Wednesday 2 October 2013

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයට විසඳුමක්....?

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදයට විසඳුමක් ලෙස කරු ජයසුරිය, තිස්ස අත්තනායක, සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක සහ කබීර් හෂීම් යන මහත්වරුන් නියෝජ්‍ය නායක තනතුරුවලට පත්කොට නිශ්චිත වගකීම් පැවරීමට යෝජනාවී ඇතැයි එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග අනාවරණය කරයි.
එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හා එජාප ප්‍රධානින් අතර ඊයේ පැවති සාකච්ජාවකදී මේ පිළිබඳව සකච්ජාවී ඇතැයි දැක්වේ.
'' මන්ත්‍රීකම් නොදරන පුර්නකාලින අයකු පක්ෂයේ මහ ලේකම් ලෙස නම් කරන ලෙසද ඊට සහභාගිවූ මන්ත්‍රීවරු එජාප නායකයාගෙන් ඉල්ලා තිබේ.
පක්ෂ නායකයා හා නියෝජ්‍ය නායකයින් යටතේ උත්තරීතර මණ්ඩලයක් පත් කිරීමටත්,ජෝන් අමරතුංග, ජෝසෆ් මයිකල් පෙරේරා, ගාමිණී ජයවික්‍රම පෙරේරා, ලක්ෂමන් කිරිඇල්ල, ඒ.ජේ.එම්. මුසම්මිල්, ගයන්ත කරුණාතිලක, මංගල සමරවීර, රන්ජිත් මද්දුම බණ්ඩාර, පි. හැරිසන්, ස්වාමිනාදන්, දයා ගමගේ, මලික් සමරවික්‍රම යන ඒ සඳහා පත් කිරීමටත් යෝජනාවී ඇතැයි ද එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. ''

No comments:

Post a Comment