Wednesday 21 August 2013

ජීවත්වෙන්න බැරි තැන රට්ටු දිවි නසා ගනිද්දී ආණ්ඩුව මන්ත්රිේවරුන්ට සුපිරි නිල නිවාස හදනවා.- ජනතා විමුක්ති පෙරමුණේ මධ්යාම කාරක සභික සමන්ත විද්යාිරත්න මහතා



ණය ගෙවා ගන්න බැරිව ගුරුවරියක් මහවැලි ගඟට පැනලා සියදිවි නසාගන්නා තත්ත්වයක මවුවරුන්ට තම දරුවන්ව ජීවත් කරවා ගන්න බැරිව කෝච්චියට පැන දිවි නසාගන්නා තත්ත්වයක රට තිබියදී, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට නිල නිවාස ගැනීමට කෝටි ගණනින් මුදල් වෙන් කෙරෙන්නේ කුමන සාධාරණත්වයකින් දැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා ප්‍රශ්න කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සියලු පහසුකම්වලින් සමන්විතව මාදිවෙල ප්‍රදේශයේ නිල නිවාස සංකීර්ණයක් ඉදිකර තිබියදී තවත් නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට තරම් රටේ උද්ගතවී ඇති දැවෙන ප්‍රශ්නය එය දැයි හෙතෙම ආණ්ඩුවෙන් විමසයි.
විද්‍යාරත්න මහතා 'මව්බිම' වෙත කළ අදහස් දැක්වීමකදී මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ රටේ ජනතාව මේ වන විට මුහුණ දෙන ප්‍රශ්න දෙස බැලූ විට පුද්ගලයකු වශයෙන් සිය මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීමට නොහැකිව ජීවත්වීමට නොහැකිවී ඇති බවයි.

අද රටේ ජනතාවට ආහාර මිලදී ගැනීමේ හැකියාව අහිමිවෙලා. ජනතාවගේ අවශ්‍යතාව ගතහොත් එදා තරම් තම අවශ්‍යතාවන් සපුරා ගැනීම පහසුකර කටයුත්තක් නොවේ.
ආහාර ලබා ගැනීම, අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා ලබා ගැනීම සඳහා අද ජනතාවට විශාල මුදලක් වැය කරන්න සිදු වෙලා. ඒ වාතාවරණය යටතේ මිනිසුන්ගේ රැකියාවේ වැටුප් ඉහළයෑමක් සිදු වන්නේ නැහැ.

සෞඛ්‍ය සේවය ගතහොත් ඉතිහාසයේ මේ රටේ නොමිලේ සෞඛ්‍ය සේවාවක් ලබාගැනීමට පහසුකම් තිබුණ නමුත් අද සෞඛ්‍ය සේවාවේ ගොඩනැඟිලි ටික විතරයි. අද මිනිසුන්ට පෞද්ගලික රෝහල් සෞඛ්‍ය සේවාවලින් තම අවශ්‍යතා සපුරාගැනීමට සිදු වෙලා. රජයේ රෝහලක ප්‍රතිකාර ලබන රෝගියාටත් පිටතින් සල්ලි ගෙවා බෙහෙත් ගන්න වෙලා.
වැඩිපුර ඡන්ද තියලා, වැඩිපුර මන්ත්‍රිවරු පත්කරගෙන වැඩියෙන් මුදල් ගෙවලා ජීවිතය ගෙනයන්න තමයි දැන් තිබෙන්නේ. මේ තත්ත්වය පිළිබඳ රටේ ජනතාව මොහොතකට සිතා බලන්න.

අද මැතිවරණ පවත්වලා පාර්ලිමේන්තුවේ දැන් ඉන්න එවුන්ගේ දෙවැනි පරම්පරාව හදා ගන්න උත්සාහ කරන කාලයක් මේ කාලය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ගෙවල් නැතුව ඉන්න පිරිසක් නොවේ. මාදිවෙල නිල නිවාස සංකීර්ණයක් සියලු පහසුකම්වලින් ඉදිකරලා තිබියදී තමයි තවත් නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට යන්නේ.
රටේ මිනිසුන්ට කන්න බොන්න ලෙඩකට බෙහෙතක්, හේතක් ගන්න නැත්නම් ඒ ප්‍රශ්න විසඳනවා වෙනුවට කොහොමද මන්ත්‍රි නිල නිවාස සංකීර්ණයක් හදන්නේ. මේක රටේ දැවෙන ප්‍රශ්නයක් නොවේ

No comments:

Post a Comment