Thursday, 18 July 2013

ඉගිල්ලෙන මාළුවෝ ” චිත්‍රපටය මෙන්න…


එම චිත්‍රපටයේ ද්‍රෝහීත්වය වටහා ගැනීමට ට්‍රේලර් එක නැරඹීම පමණක් ප්‍රමාණවත්ය. හමුදාව සිවිල් වැසියන්ට වෙඩි තබන බව රඟපා පෙන්වීම, සිවිල් ගම් විනාශ කර ඇති බව පෙන්වීම, දෙමළ කාන්තාවන්ව දූෂණය කරන බව රඟපා පෙන්වීම ආදි බොහෝ දේශද්‍රෝහී රූපරාමු මෙහි අඩංගුය. එමගින් “ඉගිලෙන මාළුවෝ” යනු චැනල් 4 හි දේශීයව නිෂ්පාදිත වර්ගයේ චිත්‍රපටයක් බව පැහැදිළි වෙයි. චිත්‍රපටය පුරාවටම සිද්ධාර්ත කුමාරයාට මඩ ගසන අතර, වරෙක “මමනම් දාල ගියොත් මරනවා” කියමින් ගෑණියෙක් ලවා සිද්ධාර්ත කුමාරයාට නීච ලෙස අපහාස කිරීමත් සිදු වෙයි.
“රට අපකීර්තියට පත් කොට ජාත්‍යන්තරය හමුවේ රණවිරුවන් හෑල්ලුවට ලක් කරමින් නිෂ්පාදනය කර ඇති ෆ්ලයිං ෆිෂ් හෙවත් ඉගිලෙන මාළුවෝ චිත්‍රපටය පසුපස රටට එරෙහි දැවැන්ත කුමන්ත්‍රණයක තොරතුරු හෙළි වෙයි. ප්‍රංශයේ සිට ක්‍රියාත්මක එල්. ටී. ටී. ඊ. දෙමළ ඩයස්පෝරාව මෙම නිෂ්පාදනය සමග සෘජු සම්බන්ධතා පවත්වන බවටත් තොරතුරු රැසක් අනාවරනය වෙමින් පවතී. කුමන්ත්‍රණයට සම්බන්ධ මෙරට නියෝජිතයින් පිළිබඳවද ආරක්ෂක අංශ වලින් පුළුල් පරීක්ෂණ.
කුරිරු ත‍්‍රස්තවාදීන් ගෙන් රට මුදා ගැනීම ට දිවි හිමියෙන් කටයුතු කළ වීරෝධාර රණවිරුවන් හෑල්ලූවට ලක් කරමින් රටට එරෙහි ව ජාත්‍යන්තරය තුළ වැරදි මතයක් ගොඩ නැගීම මෙම චිත‍්‍රපටයේ මූලික අරමුණවී ඇත. එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තයන් කෙරෙහි සුබවාදී මතයක් ගොඩනැගීමද ‘ඉගිල්ලෙන මාළුවන්’ ගේ මූලික ඉලක්කය වී ඇති බව චිත‍්‍රපටයේ තේමාවෙන් හොඳින්ම පැහැදිළිවෙයි.

