ලැගුම්හල් සංස්‌කෘතිය ලිපිය 03
ලංකාවේ ඇති ලැගුම්හල් සංස්‌කෘතිය ගැන හදාරා ඒ ගැන ලිපියක් සමාජ විමර්ශනය තුළින් ඔබ වෙත එන්නෙමි
පිළියන්දල බොල්ගොඩ පාරේ හෝටල් ගොන්න පැත්තට හැරෙන හන්දියේ වීල් පාක් එකේ වාහනේ ගහගෙන ඉන්න සුදු කියන පරිදි කාමර සහ ත්‍රිරෝද රිය අතර ඇත්තේ මහා සමීප සබඳතාවයකි. එය අපි ඇස් පනා පිට දැක ඇත්තෙමු. පිට නගරයේ තැනකදී හෝ බස් රියේදී අහම්බයකින් හෝ නොසිතූ අයුරින් මුණ ගැසෙන ජෝඩුවකට තම හදිසි අවශ්‍යතාවය පියවා ගැනීමට කාමරයක් අවශ්‍යවෙයි. ඒ සඳහා ඔවුන් සරණ පතා යන්නේ ළඟම ඇති ත්‍රීවීල් පාක් එකටයි. සහකාරියව බස් නැවතුමේ හෝ මදක් ඈතින් සිටුවා පාක් එකට යන පිරිමියා රියෑදුරෙක් වෙත ළංවෙයි. මෙතැනදී ඔහු තෝරා ගැනීමක්‌ද කරයි.
"අයියා හොඳ රූම් එකක් ගන්න තියෙන්නෙ කොහෙද? හැබැයි ඩිනස්‌ට් තැනක් හරිද."
මා තෝරා ගැනීමක් යෑයි කියුවේ ඔවුන් උපකාර ඉල්ලන රියෑදුරා තරුණයකු මෙන්ම මදාවි පාට නැති වැදගත් යෑයි සිතිය හැකි අයකුද වන නිසාය. නගරයේ තියෙන හෝටල් කාමර ලො-, රෙස්‌ට් ආදි සියල්ලේම ජාතකය පවා කටපාඩමින් කියන්න හැකි ඒවා ගැන අතැඹුලක් සේ දන්නා රියෑදුරා ඒ බව හාන්කවිසියක් නොපෙන්වා නළල රැලි කොට මුහුණට ගම්භිර බවක් පෙන්වා අවසානයේ "නගින්නකෝ මං එක්‌කන් යන්නං" කියා ගැහැනියවද රථයට නග්ගවා ගෙන අවශ්‍ය තැනට රැගෙන යයි, මෙහිදී රියෑදුරා කරන පළමුවැනි ක්‍රියාව වන්නේ රියට නැගුණු තරුණියගේ හෝ කාන්තාවගේ මුහුණ, ඇඟපත පෙනුම ආදිය පිරිමියාට හොරා තම වාහනේ කණ්‌ණාඩියෙන් බලමින් හොඳහැටි ස්‌කෑන් කිරීමයි.
"ආයි ඉතින් කොහේ දැක්‌කත් ඒ ඩයල් එක මට අඳුන ගන්න පුළුවන් "ඒ මොරටුව කටුබැද්දේ වීල් එක දුවන චූටී මල්ලිගේ හපන්කමයි.
තැන කොහොමද පිරිසිදුද ගාණ කීයද නිතරම සෙනගද පොලිසියෙන් පනිනවද ලයිසන් තියෙනවද ආදී ප්‍රශ්න වැලක් පිරිමියා විසින් ගමන යන ගමන් ත්‍රීවිල් රියෑදුරාගෙන් අහන්නේ සහකාරියට නෑසෙන්නය. තත්වය කෙසේ වුවත් සැම ප්‍රශ්නයටම රියෑදුරා හොඳයි, නියමයි, එළකිරි ආදී උත්තර සපයන්නේ වෙන විකල්ප නැති නිසාත් තමන්ට ලැබෙන්නට යන කොමිසන් මුදල නිසාත්ය. හොර ජෝඩු කාමර වෙත දක්‌කන ත්‍රීවිල් කරුවෝ බොහෝ විට හයර් එකට ඩබල් ගාණ කපති. එසේම ඔවුන්ට හෝටලයෙන්ද රුපියල් සියයක දෙසීයයක කමිෂන් එකක් ලැබේ. එය ලැබෙන්නේ ජෝඩුව කාමරයට ඇතුල් වුණාට පසුව බව මම නිරීක්‍ෂණය කර ඇත්තෙමි.
