Wednesday 28 August 2013

ත්‍රස්තවාදි සැකකරුවෙක් වූ සිය සැමියාගේ නඩුවට පෙනී සිටියේ නවනීදන් පිල්ලේ - උදය ගම්මන්පිල කියයි


gammanpila“නවනීදන් පිල්ලේ නෝනාගේ සැමියා ත‍්‍රස්තවාදී සැකකරුවෙක් ලෙස දකුණු අප‍්‍රිකාවේදී අත්අඩංගුවට ගත්ත පුද්ගලයෙක්. ඇයට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න උදව් කරලා තියෙන්නේ ඩර්බන්වලදී එහේ හිටිය දෙමළ ජාතිකයන්. සැමියාගේ නඩුවට පෙනී සිටියේත් පිල්ලේ නෝනාමයි.
ඇය මේ ඇවිත් තියෙන්නේ තමන්ගේ අය ලංකාවේ රජය විසින් මරා දැමුවාද නැද්ද යන්න සොයා බැලීමට” යැයි බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේය.
බස්නාහිර පළාත් කෘෂිකර්ම,
ගොවිජන සේවා, සුළු වාරිමාර්ග හා කර්මාන්ත අමාත්‍ය ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කර සිටියේ මහරගම නාවින්න ක‍්‍රීඩාංගනයේ පැවැති රෝද තුනට මනු සවියක් යන තේමාව යටතේ ත‍්‍රීරෝද රථ සඳහා මීටර් ලබා දීමේ උත්සවයට සහභාගී වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ගම්මන්පිල මහතා,
“අපි පහුගිය කාලයේ පිල්ලේ නෝනා ‘වානා’ කිව්වා. දැන් අපේ රටට පිල්ලේ නෝනා ඇවිත්. ඇයි අපි එයාට එන්න දුන්නේ
? කපන්න බැරි අත සිඹිනවා වගේ අපිට ඒක කරන්න සිදුවුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් එන සැප්තැම්බරයේ පැවැත්වෙන සමුළුවට ඇයට වාචික ලෙස අපේ රටේ මානව හිමිකම් ගැන කරුණු දක්වන්න වෙලා තියෙනවා. ඒ නිසා ඒ සඳහා තොරතුරු සොයන්න අපේ රජයට ඉඩ දෙන්න වෙලා තියෙනවා. නමුත් ඇය ඇවිත් තියෙන්නේ අපේ රජය දෙමළ ජාතිකයන් 40,000 ක් මැරුවද කියලා හොයලා බලන්නයි.”
“මෙතුමිය තමන්ගේ සැමියා ත‍්‍රස්තවාදී සැකරුවෙක් ලෙස වූ චෝදනාවෙන් නිදහස් කර ගත් පසු දකුණු අප‍්‍රිකාවේ සෑම ත‍්‍රස්තවාදී සැකකරුවෙක්ම ඇය ළඟට තමන්ගේ නඩුව අරන් ආවා. ඇය ත‍්‍රස්තවාදි සැකකරුවන් සිය ගණනක් අප‍්‍රිකාවේදී මුදාගත් නීතිඥවරියක්. මානව හිමිකම් චෝදනාව අපට එල්ල කරන්නේ දරුස්මාන් වාර්ථාවට අනුවයි. ඒ වාර්තාව සකස් කළ තුන් දෙනාගෙන් එක් කෙනෙක් පිල්ලේ නෝනා සමග එකට රාජ්‍ය නොවන සංවිධානවල වැඩකරන කෙනෙක්. එකට සඟරා කරන කෙනෙක්. හොඳම මිතුරියෝ. හොඳම මිතුරිය හැ
දූ වාර්ථාවේ තතු හොයන්නයි ඇය ඇවිත් තියෙන්නේ.

මහරගම පී. දයාරත්න

No comments:

Post a Comment