Sunday 25 August 2013

ඉන්දියාවට එරෙහිව පාකිස්ථානය පුහුණු කරන ත්‍රස්තවාදීන්ට රාජපක්ෂලා ශ්‍රී ලංකා භූමියේ පහසුකම් සපයන බව හෙළිවේ: අට දෙනෙක් යාපනයේ කඳවුරක තබාගෙන පසුව ඉන්දියාවට යවලා-------


Photo: ඉන්දියාවට එරෙහිව පාකිස්ථානය පුහුණු කරන ත්‍රස්තවාදීන්ට රාජපක්ෂලා ශ්‍රී ලංකා භූමියේ පහසුකම් සපයන බව හෙළිවේ: අට දෙනෙක් යාපනයේ කඳවුරක තබාගෙන පසුව ඉන්දියාවට යවලා-------

(ලංකා ඊ නිව්ස් -2013.අගෝ.22, ප.ව.11.30) ඉන්දියාවට එරෙහිව පකිස්ථානයේ පුහුණු වන සන්නද්ධ ත්‍රස්තවාදීන්ට ශ්‍රී ලංකාවේ රාජපක්ෂ රෙජීමය පහසුකම් සපයන බව ඉන්දීය බුද්ධි අංශ සනාථ කරගෙන තිබේ.

එසේ පකිස්ථානයේ පුහුණුව ලබා ශ්‍රී ලංකාවේ සිට පැමිණි ලෂ්කාර්-ඊ-ටයිබා ත්‍රස්තවාදීන් 8 දෙනෙකු මුම්බායි වෙත ප්‍රහාරයක් සඳහා පැමිණ ඇතැයි ඉන්දීය බුද්ධි අංශ මහාරාශ්ඨ පොලිසියට අනතුරු අඟවා ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි. මීට පෙර ද මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය සිදුකෙළේ ලක්ෂාර්-ඊ-ටයිබා ත්‍රස්තවාදීන් ය.

ඉන්දීය බුද්ධි අංශ පවසන්නේ පාකිස්ථානයේ පුහුණුව ලැබූ එම ත්‍රස්තවාදීන් යාපනයට කිලෝමීටර් 28 ක් දුරින් පිහිටි රැඳවුම් කඳවුරක සිට ඉන්දියාවට පැමිණ ඇති බවයි.

ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය කලක සිට මේ සම්බන්ධයෙන් පරීක‍ෂාවෙන් සිටි අතර අප වෙත වාර්තා වී ඇති තොරතුරු මෙසේය.

ඉන්දියානු ත්‍රස්තවාදීන් ඉන්දියාවෙන් පිටත්ව එන්නේ ලංකාවට එන බව පෙන්වමිනි. ලංකාවට පැමිණෙන ත්‍රස්තවාදීන් ඉන්පසු පකිස්ථානයේ පුහුණුව සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියද අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ අනුදැනුම මත ඔවුන් ලංකාවෙන් පිටව ගිය බවට කිසිදු සඳහනක් ගුවන් තොටේදී ඔවුන්ගේ ගමන් බලපත්‍රවල සඳහන් කරන්නේ නැත. පාකිස්ථාන කඳවුරු තුල පුහුණුව ලැබීමෙන් පසු යළි ශ්‍රී ලංකාවට එන්නේද පෙර කී විලාසයටම ය. ඔවුන් රටට ඇතුළු වූ බවට කිසිදු සටහනක් මුද්‍රාවක් යොදන්නේ නැත. ඉන්පසුව ඔවුන් ලංකාවට පැමිණ ලංකාවේ සිට යනවා මෙන් යලි ඉන්දියාවට ඇතුළු වේ.

පසුගිය 17 දා කටුනායක ගුවන් තොටේ ආගමන විගමන පරිඝනක පද්ධතිය බිඳවැටුනා කියා පැයක පමණ වේලාවක් එය අක්‍රීය කර යළි පණගැන්වීමේ කුමන්ත්‍රණය ගැනද ලංකා ඊ නිව්ස් අවධානයෙන් සිට වාර්තා කෙළේ ඉහත ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බවට අප වෙත තොරතුරු ලැබී තිබූ බැවිනි. එලෙස පරිඝනක පද්ධතියක් බිඳවැටීම සිදුවිය නොහැකිය. එවැනි දියුණු පරිඝනක පද්ධතියක බැක්අප් එකක් තිබීමත් ප්‍රධාන පද්ධතිය අක්‍රිය වුවහොත් බැක්අප් එක ක්‍රියාත්මක වීමත් අනිවාර්ය සිදුවීමකි. අනෙක් අතට බිඳවැටීමක් සිදුවූවා නම් එය පැයකින් යළි යථා තත්ත්වයට පත්කර ගත හැකි ජගතෙක් එම අවස්ථාවේ එහි සිටියේ ද නැත. මෙය පළමු වතාවද විය නොහැක.

