Thursday 15 August 2013

බත් කාපු කටින් අසූචි කාලා පුරුදු නැහැ. - මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ

දේශපාලන ලෝකයේ එහාට මෙහාට පැන පැන ගියොත් අනිච්ඡාවත සංඛාරා තමයි. මට දවසකට දුරකථන ඇමතුම් රාශියක්‌ එනවා. ඔබතුමත් ආණ්‌ඩුවට යනවද කියලා. අපෝ නැහැ බත් කාපු කටින් අසූචි කාලා පුරුදු නැහැ. එක්‌සත් ජාතික පක්‍ෂය දාලා යන්නේ නැහැ කියලා ලෙයින් අත්සන් කරලා සහතිකය දී තිබෙනවා යෑයි මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පැවසීය.

ඒත් සමහරු බලාගෙන ඉන්නවා අද යයි හෙට යෑයි කියලා. මෙහෙන් යන අය ජනාධිපතිතුමාගේ දැත ශක්‌තිමත් කරන්න යන බව කියනවා. ලක්‍ෂ්මන් සෙනෙවිරත්න මහත්මයා කිව්වා ගෙදර සිටින ටොමියා ගියත් ඔහු නොයන බව ඒත් ඔහු ගියා ටොමියා තවම ගෙදර.

දයාසිරි මහත්තයා ඉරිදත් කිව්වා යන්නේ නැහැ කියලා ඒත් ඔහු ගියා. අනෙක්‌ සියලු දෙනා ගියේ මන්ත්‍රීකම තබාගෙන. හැබැයි දයාසිරි මන්ත්‍රී ධුරයත් අරගෙන ගියේ නැහැ. අනෙක්‌ මන්ත්‍රීවරුන්ට වඩා ඔහු මන්ත්‍රී ධුරය දමා ගියේ. ඒක සාපේක්‍ෂව ගරුත්වයක්‌ පක්‍ෂ මාරු කරපු කිසිම දේශපාලනඥයකුට සුගතියක්‌ අත්වෙලා නැහැ.

විපක්‍ෂ මන්ත්‍රීවරයෙකු වශයෙන් මා මාතර දිස්‌ත්‍රික්‌කයේ විශාල වැඩකොටසක්‌ විදේශීය දානපතියන්ගේ උදව් ආධාර ලබාගෙන සිදු කරනවා. ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනම මගින් අපට උදව් කරනවා. මේ වන විට ලක්‍ෂ 183 ක වියදමින් පොත් ලබාදී තිබෙනවා. පවුල් 15000 කට පෝෂණ මලු ලබා දී තිබෙනවා. 17000 කට ඇස්‌ කණ්‌ණාඩි ලබාදී තිබෙනවා.

දර්ශනපති රොටුඹ ශාන්ත හිමි ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පදනමේ සභාපති ලාල් තිලකරත්න, චමීර දුෂ්‍යාන්ත යන අයද කතා කළහ.

No comments:

Post a Comment