Wednesday 21 August 2013

ස්ත්රීන දූෂණය වේගයෙන් වර්ධනය වන රටවල් අතරට ශ්රීය ලංකාවත් එක් වෙලා



ස්ත්‍රී දූෂණ වේගයෙන් වර්ධනය වන රටවල් අතරට ලංකාව එකතුවීමත් ආණ්ඩුවේ දේශපාලනඥයන් ස්ත්‍රී දූෂණ හා ළමා අපචාර සිදුකිරීමත්, එවැනි දූෂකයන් ආණ්ඩුව විසින් ආරක්ෂා කිරීමත් රටේ ආශ්චර්යය බවට පත්ව ඇතැයි 'අයිතීන් උදෙසා කාන්තාවෝ' සංවිධානය පවසයි.

ශීඝ්‍රයෙන් වර්ධනය වන ස්ත්‍රී දූෂණ, ළමා අපචාර හා අමානුෂික හිංසනයන් පිටුපස සිටින අපරාධකාරයන්ට ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ගේ සහ ඇතැම් ඇමැතිවරුන්ගේ රැකවරණය ලැබෙන බවත් ඇතැම් ප්‍රාදේශීය සභා සභාපතිවරුන් හා මන්ත්‍රිවරුන් ආණ්ඩු බලය යොදා ගනිමින් බාල අපචාර හා ස්ත්‍රී දූෂණ සිදුකරන බවත් පෙන්වා දෙන එම සංවිධානය අපරාධකාරයන් ආරක්ෂා කරන දේශපාලනඥයන්ට එරෙහිව පෙළගැසෙන ලෙසත් එවැනි ම්ලේච්ඡ ක්‍රියාවලට රැකවරණය ලබාදෙන පහත් දේශපාලන සංස්කෘතියට එරෙහිව හඬ නඟන ලෙසත් සියලු කාන්තා සංවිධානවලින් සහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

No comments:

Post a Comment