ලැගුම්හල් සංස්‌කෘතිය ලිපිය 02
ලංකාවේ ඇති ලැගුම්හල් සංස්‌කෘතිය ගැන හදාරා ඒ ගැන ලිපියක් සමාජ විමර්ශනය තුළින් කලකට පසු ඔබ වෙත එන්නෙමි.
"අපි ගාවට එන අයගෙන් වැඩි දෙනා හරි අමුතු ඩයල්. ගැළපෙන්නෙම නැහැ. මාර බොරු තමයි කියාගෙන එන්නේ. ඒත් අපි දන්නවා මේ කියන්නෙ බොරු කියල. සමහරු හරියට තාත්තයි දුවයි වගේ තවත් අය අම්මයි පුතයි වගේ කියන්නත් ලැජ්ජයි ඒත් ඒක තමයි ඇත්ත. ඒ අය කියන බොරු ඇහුවම අපිට හිනාත් යනවා. බස් එක මග ඇරුණා අද රෑට මටයි අපේ නැන්දටයි නවතින්න තැනක් ඕනි. අපි මේ ළඟට ආවා ඉන්න තැනක් නැහැ. ඔය වගේ දේවල් අහල අපේ කන් පැසවලා".
මෙසේ කියන්නේ හෝමාගම පරණ පාරේ පිහිටි ලැගුම් හලක සේවය කරන මට හිතවත් කොලු ගැටයෙකි. ඔහු එම ස්‌ථානයෙහි වේටර්, රූම්බෝයි මෙන්ම රිසෙප්ෂනිස්‌ට් හෙවත් පිළිගැනීමේ නිලධාරියා යන කාර්ය තුනටම විටෙන් විට දායක වෙයි.
"එහෙම බොරු කෙළින්නෙ එල් බෝඩ් කාරයොයි, ලැජ්ජකාරයොයි. ඒත් පුරුදුකාරයෝ නම් කිසි ගාණක් නැතිව පෝවඩ් එකේ එනවා අයිඩෙන්ටිය දික් කරනවා. ඉන්න පැය ගාණ කියනව පැයකින් කාමරේට රයිස් එකකුයි කෝක් දෙකකුයි එවන්න කියනව. ගාන ගෙවනව. කෙල්ලගෙ කර වටේ අතක් දාගෙන ගෙදර යනව වගේ පඩිපෙළ නැගල කාමරේට යනවා".
ඔහු එසේ කියා නිම වෙන්නටත් කලින් එම ලැගුම්හලේ සාලය කෙළවරින් වැටී ඇති ඇන්ටික් ලෑලි තරප්පු පෙළ දිගේ නව යොවුන් යුවළක් උඩු මහලේ සිට පහළට බැස එනු මම දුටිමි. තරුණයාගේ අතේ ජංගම දුරකථනයකි. ඩෙනිම් කලිසමට උඩින් දැමූ කමිසයේ උඩ බොත්තම් දෙකම පියවා නැත. තාමත් වතුර බේරෙන දිගු කෙස් කලඹක් සහිත රූබර ළාබාල පෙනුමැති යුවතියගේ කරේ මල්ලකි. එහි ඇත්තේ පොත් කීපයක් සහ වතුර බෝතලයක් බව මට නිසැකව තේරුණි. "යන්නං කොල්ලෝ" කියා තරුණයා මගේ ගෝලයාට අත කපද්දී කෙල්ල අහිංසක ලෙස අප දෙදෙනාටම දසන් නොපෙන්වා සිනා සී බිම බලා ගත්තාය. අපේ ඒකාද "එළකිරි බොස් ගිහින් එන්න. ලබන සතියෙත් එනවනේ" කියා ඔවුන්ට ළෙන්ගතුව සමු දුනි යුවළ කවුන්ටරය පසු කර මිදුලට පය තබද්දිම ගෙවත්තේ කොහේ හෝ ගසක් යට සැඟවී සිටි ත්‍රීවිලරයක් බරාස් ගාස් ස්‌ටාට් වන හඬත් දෙදෙනා එයට ඇතුල්වූ පසු සැර දමා පිටවී යන සද්දයත් මට ඇසුණි.
"ක්‌ලාස් යන ඩබලක් බොස්. අපේ හොඳ කස්‌ටමස්‌ලා. කිසි කරදරයක් නැහැ. ඉල්ලීම් නැහැ. චෝදනා නැහැ. සතියට දෙතුන් පාරක් එනවා. අපි දැන් අයිඩෙන්ටි බලන්නෙත් නැහැ".
අප දන්නා පරිදි කාමරයක් ගැනීම සඳහා ලැගුම්හලකට ඇතුල් වෙද්දීම මුදල් ගෙවිය යුතු අතර ඒ සමගම තමන්ගේ ජාතික හැඳුනුම්පතත් කවුන්ටරය වෙත ලබා දිය යුතුය. සමහර හෝටල් කාරයෝ දෙදෙනාගේම අයිඩෙන්ටිය ඉල්ලති. මෙවැනි අවස්‌ථාවල තරුණිය හෝ කාන්තාව ඇස් උඩ යවමින් අන්දමන්ද වන බව හෝ විපරීත බවක් පෙන්නුම් කරන අයුරු මා කීප විටක්‌ම නිරීක්‍ෂණය කර ඇත. ඒ පිළියන්දල දම්පේ පාරේ පිහිටි රෙස්‌ට් එකක මා දවසේ කුලියට බිත්ති පින්තාරු කරන ගමන් කාමරයට යන එන අයගේ හැසිරීම් අධීක්‍ෂණය කරද්දීය.
"මුන් කෙල්ලගෙ අයිඩෙන්ටිය ඉල්ලන්නෙ කුපාඩිකමටයි මහත්තයෝ. මොකද කෙල්ල පාරක් වගේ පේන µdස්‌ට් කෑල්ලක් නම් පස්‌සෙ කන්ටැක් කරගන්න. එහෙම නැත්නම් ඉන්න තැන බලාගෙන ටෝක් කරන්න. ඒක නිසා මං නං කවදාවත් එහෙම තැනකට කපල් එකක් ඇඩ්මිට් කරන්නෙ නැහැ."

No comments:
Post a Comment