Wednesday 28 August 2013

එලිලන්ගේ බිරිඳ, නවී පිලේ හමුවේ “ ඔබලාගේ තත්වය ගැන මම හොඳින් දැන සිටින්නෙමි“ - පිල්ලයි

elilanwife 410px 28-08-13එල්.ටි.ටි.ඊ. සංවිධානයේ  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක භාර හිටපු ප්‍රධානි එලිලන්ගේ බිරිඳ වන ආනන්දි මහත්මිය, යාපනයෙහි සංචාරයක නිරතවී සිටි, එක්සත් ජාතීන් මානව හිමිකම් කොමිසමේ  මහ කොමසාරිස් නවනීදම් පිල්ලයි මහත්මියව හමුවී, උතුරේ අතුරුදහන්වූවන් ගැන වැදගත් තොරතුරු රාශියක් ලාබාදී ඇතැයි වාර්තාවේ.

යාපනය නල්ලූර් කෝවිල් මාර්ගයෙහි පිහිටි එක්සත් ජාතීන් කාර්‍යාලයදී එම හමුව සිදුවී තිබේ.

ආනන්දි සසිකරන් එලිලන් මහත්මිය, දෙමල ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා අපේක්ෂිකාවක් ද වේ.

නවනීදම් පිල්ලයි මහත්මිය තමන් සමඟ කථා බහ කළේ, විනාඩි කිහිපයක් බව ආනන්දි එලිලින් මහත්මිය 'ග්ලෝබල් පුවත්' සේවයට පවසා තිබේ.

විශේෂයෙන් ප්‍රාන්සිස් පියතුමන් ඉදිරියේ දහස් ගණනක 'සටන්කාමිකයන්' තමන් ඉදිරිපිටම හමුදාව වෙත භාරවු බවත්, තමාගේ  සැමියාද ඉන් එක් අයකු බවත් ආනන්දි එලිලන් මහත්මිය පවසා තිබේ.

මේ අතර අතුරුදහන්වූ තම ඥාතීන්ව සොයා දෙන්නයි යාපනයේ මවක්  අඞමින් ඉල්ලා සිටියදී, ඇයව වැලඳගත් නවනීදම් පිල්ලයි මහත්මිය “ ඔබලාගේ තත්වය ගැන මම හොඳින් දැන සිටින්නෙමි“ යැයි පවසා තිබේ.
- -ග්ලෝබල් සිංහල පුවත්

No comments:

Post a Comment