Wednesday 21 August 2013

මෝටර් රථයකින් පැමිණ මාර්ගය හරස් කර - බසයක ගිය සිසුවියක පැහැරගැනීමට තැත්කළ 5ක් අත්අඩංගුවට

අවිස්සාවේල්ල බලා ගමන් කරමින් සිටි බස් රථයක් මග හරස් කර නවත්වා එහි ගමන් කරමින් සිටි පාසල් සිසුවියක බලයෙන් පැහැරගෙන යාමට තැත් කළ සිසුන් පිරිසක් ‍පොලිස් අත්අඩංගුවට පත් වී ඇත.
සඳුදා (19) සවස පහට පමණ නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේ බාලිකා විදුහලක සිසුවියක් මෙසේ පැහැරගෙන යාමට තැත් කර ඇත්තේ අගනුවර උසස් පිරිමි විදුහලක සිසුන් පස්දෙනකුගෙන් යුත් පිරිසකි.

මෝටර් රථයකින් බසය පිටුපසින් පැමිණි සිසුන් පිරිස මහරගම අධ්‍යාපන ආයතනය අසල දී මාර්ගය හරස් කර තිබේ. එහි දී කලබලයට පත් බස් මගීන් අතර සිටි පුද්ගලයෙක් අංක 119ට ලබා දුන් දුරකථන ඇමතුමක් ක්‍රියාත්මක වී මහරගම ‍පොලිසිය එහි පැමිණ මෙම පාසල් සිසුන් පස් දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සිසුන් අතර මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් දෙදෙනකු සිටින හෙයින් ඒ පිළිබඳ උසස් ‍පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු ඔවුන්ගේ උපදෙස් පරිදි මෙම සිසුන්ගේ දෙමාපියන් ‍පොලිසියට කැඳවා ඔවුන් දැනුවත් කර මෙම සිසුන් නිදහස් කර හැරීමට කටයුතු කළ බව මහරගම ‍පොලිස් ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක සෙනරත් දියකෙළිනාවල මහතා ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය ‍පොලිස්පති අනුර සේනානායක මහතාගේ උපදෙස් පරිදි නුගේගොඩ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී මර්වින් වික්‍රමසිංහ මහතා පරීක්ෂණ කටයුතු මෙහෙයවා තිබේ.
චාමර අමරසූරිය/ගාමිණී සරත් ගුණවර්ධන

No comments:

Post a Comment