Monday 26 August 2013

ගොඩේ චන්ඩියා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී , ඒකාධිපතිත්වය කරා ගමන් කරමින් සිටින වැනි රටවල සංචාරය කළා - එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා

tissa 410pxඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනීදන් පිල්ලෙයි මහත්මිය ශී‍්‍ර ලංකාවට පැමිණිම සම්බන්ධව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් බරපතල වාද විවාද  ඇති වී තිබෙන අවස්ථාවක,  ජනාධිපතිවරයා ඒකාධිපති රටකට පලාගොස් ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා චෝදනා කරයි.
මානව හිමිකම් පිළිබඳ චෝදනාවක් ඇති අවස්ථාවක නවනීදන් පිල්ලෙයි මහත්මිය මුණ ගැනීම මඟහැර රාජ්‍ය නායකයා රටෙන් පිටත්ව යාම ගමේ ගොඬේ චණ්ඩිකමකට දෙවැනි නොවන බවද අත්තනායක මහතා කීය.

අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එසේ පැවසු අත්තනායක මහතා, එම කාරණය පැහැදිලි කරමින් මෙසේද සඳහන් කළේය.

'' ජනාධිපතිවරයා හදිසියේ විදේශගත වීම පිළිබඳව විවිධ අදහස් මතු වී තිබෙනවා. නවනීදන් පිල්ලෙයි මහත්මිය මෙරටට පැමිණියේ ශී‍්‍ර ලංකා රජයේ ආරාධනාවකට අනුව බව මහින්ද සමරසිංහ අමාත්‍යවරයා ප‍්‍රකාශ කළා.

ජනාධිපතිවරයා මෙසේ හදිසියේම සංචාරය කරන බෙලරූස් රාජ්‍යය සෝවියට් රුසියාවෙන් කැඞී ගිය කඩා රටක්. මෙය යුරෝපා සංගමයේ තිබෙන අවසාන ඒකාධිපති රාජ්‍යය ලෙසත් ප‍්‍රසිද්ධයි. මෙහි තිබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් නොවන අතර, ඒකාධිපති පාලනයක් බවත් කිව යුතුයි.

යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් 1997 දී බෙලරූස් රාජ්‍යය ඉවත් කොට තිබෙනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව එම රටේ ප‍්‍රශ්න, මාධ්‍ය නිදහස, දේශපාලන කරුණු සහ විවිධාකාරයෙන් වෘත්තීය කි‍්‍රයාමාර්ග මර්දනය කිරීම ආදිය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකිකමින් එසේ යුරෝපා සංගමයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට හේතු වී තිබෙනවා.

ජනාධිපතිවරයා, බෙලරූස් වැනි ඒකාධිපති රාජ්‍යයක සංචාරය කිරීමේ අරමුණ කුමක්ද? රටේ ජාතික ආදායමට විශාල ලෙස මුදල් එවනු ලබන මැදපෙරදිග සිටින සේවක සේවිකාවන් පිළිබඳ ප‍්‍රශ්න රැසක් උද්ගත වී තිබෙනවා. එවැනි රටකට ගොස් කිසියම් එකඟතාවක් ඇති කර ගැනීමට කි‍්‍රයා කළා නම් එහි සාධාරණත්වයක් තිබෙනවා.

එසේත් නොමැති නම් අපේ රට ආනයන, අපනයන වශයෙන් ගනුදෙනු කරන රටක් සමග සාකච්ඡාවක් පැවැත්වූයේ නම් එයද සාධාරණීකරණය කළ හැකියි. එහෙත් කෝටි ගණන් මහජන මුදල් වියදම් කොට ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් දින හතරක් තිස්සේ බෙලරූස් රාජ්‍යයේ රඳවා තබා ගෙන සිදු කරනු ලබන රාජ්‍ය තාන්ති‍්‍රක ගනුදෙනුව කුමක්ද?

බෙලරූස් රාජ්‍යයේ ඒකාධිපති රාජ්‍ය නායකයා වන ඇලෙක්සැන්ඩර් ලූකා සෙන්කෝ බලයට පත්වුණේ 1994 දීය. ඔහු 1995 දී බලය දීර්ඝ කර ගැනීමට ජනමත විචාරණයක් පැවැත්වූ අතර, එම ජනමත විචාරණය දූෂිත මැතිවරණයක්  බව එරට මැතිවරණ කොමසාරිස්වරයා පවා ප‍්‍රකාශ කළා. මැතිවරණ කොමසාරිස්වරයා සිදු කළ එම ප‍්‍රකාශය නිසා ඔහුව එම තනතුරින් පහ කිරීමට ඇලෙක්සැන්ඩර් ලූකා සෙන්කෝ නමැති ඒකාධිපති පාලකයා කි‍්‍රයා කළා.

බෙලරූස් රාජ්‍යයේ පෞද්ගලික ව්‍යවසායකත්වයක් නැහැ. රාජ්‍ය පාලනය යටතේ මුළු ආර්ථික කි‍්‍රයාවලියම හසුරුවනවා. එරට තිබෙන්නේ ගස් කපන කර්මාන්තයත්, රෙදි කර්මාන්තයත් පමණයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ පහත් දර්ශනයක් තිබෙන රටකින් අපට ගැනීමට තිබෙන ආදර්ශය සහ සහයෝග කුමක්ද?  පසුගිය කාලයේත් ජනාධිපතිවරයා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ලෙස කටයුතු කරන හෝ ඒකාධිපතිත්වය කරා ගමන් කරමින් සිටින ඉරාකය, ලිබියාව, උගන්ඩාව, ස්වාසිලන්තය වැනි රටවල සංචාරය කළා

No comments:

Post a Comment