Wednesday 21 August 2013

වයෝවෘද්ධ කතට අපරාධයක්‌ කළ පාපතරයාට එරෙහිව ඇල්ල - අනුරාධපුර මාර්ගයේ විරෝධතාවක්‌



මහව රිදීබැඳිඇල්ල ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක්‌ අපරාධකරුවකු අත්අඩංගුවට නොගත්තැයි පොලිසියට චෝදනා කරමින් ඇල්ල අනුරාධපුර ප්‍රධාන මාර්ගය හරස්‌ කරමින් පසුගියදා උද්ඝෝෂණයක නියෑලුණි.

රිදීඇල්ල ප්‍රදේශයේ අවුරුදු 86ක වයෝවෘද්ධ කාන්තාවක්‌ දූෂණය කිරීමට එරෙහිව එම උද්ඝෝෂණය සංවිධානය කෙරිණි.

උද්ඝෝෂණයෙන් පසුව මහව පොලිසිය විසින් එම පුද්ගලයා (20 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ලබන 29 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත.

Anura S. Liyanage

No comments:

Post a Comment