කටුනායක සිදුවීම් යම් තරමකට වාර්තා වුවද මත්තල ගුවන් තොටේ මොනවා වෙනවාද කියා කිසිවෙක් නොදනී. එහි වාර්තාකරුවන්ද නොමැති අතර අනෙක් අතට එහි සියළු අංශවල සේවයට බඳවා ගත්තේ රාජපක්ෂවරුන්ගේ හිතවතුන් ය නිල්බලකායේ පිරිස් ය. මේ අනුව මත්තල රටට පාඩු වුවද රාජපක්ෂ මාෆියාවට කිසිදු පාඩුවක් නැත.

මේ අතර අපරාධ ආරක්ෂක ලේකම් වරයා ශ්‍රී ලංකාවට අවි ගෙන්වන බව පෙන්වා හොර අවි ආනයනය කර ගාල්ලට නුදුරු මුහුදේ පිහිටුවා ඇති පාවෙන ආයුධ ගබඩාවක ඒවා තැන්පත් කර රහසිගත අවි ජාවාරමක යෙදෙන බවද ලංකා ඊ නිව්ස් මීට පෙර අනාවරණ කර තිබේ. ඊට සාක්කි වූයේ ගෝඨාභය ඊශ්‍රායලයෙන් එලෙස මිලදී ගත් හොර අවි අඩංගු නෞකාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියයි. එවැනි අවි නැවක් ලංකාවේ රජය විසින් නිල වශයෙන් ආනයනය කර නොතිබිණ. හසුවීමෙන් පසු සියල්ල හෙලි විය. එම නැවේ අවි ආයුධ රට ඇතුලට ආවේද නැත.

ඉන්දියාව විසින් තහනම් කරන ලද එරට විවිධ ත්‍රස්තවාදී සන්නද්ධ සංවිධාන 40 කට පමණ ආසන්නය. ඔවුන්ට ආයුධ විකිණීම එල්ටීටීඊය සිටියදී මුදල් සෙවීමට කරන ලද අංක එකේ ජාවාරමකි. එල්ටීටීඊයේ එම අවි ජාවාරමේ සිටි ප්‍රබලතම පුද්ගලයා වන කේපී අද සිටින්නේ ශ්‍රී ලංකාවේ නිල මාෆියාව වන මැදමූලන රාජපක්ෂ මිනීමරුවන් සමග ය.ඉන්දියාවට එරෙහිව පකිස්ථානයේ පුහුණු වන සන්නද්ධ ත්‍රස්තවාදීන්ට ශ්‍රී ලංකාවේ රාජපක්ෂ රෙජීමය පහසුකම් සපයන බව ඉන්දීය බුද්ධි අංශ සනාථ කරගෙන තිබේ.

එසේ පකිස්ථානයේ පුහුණුව ලබා ශ්‍රී ලංකාවේ සිට පැමිණි ලෂ්කාර්-ඊ-ටයිබා ත්‍රස්තවාදීන් 8 දෙනෙකු මුම්බායි වෙත ප්‍රහාරයක් සඳහා පැමිණ ඇතැයි ඉන්දීය බුද්ධි අංශ මහාරාශ්ඨ පොලිසියට අනතුරු අඟවා ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කරයි. මීට පෙර ද මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය සිදුකෙළේ ලක්ෂාර්-ඊ-ටයිබා ත්‍රස්තවාදීන් ය.

ඉන්දීය බුද්ධි අංශ පවසන්නේ පාකිස්ථානයේ පුහුණුව ලැබූ එම ත්‍රස්තවාදීන් යාපනයට කිලෝමීටර් 28 ක් දුරින් පිහිටි රැඳවුම් කඳවුරක සිට ඉන්දියාවට පැමිණ ඇති බවයි.


