Wednesday, 28 August 2013

ඉතිහාසයේ දිනක මෙසේ සිදු විය..



නන්දන කුසුම් බාලගේ යනු බදුල්ල ප්‍රදේශයෙන් ලාංකීය විප්ලවවාදී ගමනට එක කල තවත් එක වීරයෙකි. බණ්ඩාරවෙල මහා විද්‍යාලයෙන් සිප්සතර හදාරා නාවිකයෙකු ලෙස වසර දොළහක් රැකියාව කර සිය පන්ති යුතුකම අන් කවරකට වඩා ඉදිරියෙන් තබමින් ජ.වී.පෙ. පුර්නකාලිකයෙක් ලෙස පක්ෂයට බැඳුනේය. පසුව මහනුවර වත්තේගම ආසන සංවිධායක වශයෙන් කටයුතු කරන අතර තුර 2009 මහා මැතිවරණය උදා විය. ඔහු මැතිවරණ ව්‍යාපාරය සමග රට පුරා සංවිධාන කටයුතු කරන අතර තුර ගම්පහ ප්‍රදේශයේ දී 2009 අප්‍රේල් මස 6 වනදා ආණ්ඩුව රකින සගයින්ගේ වෙඩි පහරට බිලි විය.
මෙරට සිදුවන දේශපාලන ඝාතනයන් අතුරින් මේ මරණය සුවිශේෂී වන්නේ එහි පසු පස ජවනිකාව මතය. කලක් එකම මතවාදයක, එකම පන්ති හැගීමෙන් උරෙන් වුර ගැටී සටන් වැදුණු පිරිසකගේ වෙඩි පහරට ලක්වීම කෙතරම් ඛේධනීය සිදුවීමක්ද ? ආණ්ඩුවේ වරධාන, සැප වාහන, මන්ත්‍රී , ඇමෙති තනතුරු වෙනුවෙන් ධනපති පාලකයන්ට වඩා ඉදිරියට පැමිණෙමින් මොහු ඝාතනය කලේ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක වූ පියසිරි විජේනායක ඇතුළු පිරිසක් බව රටම දන්නා කරුණකි. විධායකයට යටවූ අධිකරණයකින් නන්දන සහෝදරයාට යුක්තිය පසිඳ නො වූ බව අප දනිමු.
නන්දන පෙනී සිටි දේශපාලන අරමුණ කුමක්ද ? නිදහස් නිවහල් දේශයක්, සාධාරණ සමාජයක් මෙන්ම මරා දමා ඇති ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම ඔහු කල එකම වරදය. මීට වසර 42 කට පෙරද මෙවැනි පන්ති ද්‍රෝහීන් විසින් නිදහස උදෙසා ගෙන අරගලය ධනපති ඔඩොක්කුවට වී පාවා දුන් ආකාරයෙන්ම මෙයද සිදු කළේය. එහෙත් එක පුත්ගලයෙකුගේ මරණයෙන් ජනතාව සිය අයිතීන් වෙනුවෙන් ගෙන යන අරගලය නතර කල හැකිද ?

මාතෘභූමියට සිය පන දෙවැනි කොට ආදරය කරන, පාලක පන්තියේ කෘරත්වයට එරෙහිව සටන් වදින, ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමට එරෙහිව අරගල කරන මිනිසුන් මරා දැමීමෙන් නිහඬ වන්නේ හොරිකඩ කම් කරන මිනිසුන් දරන අවි වල හෙන හඬ මිස යුක්තියේ රණ හඬ නොවේ. සමාජ සාදාරණත්වය නිදහස උදෙසා නැගෙන හඬ බායිනේත්තුවට යට කල නොහැකි බව ඉතිහාසයේ සෑම ද්‍රෝහී සිදුවීමකින්ම ඔප්පු කොට ඇත. මිනිසුන් වෙඩි තබා බිම හෙලීමෙන් යුක්තිගරුක ජනතා අරගලයයට තිත තැබිය නොහැක. එක් අයෙකුගේ හිඩැස පිරවීමට දහස් ගණනින් රොද දින බව ධනපති තුරුලේ නැළවෙන ඊනියා දේශප්‍රේමීන් වටහා ගත යුතුය.

No comments:

Post a Comment