Sunday 25 August 2013

කැෆේ වෙස් මුහුණ ගැලවේ
















කැෆේ සංවිධානයේ හැංගි හැංගී බැන්ද වෙස් මුහුණ ගැලවී හැලී යටින් ඇති  සැබෑ බුරුසු මුහුණ මතුවී ඇත.

කැෆේ හි විධායක අධ්‍යක්ෂ යයි කියා ගන්නා කයිවාරු කාරයා විසින් අද කිලිනොච්චියේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මෙම වෙස් මුහුණ ගැලවී වැටින.

එහිදී ඔහු මෙසේ කියයි,

"යුධ සමයේ දී මෙරට සිදු වූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබද වාර්තාවන් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභා සැසිවාරයන් හි දී ශ්‍රී ලංකාවට සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවන් උතුරු පළාත් සභා මැතිවරණයේ ප්‍රමුඛ අවධානයට යොමු වූ කරුණකි. එවැනි පරිසරයක යාපනය කේන්ද්‍රගත ජනමාධ්‍ය යේ වැඩිම අවධානය යොමුවී ඇත්තේ මහලේකම්වරියගේ යාපනය සංචාරය සම්බන්ධයෙනි. ඇයගේ සංචාරයේ දී මෙවර පලාත් සභා මැතිවරණය තරග වදින තෝරාගත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් පමණක් යාපනයේ දී හමුවන්නේ නම් එමගින් එම පක්ෂ සහ කණ්ඩායම් වලට වාසියක් හිමිවනු ඇත. එය සති ගණන් උතුරේ ජනමාධ්‍ය සඳහා මාධ්‍ය සංදර්ශනයකට අවස්ථාව සැලසීමකි. එබැවින් කොමසාරිස් වරිය මැතිවරණයට තරග වදින සියළු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් හමුවිය යුතුය"

මේ මෝඩ කයිවාරු කාරයා සිතා ඉන්නා තරම මෙයින් තේරුම් ගත හැක. ඔහු කැෆේ නමින් බොරු මැතිවරණ නිරීක්ෂන සංවිධාන අටවාගෙන යටින් ආණ්ඩුවට කඩේ යනවා සේ එ.ජා. කොමසාරිස්වරිය නවනීදන් පිල්ලේ ද ලංකාවට ඇවිත් යටින් දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද කැම්පේන් එකට කඩේ යනවා යි මේ හාදයා සිතාගෙන සිටී.

යුද්දයෙන් පසු නැගෙනහිර හිටපු එල්ටීටීඊ දේශපාලන අංශ නායකයා වූ එලීලන් සහ බිරිඳ හමුදාවට බාර විය. ඉන්පසුව එලීලන් අතුරුදහන් ය. බිරිඳ ජීවතුන් අතරය. ඇය තම බාර වූ ස්වාමියා කෝ යැයි  විමසයි. ඉන්පසු ඇය තමා මෙන්ම මේ විපත්තියට මුහුණ දුන් අනෙකුත් බිරින්දෑ වරුන්ද සමග සංවිධානයක් හදා ගෙන හමුදාවට බාර වී දැනට අතුරුදහන් කර සිටින දහස් ගණනක් අයට සිදුවූ දේ ගැන විමසීම සිදුකරයි. ඇය මෙවර උතුරේ පළාත් සභා ඡන්දයට දෙමළ ජාතික සන්ධානයෙන් ඡන්දයද ඉල්ලයි. ලංකාවට පැමිණෙන නවනීදන් පිල්ලේ උතුරේ සංචාරයේදී ඇයව මුණ ගැසීමට නියමිතය. ඒ හමුවන්නේ ඇය ඡන්දය ඉල්ලන නිසා නොවේ. හමුදාවට බාරවීමෙන් පසු අතුරුදහන් කරන ලද ස්වාමිපුරුෂයන් ගැන ඇයගේ සංවිධානය කියන දුක්ගැනවිල්ලට සවන් දෙන්නට ය.

දැන් කැෆේ කාරයා කියන්නේ නවනීදන් පිල්ලේ එලීලන්ගේ බිරිඳ හමුවීම වරදක් බවත් හමුවෙනවා නම් අතුරුදහන් කළ මිනීමරුවන්ද හමුවිය යුතු බව නොවේද? ඉස්සර මේවා කීවේ ආණ්ඩුවේ ඩලස් අලහප්පෙරුම වුවද දැන් ඒ කොන්ත්‍රාත්තුව කැෆේ කාරයා බාර ගෙන තිබේ. නවනීදන් පිල්ලේ පැමිණීමෙන් සිදුවන මාධ්‍ය සංදර්ශනය ගැන දැන්ම තියා බිය වී සිටින කැෆේ කාරයාට ආණ්ඩුව දිනපතා කරගෙන මාධ්‍ය සංදර්ශනය නොපෙනීම පුදුමයකි.

No comments:

Post a Comment