Monday 26 August 2013

නවී පිල්ලේ, වාසුදේව හමුවෙයි


NaveepilleiMeetVasu 410px 13 08 26ශ‍්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජානීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීධන් පිල්ලේ මහත්මිය අද දහවල් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හමුවී ඇත.
අද පෙරවරුවේ අලූත්කඬේ අධිකරණ සංකීර්ණයේදී අගවිනිසුරු මොහාන් පීරිස් මහතා සමග සාකච්ඡුාවක නිරත වූ කොමසාරිස්වරිය, ඉන් අනතුරුව නීතිපති පාලිත ප‍්‍රනාන්දු මහතාද හමුවිය.
නවී පිල්ලේ මහත්මිය අද දහවල් අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතාව ද හමුවිය.
මෙහිදී කොමසාරිස්වරිය අමාත්‍යවරයා හට පවසා ඇත්තේ, පොලිස් දෙපාර්තුමේන්තුව නව නීති හා සාම දෙපාර්තුමේන්තුව යටතට පවසා ගැනීම සම්බන්ධයෙන් තමාගේ අවධානය යොමු වී ඇති බවයි. තවදුරටත් ඇය පවසා සිටියේ පොලිස් දෙපාර්තුමේන්තුව අධිකරණ දෙපාර්තුමේන්තුව යටතේ තිබිය යුතු බවයි. කෙසේ වෙතත් මෙය සම්බන්දයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ මෙම තීරණය රජයෙන් ගන්නා ලද්දක් බවයි.
කොමසාරිස්වරිය විසින් අමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකානු රජය විසින් මෙරටෙහි ඇතිව තිබෙන ආගමික ප්‍රශ්න පිළිබදව රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදවද විමසා සිටි බවයි
විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ නවනීධන් පිල්ලේ මහත්මිය අද පස්වරුවේ උතුරු ප‍්‍රදේශයේ සංචාරයක නිරත වීමටද ඇති බවයි.

No comments:

Post a Comment