Wednesday 28 August 2013

පොලුවලින් ගසා හිමිනම මරා දමන තෙක් බොදුබලේ, රාවණා බලේ නිහඩයි


monk-attack
රාජගිරිය කළපළුවාව ශ්‍රී සුදර්ශනාරාමයේ නේවාසිකව වැඩසිටි බංග්ලාදේශ හිමිනමකට කිසියම් පිරිසක් පහරදී මරා දමා ඇති බව වාර්තාවේ. පසුගිය 20වන දා මෙම පහරදීම සිදුකර ඇති අතර උන් වහන්සේ අද (28) දින කොළඹ ජාතික රෝහලේදි මිය ගොස් ඇත.
රාජගිරිය සුදර්ශනාරාම විහාරය බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මුල් විහාරස්ථානය වන එම විහාරස්ථානයේ පවත්වාගෙන යනු ලබන පිරිවෙන්හි ආචාර්යවරයෙකු වශයෙන්ද කටයුතු කර ඇත.
මේ වන විටත් ඥානසාර හිමියන් වැඩවසන නාවල පිහිටි විහාරස්ථානය සුදර්ශනාරාමය අයිති ස්ථානයක් ද වේ.

කෙසේ නමුත් ලංකාව පුරා හා ලෝකය පුරා බෞද්ධ උරුමය සුරකින්න යැයි කෑ මොර දෙන උන්වහන්සේගේ පංසලේ හිමිනමකට පහරදී දින කිහිපයක් ගතව උන්වහන්සේ මිය යන තෙක්ම මේ පිලිබද සොයා බැලීමකුදු ඥානසාර හිමියන් උත්සුක වි නොමැත.
වාර්තා වන අන්දමට බෞද්ධාගම සුරැකිමට යැයි කියා අටවා ගත් තවත් අන්තවාදී සංවිධානයක් වන රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් වාසය කරන විහාරස්ථානයද පිහිටා ඇත්තේ මරා දමන ලද හිමියන් වාසය කරනු ලැබූ සුදර්ශනාරාමයට නුදුරේම වීම විසින් මේ බල සේනාවන්හි ක්‍රියාකාරීත්වයේ හෙළුව මෙවැනි සිදුවීම් හරහා ප්‍රදර්ශනය වන බව ද ඉන්ඩිපෙන්ඩන්ට් අනාවරනය කර සිටිමු.

No comments:

Post a Comment