Tuesday 13 August 2013

ඬේව් වට්මෝර්ගේ කොන්ත‍්‍රාත් කාලය දීර්ඝ නොකරයි

පාකිස්තානයට වට්මොර් එපා වෙයි.ලබන වසරේ මාර්තු මාසයේ දී දෙවසරක කොන්ත‍්‍රාත් කාලය අවසන්වීමෙන් පසු සිය ජාතික පුහුණුකරු ඬේව් වට්මෝර්ගේ කොන්ත‍්‍රාත් කාලය දීර්ඝ නොකරන බව පාකිස්තාන කි‍්‍රකට් පාලක මණ්ඩලය පවසනවා. මේ අනුව මීළඟ ආසියානු කුසලාන තරගාවලිය සහ අයි.සී.සී. විස්සයි විස්ස තරගාවලිය සඳහා පාකිස්තානයට නව පුහුණුකරුවෙකු පත් කෙරෙනු ඇති. 2012 වසරේ මාර්තු මාසයේ දී පාකිස්තාන කි‍්‍රකට් පිළේ පුහුණුකරු තනතුර භාර ගත් පසු වට්මෝර් යටතේ පාකිස්තාන කි‍්‍රකට් කණ්ඩායම විශිෂ්ඨ දස්කම් දැක්වීමට සමත් වුණා.

No comments:

Post a Comment