Wednesday 28 August 2013

ජොහාන් මැතිවරණය හොරා පොලිස් සෙල්ලමක් කරගෙන



election-bus-28813
නව පත්වීම ලැබු උපාධිධාරින් හා සමෘද්ධිලාභීන් කැඳවා නීති විරෝධි ලෙස පැවැත්වෙමින් තිබු ජොහාන් ප්‍රනාන්දුගේ ‍රැස්වීමකට මැතිවරණ නිළධාරින් කඩා පැණීමට සූදානම් වන බවට තොරතුරක් ලැබීමෙන් පසුව ‍රැස්වීමට පැමිණි සියලු දෙනා ජොන්ස්ටන් ඇමැතිවරයාගේ ගෙදරට ගෙන ගිය බව වාර්ථාවේ.
ඊයේ (27) දැයට කිරුළ වැඩසටහනක මුවාවෙන් රාජකාරි නිවාඩු අනුමත කර ගනිමින් නව උපාධිධාරී පත්වීම් ලැබූවන් හා සමෘද්ධිලාභී නව පත්වීම් ලැබූ 85 දෙනෙකු ජොහාන් ස්ටැනිස්ලෝස් ප්‍රනාන්දු මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට සහභාගී වී සිටියදී මේ සිදුවිය.

එම රැස්වීම මුලින් සංවිධානය කර තිබුණේ නිකවැරටිය බුද්ධිමා හෝටලයේය.එම ස්ථානයට මැතිවරණ නිළධාරීන් පැමිණෙන බව පොලිසියේ නිළධාරීන්ගෙන්ම අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ආරක්ෂක ප්‍රධානියාට තොරතුරු ලැබී ඇත.ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පිරිස බස්රථ දෙකක් ගෙන්වා උපාධිධාරී නව පත්වීම් ලාභීන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවසට රැගෙන ගොස් ඇත.

එම ස්ථානය පිළිබඳව තොරතුරු සොයා ගත් මැතිවරණ නිළධාරීන් එම ස්ථානයට ගොස් ප්‍රචාරක ශබ්දවිකාශන යන්ත්‍ර ගලවා,මයික්‍රෆෝන ඉවත්කර පිරිසට කරුණු පැහැදිළි කර දී එම ‍රැස්වීම තහනම් කර ඇත.

No comments:

Post a Comment