Thursday 29 August 2013

උපේක්ෂාගේ බලුතඩියා මන්ත්‍රී උදිතට හරස් වෙයි

උපේක්ෂාගේ බලුතඩියා මන්ත්‍රී උදිතට හරස් වෙයි

uditha1
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සතියේ බෙලරුස් රාජ්‍යයේ තෙදින නිල සංචාරයකට සහභාගි විය. එම සංචාරයේදී එරට අගමැතිවරයා මෙන්ම ජනාධිපතිවරයාද මුණ ගැසී ද්විපාර්ශ්වීය කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළේය. එමෙන්ම දෙරට අතර ගිවිසුම් 07කටද අත්සන් තැබිණි. එම තෙදින නිල සංචාරය නිමවා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 28 අලුයම ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින් මෙරටට පැමිණියේය. ජනාධිපතිවරයා විදේශගතව සිටියදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්‍ලේ මහත්මිය නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණියේය. විවිධ පාර්ශ්වයන් මුණගැසුණු ඇය ජනාධිපතිවරයා ද මුණ ගැසීමට නියමිතව තිබිණි. මධ්‍යම පළාත් සභා මැතිවරණයේ කටයුතු සඳහා එක්සත්  ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් ඊට සම්බන්ධ වී සිටිති. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, මනූෂ නානායක්කාර, උදිත ලොකුබණ්ඩාර, දිලුම් අමුණුගම යන අය මේ අතර, විය. මැණික්හින්න පැවැති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා සංවිධානය කර තිබූ රැස්වීමට සහභාගි වීමට මන්ත්‍රීවරුන් පිරිස තීරණය කර තිබිණ. මෙම රැස්වීමට යාම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීනි උපේක්ෂා ස්වර්ණමාලි මහත්මියද සහභාගි වී සිටියේය. උපේක්ෂා තමන්ගේ වාහනයේ ගමන් කළ අතර, මනූෂ සහ උදිත ලොකුබණ්ඩාර ගමන් කරනු ලැබුයේ එකම වාහනයේ ය. රැස්වීම ආරම්භයට පෙර එහි යාම නුසුදුසු බැවින් පිරිස වාහන නතර කළ අතර, උපේක්ෂා ස්වර්ණමාලි මන්ත්‍රීවරිය පමණක් තනි වාහනයේ යාම සුදුසු නොවන බව තීරණය කළ උදිත සහ මනූෂ නානායක්කාර යන මන්ත්‍රීවරුන් ඇගේ වාහනයට ගොඩවීමට තීරණය කළේය. ඇයගේ වාහනයට ගොඩවීමට ගිය උදිත උපේක්ෂාගේ වාහනයේ දොර ඇරියේය. එකවරම දඩස් ගා දොර වසා දැමූ උදිත මනූෂ සිටි වාහනයට ආපසු දුව ආවේ හතිදමමින්ය. ඇයි මේ බයවෙලා. මනූෂ උදිතගෙන් විමසුවේය. ඒකේ යන්න බැහැ බං හෙන බලු තඩියෙක් ඉන්නවා. උදිත පිළිතුරු දෙමින් කීවේය. අවසානයේ උපේක්ෂාගේ වාහනයේ බලු තඩියාට බයේ උදිත සහ මනූෂ මුළු ගමන පුරාම තමන්ගේ වාහනයේ ගමන් කළ අතර, උපේක්ෂාගේ වාහනයට ගොඩවීමේ අදහස අතහැර දැම්මේය.

No comments:

Post a Comment