Monday 26 August 2013

මරණ සහතිකය ගන්නත් බලපෑම්


මරණ සහතිකය ගන්නත් බලපෑම්
උතුරේ අතුරුදහන්වුවන්ගේ පවුල්වල උදවියට අතුරුදන් වුවන්ගේ මරණ සහතිකය ලබා ගන්නා ලෙස යම් යම් බලපෑම් එල්ල වන බව අතුරුදන් වුවගේ පවුලේ එකමුතුව පවසයි.
එම එකමුතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා පවසා සිටියේ ආණ්ඩුවට මේ දිනවල එල්ල වී ඇති චෝදනාවට විසදුමක් වශයෙන් මෙම ක‍්‍රියාව සිදු කරනබවයි. උතුරු ජනතාවට මෙම ක‍්‍රියාව හේතුවෙන් දැඩි කලකිරිමට පත් වී ඇති බවයි. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ රජය මරණ සහතික නිකුත් කර එයින් වන්දියක් ද ලබා දෙන බව පවසා මෙම කටයුතු සිදු කරන බවයි. නමුත් මෙය සිදු කරන්නේ මහජනතාවගේ සුභ සිද්ධියට නොවන බවත් එයින් රජය බලාපොරොත්තු වන බවයි ඔහු අප කළ විමසීමකදී කියා සිටියේ.අතුරුදන් වුවන්ගේ දිනය මේ මස 30 වනදාට යෙදී තිබෙන බව ද ඔහු පවසා සිටියා. ඒ සඳහා අදාළ සැමරුම් උත්සවය කොළඹ නිශ්චීත ස්ථානයක් වෙන් කර ගැනීමට තම සංවිධානයට අවස්ථාවක් ලැබී නොමැති බව ද එකමුතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා පවසා සිටියා.

No comments:

Post a Comment