Thursday 3 October 2013

සුගලා දේවියගේ සොහොන පුපුරුවලා.

නිදන් හොරු සුගලා දේවියගේ සොහොන කඩා රන් අබරණ පැහැරගෙන
නිදන් හොරු සොයා පොලිස් පරීක්ෂණ
දේහය තැන්පත් කර තිබූ විශාල ගල් පර්වතය පුපුරුවලා
දේහය තිබූ ගල් පෙට්ටිය කැලෑවේ දී පුළුස්සති
ගල් කොරියක් පවත්වාගෙන ගිය අයෙක් ගැන සැක

පොළොන්නරුව රාජධානියේ පරාක්‍රමබාහු රජ සමයේ විසූ සුගලා දේවියගේ දේහය තැන්පත් කර තිබූ විශාල ගල් පර්වතය පුපුරුවා හැර දේහයේ තිබූ ස්වර්ණාභරණ පැහැරගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ අරඹා ඇත.

මහවැලි “සී” කලාපයේ මීවත්පුර ගම්මානයේ විශාල ගල් පර්වතයක් මත සුගලාදේවියගේ දේහය ගල් ගුහාවක තැන්පත් කොට තිබූ බව පැවසෙන අතර, එය ගඩොල් බිත්තියකින් ආවරණය කර තිබූ බවට තොරතුරු හෙළිවී තිබේ.

මීවත්පුර ප්‍රදේශයේ ගල්කොරියක් පවත්වාගෙන යන මුවාවෙන් මේ දේහය සොයාගෙන ඇති අතර, අඩි 8ක් පමණ දිගින් යුත් ගල් පෙට්ටියක සුගලාදේවියගේ දේහය තිබූ අතර, එය වනාන්තර පෙදෙසකට ගෙන ගොස් පුළුස්සා දමා ඇතැයි පොලිසියට තොරතුරු ලැබී ඇත.

මේ දේහයේ රනින් කරන ලද ස්වර්ණාභරණ තිබූ බව පැවසෙන අතර, ඒවා කිසියම් පිරිසක් පැහැරගන්නට ඇතැයි විශ්වාස කෙරේ.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත් කුමාර ජෝසප් මහතාගේ උපදෙස් පරිදි පොළොන්නරුව කොට්ඨාසයේ පුරාවිද්‍යා ආරක්ෂක ඒක‍කයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී එදිරිසිංහ, කේ. ඒ. ඩී. වසන්ත, ඩබ්ලිව්. එම්. එස්. බී. හේවගේ, ආර්. ඇම්. අබේවංශ, දිලිප් කුමාර නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

(පොලිසිය පරීක්ෂණ පවත්වමින්... සොහොන තිබූ පර්වතය විනාශ කර ඇති අයුරු... )
 
ගාමිණී ඔබේසේකර - පොළොන්නරුව විශේෂ-ඡායාරූප - ගාමිණී ඔබේසේකර

No comments:

Post a Comment