Monday 26 August 2013

සීදුවේ නයිට් ක්ලබ් එකේ ගණිකාවන් 21 ඉඳලා



prostitutes-26513
සීදුව, ලියනගේමුල්ල, අරලිය මාවත ප්‍රදේශයේ රාත්‍රි සමාජ ශාලාවක්‌ ලෙස පවත්වාගෙන ගිය ආයතනයක් 24 වැනිදා අළුයම වැටලූ පොලිස්‌ මූලස්‌ථාන සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්‌ඨාසය, ගණිකා වෘත්තියේ නියෑළුණු බව කියන කාන්තාවන් 21 දෙනකු සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් කතුන් අවුරුදු 21 ත් 35 ත් අතර වයසේ පසුවන්නියන් බවත්, ඔවුන් මොනරාගල, මාතර, නුවර, පුත්තලම, කුරුණෑගල, මීගමුව, මිනුවන්ගොඩ, මහරගම, රාගම, පොලොන්නරුව, හොරණ, වැල්ලම්පිටිය, කිරිබත්ගොඩ යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවත් පොලිසිය පවසයි.
මෙම එක්‌ කාන්තාවක රුපියල් පන්දහසේ සිට ඉහළට මුදල් අයකර ඇතැයි හෙළිවූ බවද පොලිසිය කියයි.

No comments:

Post a Comment