ඉතාමත් පහත් පෙළේ ලිංගික ක්‍රියා ඇතුළත් දර්ශන යොදා ගැනීමත්, හමුදා නිළඇඳුම් දාගත් ශිල්පීන් යොදාගැනීම තුලිනුත් ජාත්‍යන්තරය තුළ හමුදාව කෙරෙහි වැරදි මතයක් ගොඩනැගීම තවත් අරමුණක් වී ඇත. ප‍්‍රංශයේ සිට ක‍්‍රියාත්මක දෙමළ ඩෑස් පෝරාවේ ප‍්‍රධාන පෙළේ සංවිධානයක් නිෂ්පාදන කටයුතු වළට සෘජුවම දායක වී ඇතැයි විශ්වාසවන්ත තොරතුරු හෙලිකර සිටී.
ත‍්‍රිකුණාමලයේ උපත ලැබුවායැයි කියන, දැනට රටින් පිටවගොස් විදේශ රටක සිටින, රටට එරෙහි දෙස් විදෙස් රාජ්‍ය නොවන ජාලය සමග මුදලට සේවය කරණ සංජීව පුෂ්පකුමාර නැමැත්තා මෙහි චිත‍්‍රපට අධ්‍යක්‍ෂ වරයා ලෙස කටයුතු කර තිබේ.
2011 වසරේ නිෂ්පාදනය කර ඇති Flying Fish හෙවත් ‘ඉගිල්ලෙන මාළු’ චිත‍්‍රපටය ප‍්‍රදර්ශණය අනුමැතිය සඳහා 2012දී රැගුම්පාලක මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. එහෙත් චිත‍්‍රපට උළෙලක් සඳහා රැගුම්පාලක මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ 2013 වසරේ පෙබරවාරි 21දිනය . එය කෙළඹ ජාත්‍යන්තර බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ ප‍්‍රදර්ශණය කරණු ලැබූවේ පසුගිය 11 දිනදීය. රැගුම්පාලක මණ්ඩලය මෙම චිත‍්‍රපටය ප‍්‍රදර්ශණය කිරීම සඳහා අවසර දුන්නේ චිත‍්‍රපට උළෙලක ප‍්‍රදර්ශණය සඳහා පමණක් බව එහි සභාපති ගාමිනී සුමනසේකර මහතා පැවසීය.
කෙසේ නමුත් මෙහි ඇති හමුදාවන්ට එරෙහි ක‍්‍රියාදාමයනුත්, එල්.ටී.ටී.ඊ ත‍්‍රස්ත හිතවාදී තේමාවත්, දැඩි ලිංගික ක‍්‍රියාවලියනුත් රැගුම්පාලක මණ්ඩලයෙන් අනුමත කෙරුනේ කුමන පදනමක් මතද යන්න ආරාධිතයින් ලෙස මෙම චිත‍්‍රපටය නැරඹූ බෙහෝ දෙනෙකුට ප‍්‍රශ්නයක් වී ඇත. අදාල චිත‍්‍රපටයේ පිටපතක් රැගුම් පාලක මණ්ඩලය සතුව නැති වීමද ප‍්‍රශ්නයක් වී තිබේ. ගාමිනී සුමනසේකර මහතා මේ සම්බන්ධයෙන් කියා ඇත්තේ චිත‍්‍රපට උළෙලක් සඳහා පමණක් ඉදිරිපත් කරණ චිත‍්‍රපට යක පිටපතක් තබාගැනීම අවශ්‍ය නොවන කාරණයක් බවයි.
රටට එරෙහි කුමන්ත‍්‍රණකාරී චිත‍්‍රපටය පිළිබඳවත්, චිත‍්‍රපටය ට අදාළ හමුදා නිළ ඇඳුම් සඳහා අවසර ලබා නෙගෙන කළ නීතිවිරෝධී ක‍්‍රියාව පිළිබඳවත්, මේ වනවිට ආරක්‍ෂක අංශ විසින් පුළුල් පරීක්‍ෂණයන් පවත්වමින් ඇති බව ආරක්‍ෂක ආරංචි මාර්ග සණාථ කර සිටී.
මේ අතර ප්‍රංශ තානාපති කාර්යාලය හා කෝට්ටේ ඇලියොන්ස් ප්‍රොන්සි ආයතනය හා ඒකාබද්ධව සංවිධානය කර තිබූ ප්‍රංශ සිනමා දැක්ම අවලංගු කිරීමට තීරණය කළ බව බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ පදනමේ අධ්‍යක්ෂක මණ්ඩලය කියා සිටී.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී රටට එරෙහි මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් අධක්‍ෂ මණ්ඩලය මහජනතාවගෙන් සහ රුදුරු ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගත් වීරෝධාර රණවිරුවන්ගෙන් මේ වනවිට සමාව ඉල්ලා ලිඛිත ප‍්‍රකාශයක් නිකුත් කර තිබේ.

රටටත් රට රැක ගත් රණවිරුවනුත් හෑල්ලුවට ලක් කරමින් එමෙන්ම රටේ සභ්‍යත්වය සදාචාරය කෙළසමින් පහත් පෙළේ ලිංගික දර්ශන ඇතුළත් මෙවැනි චිත්‍රපටයක්, ප්‍රදර්ශන උළෙලේදී එහි පළමු පිටපත එහි අධ්‍යක්ෂක වරයා වන සංජීව පුෂ්පකුමාර නැමැත්තාගේ මවට පිරිනැමීමද එම මවට කරන ලද දැඩි අපහාසයක් ලෙස එය නැරඹූ බොහෝ දෙනෙකුගේ චෝදනාවට ලක් වී ඇත.”
ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් මීට පෙර සිටම ඔවුන්ට ඇත්තේ නරක ප්‍රතිරූපයකි. ඒ ගැන රජය අවධානය යොමු කළ යුතු වෙයි. ඉගිලෙන මාළුවෝ තහනම සමගම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ලංකාඊනිවුස්, බීබීසී ආදී දේශද්‍රෝහීන්ගේ නොනවතින අඳෝනාවෙන් පෙනී යන්නේ එම චිත්‍රපටයේ භයානක අරමුණයි.

No comments:

Post a Comment