Tuesday 27 August 2013

සණස හීන්සිරුවේ පල්ලම් බහී



sanasa-development-bank

සණස සංවර්ධන බැංකුව ග්‍රාමීය ජනතාව වෙත ණය ලබාදීමෙහි ප්‍රමුඛයා වූ අතර ඒ හේතුවෙන්ම ගණුදෙනු කරුවන් විශාල ප්‍රමාණයක් ආකර්ශනය කර ගැනීමට හැකියාව ලබා තිබුනි. එහෙත් BBB ණය ඇගයීමක් ලබාදුන් RAM රේටින්ග්ස් නැමැති ණය වර්ගීකරණ ආයතනය බැංකුවේ ඉදිරි දැක්ම ධනාත්මක තත්ත්වයේ සිට ස්ථාවර තත්වය දක්වා පහළ දමා ඇත.

මෙයට හේතුවී ඇත්තේ වර්ධනය වෙමින් පවතින අක්‍රීය ණය හමුවේ බැංකුවේ වත්කම්වල ගුණාත්මක භාවය දුර්වල වෙමින් පැවැතීමත් බැංකුවේ කාර්යය සාධනය ඉදිරි දැක්ම වෙනස් කිරිම මගින් පිළිඹිබු වීමත්ය.

 මේ අනුව 2013 මාර්තු මාසයේ අවසන් වන විට බැංකුවේ අක්‍රීය ණය අනුපාතය 2012 දෙසැම්බර් මාසයේදී 4.6%ක මට්ටමේ සිට 5.41% දක්වා වර්ධනය වී ඇත. මේ සම්බන්ධයෙන් ණය වර්ගීකරණ ආයතනය පවසන්නේ බැංකුවේ වර්ධනීය තත්වයේ පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රාග්ධන ප්‍රමාණවත් අනුපාතය 16.35%ක් වන බව දැක්වේ. මේ තත්ත්වය විසින් සණස අත්කරගෙන තිබූ ප්‍රමිතිය දුර්වල වීමට පටන්ගෙන ඇති බවද අදාල වර්තාව තහවුරු කර සිටී.

No comments:

Post a Comment