Thursday 3 October 2013

-විවාහය කඩා දැම්මාට නැන්දම්මා හා නෑනා මරන්න කානු 6ක ____________තුවක්කුවක් හදලා




Target-news -විවාහය කඩා දැම්මාට නැන්දම්මා හා නෑනා මරන්න කානු 6ක ____________තුවක්කුවක් හදලා
 
Man makes a multi-barrelled handgun to kill wife

බිරිය, නැන්දණිය සහ නෑනාට වෙඩිතබා ත්‍රිපුද්ගල ඝාතනයක් සිදු කිරීමේ සැලැසුමක්  ක්‍රියාත්මක කිරීමට මල්ටි බැරල් ගිනි අවියකට සමාන ගිනි අවියක් නිපදවා ඇති සැකකරුවකු ගිනි අවියද  සමඟ හංවැල්ල ප්‍රදේශයේදී මිරිහාන විශේෂ පොලිස් විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.මේ ගිනි අවිය නිපදවා  තිබෙන්නේ කුඩා ප්‍රමාණයේ බැරල් හයක් එකට  සම්බන්ධ කර ඒවාට වෙඩි බෙහෙත් දමා කුඩා ප්‍රමාණයේ බැටරි කෑලි දෙකකින් විදුලි බලය  ලබාගෙන වෙඩි උණ්ඩ හයක් පිටකළ හැකි අයුරිනි.
 
 මෙවැනි ගිනි අවියක් හමුවූ ප්‍රථම අවස්ථාව බවද පොලිසිය පවසයි. සැකකරුගේ විවාහය බිඳ දමා  ඇතැයි කියන නැන්දණිය සහ බිරියගේ නැඟණියත් දැනට ඔහුගෙන් වෙන්වී සිටින බිරියත් ඝාතනය කිරීම සඳහා මේ ගිනි අවිය  නිපද වූ බව සැකකරු පොලිසියට පවසා ඇති බව  පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙක් ‘මව්බිම’ට පැවැසීය.
 සැකකරු විදුලි බලයෙන් ගල්කඩන ස්ථානයක සේවය කළ අයකු බවද හෙළි වී තිබේ.
 
මේ ගිනි අවිය  නිපදවා පෙරහුරුවක් ලෙස එයින් අහසට වෙඩි තබා තිබේ.එම සිද්ධිය දැක ඇති අසල්වාසියකු ඒ පිළිබඳව බස්නාහිර දකුණු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාට රහසිගතව දන්වා ඇති අතර  ඒ අනුව මිරිහාන විශේෂ පොලිස් විමර්ශන අංශයේ ස්ථානාධිපති නිමල් කරුණාරත්න මහතා සමඟ විශේෂ පොලිස් කණ්ඩායමක් හංවැල්ල ප්‍රදේශයට යවා ඇත.
 
 එම පොලිස් කණ්ඩායම හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේ සැකකරුගේ නිවෙස අසල  සැඟවී සිට ඔහු නිවෙසේ සිට ගිනි අවිය රැගෙන එද්දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
 ගිනි අවිය  නිපදවීම සඳහා යොදාගත් ස්ථානය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා දින 3ක් සඳහා වූ රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය කටයුතු යොදා ඇත.                       

An individual, who planned to kill his mother-in-law and wife, by shooting them with a locally-produced multi-barrelled handgun, was arrested by the Mirihana Police Special Investigation Unit.
 
According to the police, the weapon was made with six small barrels joined together, into which ammunition can be loaded, and with the use of the power of two batteries, six bullets can be fired.
 
A high ranking police officer speaking to Ceylon Today said, during investigations, the suspect revealed that he had made the weapon to kill his mother-in-law, who is supposed to have broken his marriage, his sister-in-law and the wife, who is now separated from him. The suspect had worked in a quarry where he had gained the experience of using battery electricity for the breaking of metal, the police added.
 
The suspect, after putting together the weapon, had tested it by firing into the air. A neighbour, who saw the firing, had secretly informed the South-Western Division DIG, Sumith Edirisinghe, who had then dispatched the OIC of the Mirihana Police Special Investigation Unit with a team of officers to Hanwella.
 
The police team had been lying in wait near the house of the suspect at Diddeniya, Hanwella, and had arrested him when he came out of the house with the firearm.
 
The police are taking steps to detain the suspect for three days in order to further investigate the place where the suspect had allegedly made the weapon.
 
Further investigations are being conducted under the supervision of DIG Edirisinghe.


Anura S. Liyanage Target-news -ප්‍රෙමලාල් විජේරත්න-Friday, Oct 4 2013

බිරිය, නැන්දණිය සහ නෑනාට වෙඩිතබා ත්‍රිපුද්ගල ඝාතනයක් සිදු කිරීමේ සැලැසුමක් ක්‍රියාත්මක කිරීමට මල්ටි බැරල් ගිනි අවියකට සමාන ගිනි අවියක් නිපදවා ඇති සැකකරුවකු ගිනි අවියද සමඟ හංවැල්ල ප්‍රදේශයේදී මිරිහාන විශේෂ පොලිස් විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.මේ ගිනි අවිය නිපදවා තිබෙන්නේ කුඩා ප්‍රමාණයේ බැරල් හයක් එකට සම්බන්ධ කර ඒවාට වෙඩි බෙහෙත් දමා කුඩා ප්‍රමාණයේ බැටරි කෑලි දෙකකින් විදුලි බලය ලබාගෙන වෙඩි උණ්ඩ හයක් පිටකළ හැකි අයුරිනි.

මෙවැනි ගිනි අවියක් හමුවූ ප්‍රථම අවස්ථාව බවද පොලිසිය පවසයි. සැකකරුගේ විවාහය බිඳ දමා ඇතැයි කියන නැන්දණිය සහ බිරියගේ නැඟණියත් දැනට ඔහුගෙන් වෙන්වී සිටින බිරියත් ඝාතනය කිරීම සඳහා මේ ගිනි අවිය නිපද වූ බව සැකකරු පොලිසියට පවසා ඇති බව පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරු විදුලි බලයෙන් ගල්කඩන ස්ථානයක සේවය කළ අයකු බවද හෙළි වී තිබේ.

මේ ගිනි අවිය නිපදවා පෙරහුරුවක් ලෙස එයින් අහසට වෙඩි තබා තිබේ.එම සිද්ධිය දැක ඇති අසල්වාසියකු ඒ පිළිබඳව බස්නාහිර දකුණු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාට රහසිගතව දන්වා ඇති අතර ඒ අනුව මිරිහාන විශේෂ පොලිස් විමර්ශන අංශයේ ස්ථානාධිපති නිමල් කරුණාරත්න මහතා සමඟ විශේෂ පොලිස් කණ්ඩායමක් හංවැල්ල ප්‍රදේශයට යවා ඇත.

එම පොලිස් කණ්ඩායම හංවැල්ල දිද්දෙණිය ප්‍රදේශයේ සැකකරුගේ නිවෙස අසල සැඟවී සිට ඔහු නිවෙසේ සිට ගිනි අවිය රැගෙන එද්දී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ගිනි අවිය නිපදවීම සඳහා යොදාගත් ස්ථානය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා දින 3ක් සඳහා වූ රැඳවුම් නියෝග ලබා ගැනීමට පොලිසිය කටයුතු යොදා ඇත.

No comments:

Post a Comment