Sunday 25 August 2013

අංක එකේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක.



ravi-karunanayake.23813
වර්තමාන ශ්‍රි ලංකා ව්‍යවස්ථාදායකය නියෝජනය කරන මහජන නියෝජිතයන් අතරින් වඩාත්ම සක්‍රීය කාර්යභාරයක් කරන මන්ත්‍රීවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී රවී කරුණානායක මහතා අංක එකට පත්ව ඇති බව අද දින සයිබර් අවකාශයට එක් කරන ලද manthri.lk වෙබ් අඩවියේ සඳහන්ය.
එම වෙබ් අඩවිය මගින් සිදුකරන ලද දීර්ග කාලීන සමික්ෂණයකින් අනතුරුව මන්ත්‍රීවරු ශ්‍රේණි ගත කර තිබෙන අතර එහිදී ජාතික මට්ටමේ කුසලතා අනුව රවී කරුණානායක පළමු තැනත් දෙවන ස්ථානයට එජාපයේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාත් තෙවන තැනට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිනෙෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාවත් නම් කර තිබේ.

manthri.lk වෙබ් අඩවිය සයිබර් අවකාශයට එක් කිරීම නිල උත්සවය අද දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදි පැවැත්විනි.

ශ්‍රි ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිළිබඳව අධික්ෂණ වෙබ් අඩවියක් ලෙස මෙම වෙබ් අඩවිය ක්‍රියාත්මක වන අතර. මෙවැනි විශාල තොරතුරු ගබඩාවක් සහිත වෙබ් අඩවියක් ශ්‍රිලංකාවේ ක්‍රියාත්මක වන්නේ පළමු වතාවටය.


මෙම වෙබ් අඩවිය වෙරිටේ රිසර්ච් නම් පෞද්ගලික සමාගමේ නිර්මානයකි. පාරිමේන්තුවේ සිටින 225ක් වන සියලුම මන්ත්‍රී වරුන්ගේ ක්‍රියාකාරකම් ජීවන දත්ත ආදී තොරතුරු මෙන්ම විශයන් 42ක් අරභයා ඒ ඒ මන්ත්‍රීවරයාගේ දායකත්වය යනාදි වශයෙන් ඉතා පුළුල් ක්ෂේත්‍රය්ක් මෙම වෙබ් අඩවිය විසින් ආවරනය කර තිබේ.

No comments:

Post a Comment