Thursday 22 August 2013

මෙන්න හොරු දන්නවානම් කියන්න

මෙන්න හොරු දන්නවානම් කියන්න
පසුගිය 21 වන දින පැය 1330 ත් 1345ත් අතර කාලයේ ගම්පහ පොලිස් වසමේ අංක 49 දරණ ස්ථානයේ පිහිටි මර්චන්ට් ක්‍රෙඩිට් ඔෆ් ශ‍්‍රී ලංකා ලිමිටඞ් මුල්‍ය ආයතනයට ඇතුල් වු කොල්ලකරුවන් කණ්ඩායමක් විසින් අවි පෙන්වා එහි සේවකයින් බිය ගන්වා කාමරයක සිරකර මුල්‍ය ආයතනයේ සේප්පු තුළ තිබු රුපියල් එක්කෝටි හැට අට ලක්ෂ අසුදාස් හයසියක් පමණ වටිනා (රු168”80”600’00) ස්වර්ණාභරණ සහ රුපියල් එකොලොස් ලක්ෂ හැත්තෑනමදාස් අටසියක (රු, 1”179”800’00) ක මුදලක් කොල්ලකා පළා ගොස් ඇත.
මෙම මංකොල්ලය සිදුකරන ලද කොල්ලකරුවන්ගේ අනන්‍යතාවය මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇති බැවින්,එම මුල්‍ය ආයතනයේ තිබු CCTV කැමරා පද්ධතියේ පටිගතව තිබු කොල්ලකරුවන්ගේ ඡායාරූප පොලිස් මුලස්ථානය විසින් නිකුත් කර තිබේ.
කොල්ලකරුවන් සම්බන්ධයෙන් සාර්ථක තොරතුරු වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටි. මෙම කොල්ලකරුවන් සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් සපයන අයකුට පොලිස් දෙපාර්තමේන්තුව විසින් රුපියල් ලක්ෂ 10 දක්වා ත්‍යාග මුදල් පිරිනමනු ලබන අතර තොරතුරු ලබාදෙන්නන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරනු ලැබේ.
දුරකථන අංක :
නියෝජ්‍ය පොලිස්පති, බස්නාහිර උතුර - 0777 923922
011 2911197
පොලිස් අධිකාරි / ගම්පහ - 077 4784646
033 2222228
ස්ථානාධිපති / අපරාධ කොට්ඨාශය
බස්නාහිර පළාත උතුර - 077 3917092
3
4
6
8

No comments:

Post a Comment