ඉන්දියානු ත්‍රස්තවාදීන් ඉන්දියාවෙන් පිටත්ව එන්නේ ලංකාවට එන බව පෙන්වමිනි. ලංකාවට පැමිණෙන ත්‍රස්තවාදීන් ඉන්පසු පකිස්ථානයේ පුහුණුව සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියද අපරාධ ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ අනුදැනුම මත ඔවුන් ලංකාවෙන් පිටව ගිය බවට කිසිදු සඳහනක් ගුවන් තොටේදී ඔවුන්ගේ ගමන් බලපත්‍රවල සඳහන් කරන්නේ නැත. පාකිස්ථාන කඳවුරු තුල පුහුණුව ලැබීමෙන් පසු යළි ශ්‍රී ලංකාවට එන්නේද පෙර කී විලාසයටම ය. ඔවුන් රටට ඇතුළු වූ බවට කිසිදු සටහනක් මුද්‍රාවක් යොදන්නේ නැත. ඉන්පසුව ඔවුන් ලංකාවට පැමිණ ලංකාවේ සිට යනවා මෙන් යලි ඉන්දියාවට ඇතුළු වේ.

පසුගිය 17 දා කටුනායක ගුවන් තොටේ ආගමන විගමන පරිඝනක පද්ධතිය බිඳවැටුනා කියා පැයක පමණ වේලාවක් එය අක්‍රීය කර යළි පණගැන්වීමේ කුමන්ත්‍රණය ගැනද ලංකා ඊ නිව්ස් අවධානයෙන් සිට වාර්තා කෙළේ ඉහත ක්‍රියාවලිය සිදුවෙමින් පවතින බවට අප වෙත තොරතුරු ලැබී තිබූ බැවිනි. එලෙස පරිඝනක පද්ධතියක් බිඳවැටීම සිදුවිය නොහැකිය. එවැනි දියුණු පරිඝනක පද්ධතියක බැක්අප් එකක් තිබීමත් ප්‍රධාන පද්ධතිය අක්‍රිය වුවහොත් බැක්අප් එක ක්‍රියාත්මක වීමත් අනිවාර්ය සිදුවීමකි. අනෙක් අතට බිඳවැටීමක් සිදුවූවා නම් එය පැයකින් යළි යථා තත්ත්වයට පත්කර ගත හැකි ජගතෙක් එම අවස්ථාවේ එහි සිටියේ ද නැත. මෙය පළමු වතාවද විය නොහැක.

කටුනායක සිදුවීම් යම් තරමකට වාර්තා වුවද මත්තල ගුවන් තොටේ මොනවා වෙනවාද කියා කිසිවෙක් නොදනී. එහි වාර්තාකරුවන්ද නොමැති අතර අනෙක් අතට එහි සියළු අංශවල සේවයට බඳවා ගත්තේ රාජපක්ෂවරුන්ගේ හිතවතුන් ය නිල්බලකායේ පිරිස් ය. මේ අනුව මත්තල රටට පාඩු වුවද රාජපක්ෂ මාෆියාවට කිසිදු පාඩුවක් නැත.

මේ අතර අපරාධ ආරක්ෂක ලේකම් වරයා ශ්‍රී ලංකාවට අවි ගෙන්වන බව පෙන්වා හොර අවි ආනයනය කර ගාල්ලට නුදුරු මුහුදේ පිහිටුවා ඇති පාවෙන ආයුධ ගබඩාවක ඒවා තැන්පත් කර රහසිගත අවි ජාවාරමක යෙදෙන බවද ලංකා ඊ නිව්ස් මීට පෙර අනාවරණ කර තිබේ. ඊට සාක්කි වූයේ ගෝඨාභය ඊශ්‍රායලයෙන් එලෙස මිලදී ගත් හොර අවි අඩංගු නෞකාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් අත් අඩංගුවට ගැනීමේ සිද්ධියයි. එවැනි අවි නැවක් ලංකාවේ රජය විසින් නිල වශයෙන් ආනයනය කර නොතිබිණ. හසුවීමෙන් පසු සියල්ල හෙලි විය. එම නැවේ අවි ආයුධ රට ඇතුලට ආවේද නැත.

ඉන්දියාව විසින් තහනම් කරන ලද එරට විවිධ ත්‍රස්තවාදී සන්නද්ධ සංවිධාන 40 කට පමණ ආසන්නය. ඔවුන්ට ආයුධ විකිණීම එල්ටීටීඊය සිටියදී මුදල් සෙවීමට කරන ලද අංක එකේ ජාවාරමකි. එල්ටීටීඊයේ එම අවි ජාවාරමේ සිටි ප්‍රබලතම පුද්ගලයා වන කේපී අද සිටින්නේ ශ්‍රී ලංකාවේ නිල මාෆියාව වන මැදමූලන රාජපක්ෂ මිනීමරුවන් සමග ය.


No comments:

Post a Comment