Monday 26 August 2013

සහකාර පොළිස් අධිකාරී රණගල වැදවැටෙයි.



 { එක රටක් ඉරණම් දෙකක් }

News-  පිල්ලේට එරෙහිව විරෝධය නතරකරන්නැයි රාවණා බලය ඉදිරියේ පොලීසිය වැදවැටෙයි.

(විකල්ප) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ආචාර්ය නවනීදම් පිල්ලේ මහත්මිය නිළ සංචාරයක් සදහා ඊයේ(25) ලංකාවට පැමිණියේ ය. ඇය ලංකාවට ඒමට ප්‍රථම සිට රාවණා බලය වැනි අන්තවාදී සංවිධාන ඇයගේ සංචාරයට විරැද්ධව විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටි අතර අද(26) උදෑසන රාවණා බලය සංවිධානය විසින් කොලඹ, එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය. සියයකට ආසන්න පිරිසක් සහභාගී වී සිටි එම විරෝධතාවය පැය කිහිපයක් පැවැති අතර එහිදී පොලීසිය සමග සුලු උණුස්ම්කාරී තත්ත්වයක් හට ගත්තේ ය.

‘‘කවුද යකෝ සිවුර අදින්නේ..‘‘ යනුවෙන් ඇතැම් භික්ෂූන් ඝෝෂා කළ අතර,

‘‘ප්‍රභාකරන්ගේ අක්කා තමයි නවනීදන් පිල්ලෙ කියන්නේ‘‘ කියමින් එතැනට පැමිණි අය විරෝධය දැක්වූ බව ද දැකිය හැකි විය.

කෙසේ නමුත් එහීදි දැකගත හැකි වූ විශේෂ කාරණය නම්, පසුගිය කාලයේ සරසවි සිසුන්ගේ විරෝධතාවලදී එයට සහභාගී වූ භික්ෂුන්ට, එළව එළවා පහරදුන් පොලීසිය, එම පොලීසියේ සහකාර පොළිස් අධිකාරී රණගල මහතා විසින්, රාවණා බළයේ නායකයින් වෙත වදිමින් විරෝධය නතර කරන්නැයි ඉල්ලීමි කිරීමයි. එපමණකින් නොනැවතුනු පොලීසිය රාවණා බලයේ නායක හිමි නමට රහසින් යමක් ප්‍රකාශ කරනු දැකිය හැකි විය. ඒ රහස කුමක්ද දැයි අපි නොදනිමු. 

More images
@
http://www.vikalpa.org/?p=17364 
 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් ආචාර්ය නවනීදම් පිල්ලේ මහත්මිය නිළ සංචාරයක් සදහා ඊයේ(25) ලංකාවට පැමිණියේ ය. ඇය ලංකාවට ඒමට ප්‍රථම සිට රාවණා බලය වැනි අන්තවාදී සංවිධාන ඇයගේ සංචාරයට විරැද්ධව විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටි අතර අද(26) උදෑසන රාවණා බලය සංවිධානය විසින් කොලඹ, එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීය. සියයකට ආසන්න පිරිසක් සහභාගී වී සිටි එම විරෝධතාවය පැය කිහිපයක් පැවැති අතර එහිදී පොලීසිය සමග සුලු උණුස්ම්කාරී තත්ත්වයක් හට ගත්තේ ය.

‘‘කවුද යකෝ සිවුර අදින්නේ..‘‘ යනුවෙන් ඇතැම් භික්ෂූන් ඝෝෂා කළ අතර,

‘‘ප්‍රභාකරන්ගේ අක්කා තමයි නවනීදන් පිල්ලෙ කියන්නේ‘‘ කියමින් එතැනට පැමිණි අය විරෝධය දැක්වූ බව ද දැකිය හැකි විය.

කෙසේ නමුත් එහීදි දැකගත හැකි වූ විශේෂ කාරණය නම්, පසුගිය කාලයේ සරසවි සිසුන්ගේ විරෝධතාවලදී එයට සහභාගී වූ භික්ෂුන්ට, එළව එළවා පහරදුන් පොලීසිය, එම පොලීසියේ සහකාර පොළිස් අධිකාරී රණගල මහතා විසින්, රාවණා බළයේ නායකයින් වෙත වදිමින් විරෝධය නතර කරන්නැයි ඉල්ලීමි කිරීමයි. එපමණකින් නොනැවතුනු පොලීසිය රාවණා බලයේ නායක හිමි නමට රහසින් යමක් ප්‍රකාශ කරනු දැකිය හැකි විය. ඒ රහස කුමක්ද දැයි අපි නොදනිමු.

No comments:

Post a Comment