ජෝඩුව ලැගුම් හලට දාන රියෑදුරා අහන අවසන් ප්‍රශ්නය වන්නේ කීයටද මං එන්න ඕනි එක්‌කන් යන්න හෝ මං ඉන්නද එළියෙන් කියාය. ඒ තව ගාණක් කපා ගැනීමටය. මේවා හැම තැනම හැමදාම වෙන බොහෝ සරල, සුලබ දේවල්ය. සමහර ජෝඩු වලට මේවාට උත්තර දෙන්න තියා අහන්නවත් වෙලාවක්, ඉස්‌පාසුවක් නැත. උන් කාමරයට දුවන්නේ තමාට ලැබී ඇති සෑම තත්පරයෙන්ම උපරිම පල නෙළා ගැනීම සඳහාය.
කෙසේ වෙතත් කාමරයට ඇතුල් වූ සැණින් එහි ඇති ගඳට ඇඳට සහ හැඩයට නහය හකුළා ගෙන මුහුණ ඇඹුල් කරගෙන අනේ මෙයා මෙතන හැටි විතරක් චිඃ අපායක් වගේනේ අපි යමු කියා කිසිම ගැහැනියක් මට කියා නැතත් ගැහැනුන් එසේ කියනවා මා සියෑසින් දැක නැතත් නිසැකව මෙවන් කාමරයකට එන බවලතියන් එලෙස හැසිරෙන බව මට පරිකල්පනය කර ගත හැක්‌කේ ගැහැනුන්ගේ චර්යාවන් ගැන හොඳ අවබෝධයක් මා සතුව ඇති නිසාය. ඇත්ත වශයෙන්ම අප රටේ ඇති බොහෝ ලැගුම් හලකට වැදගත් ගැහැනියක් රැගෙන යාමට බැරිය. එහි ඇති ඇඳක ඇලවෙනවා තියා වාඩි වෙන්නවත් බැරිය. සමහර ඇඳන් කිරි කිරි ගායි. ඇඳ ඇතිරිලි, කොට්‌ට උර. තුවා ආදිය දුර්වර්ණ වී පඩංගු බවට පත්වී ඇත. ඇටෑච් බාත් හෙවත් යාබද වැසිකිළි යෑයි කීවාට ඒවා අන්තිම අපිරිසිදු තත්වයේ පවතී. හරිහැටි ජලය ගලා ඒමක් නැත. බිත්තිවල පුස් හෝ සෙවල ඇත්තේය. හරියට හරක් මඩු මෙනි.
"ලොක්‌ක ඔය කියන්නෙ තර්ඩ් ක්‌ලාස් රූම්ස් ගැනනේ. යන්නකො මවුන්ට් වල අහවල් පොට් එකට. එතන හරියට රජ ගෙවල් වගේ ඒසී ටීවී ඩෙක් ඩීවීඩී එක්‌කොම තියෙනව කෑම බීමත් නියමයිනේ" එසේ මට කිව්වේ දෙහිවල රත්නෙ අයියායි. ඔහු කියන කතාවේ ඇත්තක් තිබේ. නමුත් එම කාමරවල මිල ගණන් අති ඉහළය. අවම වශයෙන් පැය කීපයක් හෙවත් ෂෝට් ටයිම් එකකට රුපියල් තුන්දාහක් වත් ගෙවිය යුතුය. නයිට් එකකට හාරපන්දාහක් අය කරයි. මා කලින් විස්‌තර කළේ ජනාකීර්ණ නගරාශ්‍රිතව ඇති අවම පහසුකම් සහිත කාමර ගැනයි. ඒවා පැය කීපයක් වෙනුවෙන් අලෙවි වෙන්නේ රුපියල් හයසීයේ සිට දාහ දක්‌වා වැනි මිල ගණන්වලටය.
"වැඩි හරියක් කාමර හොයන් එන්නෙ ටියුෂන් ජෝඩු, ගාමන්ට් කෙල්ලො කොල්ලෝ, ආමිකාරයින්, පේමන්ට් බිස්‌නස්‌කාරයෝ වගේ සාමාන්‍ය අය. ඉතින් ඒ අය කොහොමද අයියෙ ලොකු ගණන් ගෙවන්නෙ. ඒ නිසා තමයි අපි පුළුවන් විදියට අඩු ගාණට කාමර දෙන්නෙ".
තානායම් හෝ ලැගුම්හල් තහනම් කරන්න යෑයි අපි කිසි වටෙකත් නොකියමු. නමුත් ඒවා ප්‍රමිතිකරණය කරන්නේනම් හොඳය. එසේ නොකළා කියා රාගික හැඟුම් උත්සන්න වූ ජෝඩු ඒවාට නොගොස් පන්සල්, පල්ලි, කෝවිල්, දේවාල යන්නේ නැත. උන් තම පුරුදු අත නාරිති. නමුත් රජය විසින් යම් පියවර ගන්නේ නම් මෙයට වඩා සදාචාරාත්මක තරුණ පරම්පරාවක් අපට සාදා ගත හැකි වනු ඇත.
අවසානයේ පැවසීමට ඇත්තේ විදින්න තිබෙන ජීවිතය විදවන්න එපා යනුවෙනි ..

No comments:
Post a Comment