Tuesday 27 August 2013

අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාගේ කසාදය.

නවනීදන් පිල්ලේ සමග කසාදයට මර්වින් සුදානම්
පිල්ලේ නෝනට කියනවා. එන්න මාත් එක්ක රට වටේ යන්න. මාත් එක්ක එනවා නම් මං කියලා දෙන්නම් ඉතිහාසය මහා රාවණාගේ ඉඳලා විජය කුමාරයට නවාතැන් දීලා කුවේණිය කසාද බන්දලා දුන්නෙ අපි, පිල්ලේ නෝනටත් කැමති නම් මමත් ලෑස්තියි හෙට උනත් එතුමිය කසාද බදින්න යැයි මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.
අමාත්‍යවරයා එසේ ප‍්‍රකාශ කර සිටියේ, මරදාන සුදුවැල්ල ප‍්‍රදේශවාසීන් උදෙසා පවත්වනු ලැබූ ‘‘ජන පියස’’ මහා ප‍්‍රජාසත්කාරක ජංගම සේවාව අද දින (27) මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ ප‍්‍රධානත්වයෙන්, පළාත් සභා අමාත්‍ය උයද ගම්මන්පිල, කොළඹ නාගරික මන්තී‍්‍ර සමන් අබේගුණරත්න මහතාගේ සහභාගීත්වයෙන් සුදුවැල්ල අලෙවි මවුලානා ප‍්‍රජා ශාලාවේදී පැවැති උත්සව ශාලාවේදීය.

"මං පිල්ලේ නෝනට කියන්නේ යන්න අපේ පෞඬ ඉතිහාසය බලන්න. සුද්දා ඇඳුම් අදින් නැති කාලේ ඇඳුම් ඇන්ද ජාතියක් මේ ශී‍්‍ර ලංකාවේ ජීවත් වෙන්නේ. අපි කි‍්‍රස්තු පූර්ව වල ඉඳලා ලෝකයත් එක්ක වෙළෙඳාම් කරපු ජාතියක්. අපේ ජාතිය ගැන අධ්‍යනයක් කරන්න යන්න අනුරාධපුරයට, රුහුණට, පොළොන්නරුවට. ඕවල් රයිට්, විල්බට් රයිට්ලට ඉස්සෙල්ලා දඩු මොණරයක් හැදුවේ අපි. ඒක පිල්ලේ නෝනට කියලා දෙන්න. අපි අවුරුදු තිහක් කුරිරු යුද්ධයට මැදිවෙලයි සිටියේ. අද මේ වගේ විශාල සෙනඟක් එක් ස්ථානයකට රැස්වෙන්න බැහැ. බොම්බ බිය නිසා. පරීක්ෂා කරලයි ගන්නේ. නමුත් අද අපේ වාසනාවට එහෙම තත්වයක් නැහැ. මේ වික‍්‍රමය කලේ කවුද, මොන රාජ්‍ය නායකයද 06 වන පරාක‍්‍රම බාහු රජතුමාගෙන් පස්සේ, ජාතීන් අතර සහයෝගය විතරක් නෙමෙයි, ත‍්‍රස්ත‍්‍රවාදීන්ගෙන් රට බේරගෙන මේ රට එක් සේසත් කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි.මේ රාජපක්ෂවරු ගැන රටේ ජනතාව දන්නේ අතලොස්සයි. ප‍්‍රභාකරන්ගේ අවසාන මොහොත ලඟා වෙන කොට නම්බියාර්ලා, විදේශගත රාජ්‍ය නායකයන් කතා කලේ ජනාධිපතිතුමාටයි, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටයි. අපි එනකම් නවත්ත ගන්න කියලා. එතුමා එඩිතරව කිව්වා බැඳගත්ත බේරේ ගහනාව මිසක් නැවැත්විලි නැහැ මේ රාජපක්ෂවරු ලඟ කියලා. මේ ත‍්‍රස්ත‍්‍රවාදය මානුෂික මෙහෙයුමෙන් ඉවත් කරලා තමයි නවත්වන්නේ කියපු ජනාධිපති වරයෙක්, ආරක්ෂක ලේකම් වරයෙක් තමයි මේ රටේ ඉන්නේ මිත‍්‍රවරුණි."
IMG 3788 copy

No comments:

Post a Comment