරුදු 18ට අඩු කෙනෙකු, (විශේෂයෙන් අවුරුදු 16ට අඩු කෙනෙකු) සමග කැමැත්ත ඇතිව හෝ නැතිව කෙරෙන ලිංගික ප්‍රවේශයකදී එය ස්ත්‍රි දූෂණයක්/ ළමා අපචාරයක් වශයෙන් සැලකෙයි. රටේ පවත්නා නීතියට අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 365 (ආ) 2 වගන්තිය යටතේ එවැන්නක් සිදු කරන අයෙකුට අවුරුදු 10 කට නොඅඩු 20කට නොවැඩි කාලයක් බරපතල වැඩ ඇති සිර දඩුවමක් නියම වෙයි.
එහෙත් මුස්ලිම් විවාහ නීතිය යටතේ විවාහ වීමට නිශ්චිත වයසක් නොදැක්වෙන අතර අවුරුදු 12ට අඩු දැරියකට වුවද කාති වරයාගේ අවසරය මත විවාහ විය හැකිය.
ඒ අනුව බලන විට ළමා අපචාරයට හෝ බාල වයස්කාර ස්ත්‍රී දුෂණයට මුසල්මානු ජාතිකයින්ට නීතිය ක්‍රියාත්මක වනුයේ වෙනත් ආකාරයකටය.
අනෙක් පැත්තෙන් බලන විට රටේ නීතින් යටතේ අනෙක් ජාතින්ට අයත් දරුවන් හා කාන්තාවන් ලබන රැකවරණය ලබන්නට මුසල්මානු දැරියන්ට අවසරය නැත.
2. ලංකාවේ සාමාන්‍යෙයන් පවතින නීතිය යටතේ පවතින් විවාහය අවලංගු නොකර දෙවන විවාහයක් සිදු කර ගැනීමද නීතිය විසින් නොපිලිගනී. (විවාහ හා දික්කසාද ආඥා පණතේ 18 වන වගන්තිය).
එවැනි අවස්ථාවකදී එය බහු විවාහයක් ලෙසින් සැලකෙන අතර එම වරද කරන්නෙකුට දණ්ඩ නීති සංග්‍රහයේ 362 (බී) සහ 362 (සී) වගන්ති යටතේ දඩුවම් ලැබෙයි.
එහෙත් මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ 44 වගන්තිය යටතේ බහු විවාහ වලට අවසරය දී ඇත.
එවිට, මුසල්මානුවන් එවන් දෙයක් කළ විට වරදක් නොවන කල්හි එය වරදක් ලෙසින් සලකමින් රටේ අනෙකුත් ජාතීන් වල අයට දැඩි දඩුවම් ලබා දීමෙන් නීතිය සැමටම පොදු නොවන තත්වයක් මතු නොවන්නේද?
එක් අයෙකුට නීතිය උල්ලංඝනය කරන්නට මුළුමනින් අවසර තිබෙද්දී තවකෙකුට ඒ වරදටම නීතියෙන් දඩුවම් දීම කරන්නේ කෙසේද?
එසේම රටේ එක් ජන කොට්ඨාශයකට පමණක් තවත් නීතියක් අවශ්‍ය වන්නේ ඇයිදැයි මෙහිදී විමසිය යුතුය. එයින් කියවෙන්නේ රටේ පවතින නීතිය ඔවුන්ට පිළිගත නොහැකි බව නොවේද? රටේ නීතියට ඔවුන් එකග නොවන බව නොවේද? රටේ නීතියට එකග නොවන්නන්ට ඒ නීතිය අභිබවා යන්නට ඉඩ සලසමින් ඔවුනට අවශ්‍ය ආකාරයේ නීති පනවා දීම නීතිය උල්ලංගනය කරන්නට ලබා දෙන නීතිමය අවසරයක් වැනිය.
එය අපේ රට කරවන ඇත්තන්ට නොතේරෙන්නේ ඇයි?
උපුටා ගැනීම: චරපුරුෂ ෆේස්බුක් පිටුවෙන්

No comments:
Post a Comment