Wednesday 28 August 2013

සජිත් ප්‍රේමදාස මෙවර ඡන්දයේදිත් එජාපයේ කකුලෙන් අදී----

 
ඕනෑම ඡන්දයක් අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂයේ කකුලෙන් අදින, තම පක්ෂ මූළස්ථානයට ගල් ගැස්සවූ, මහින්ද රාජපක්ෂගේ ව්‍යාපාරික බලවතා වූ රවි විෙජ්රත්න නම් කැසිනෝ කාරයාගේ මුදලින් යැපෙන සජිත් ප්‍රේමදාස නමැති දේශපාලන අඳබාලයා මෙවර ඡන්දයේදීද කකුලෙන් අදින කතාවක් කියා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ 'නපුංසකයින්' කිහිප දෙනෙකු තමාට කැපිලි දමන බවත්, තමන් කුරුණෑගල ජනතාවට ඛෙදාදීමට තෑගි පාර්සල් තොගයක් ගෙන ඒමට සුදානම් වුවත්, ඊට බාධා කල බවත් ඔහු පැවසීය. දයාසිරි ජයසේකරට ලණු දෙමින් ඔහු එජාපයේ කචල් කාරයෙක් බවට පත් කළ සජිත් ප්‍රේමදාස "සමහර පැති මාරු කළ දේශපාලඥයින් කියනවා පැති මාරුකළේ තනතුරු හා වගකීම් නැති නිසා කියලා. තනතුරු, වගකීම් නැති නිසා පක්ෂය අතහැර යනව නම් යන්න ඕනේ මමයි." කියා කීවේ විලි ලැජ්ජාවක් නැතිවය. "කැපිලා කැපිලා, වැටිලා, කැරකිලා මේ ප්‍රේමදාස අතට මේ හැමදෙයක්ම එනවා" යි ඔහු මැතිවරණ දේශපාලන වේදිකාවක කතා නොකළ යුතු 'මං පොර' තාලේ අඳබාල කතාවක් ද කෙළේ ඊයේ කුරුණෑගල දිස්ත්‍රීක්කයෙන් පළාත් සභාවට තරඟ කරන එජාප අපේක්ෂක අජිත් රෝහණ මහතාට සහය පල කිරීම සඳහා මාවතගම පැවති ජනහමුවකදීය.


සජිත් ප්‍රේමදාසගේ අෙඟ් ඉඳන් කණ කන තාලේ කතාවට එම වේදිකාවේදීම පිලිතුරු දුන් අඛිල විරාජ් කාරියවසම් මහතා පක්ෂ නායකවරයා පළාත්සභා රැස්වීම වල තෑගි පාර්සල් ඛෙදා නොදෙන ලෙස උපදෙස් දී ඇත්තේ, එය මැතිවරණයට කරන බලපෑමක් ලෙස සලකා, මැතිවරණයෙන් පසු ජන්ද පෙත්සමක් ගොනු කිරීමට ඇති අවදානම සලකා බව පැහැදිලි කළේය.


පක්ෂයේ නායකත්වය විවේචනය කරන වේලාවෙන් සුළු මොහොතක්, රාජපක්ෂ ආණ්ඩුවේ ජනතා ද්‍රෝහී ක්‍රියා විවේචනයට කටයුතු කළේනම්, මේවනවිට රාජපක්ෂ ආණ්ඩුව දෙපාරක් ගෙදර යැවීමට තිබු බව අවධාරණය කළ කාරියවසම් මන්ත්‍රීවරයා, එක්සත් ජාතික පාක්ෂිකයින්ට අද අවශ්‍ය පක්ෂ නායකයා විවේචනය කිරීම නොව, රාජපක්ෂ රෙජීමය ගෙදර යැවීම බව කීවේ සජිත් ප්‍රේමදාසගේ කම්මුලට ගැසුවා සේය.

No comments:

Post a Comment