Sunday 25 August 2013

මාධ්‍යවේදිනී මන්දනා පැහැර ගැනීමට කොන්ත්‍රාත්තුව දුන්නේ නාමල් රාජපක්ෂ: මුදල් ගෙව්වේ සජින්වාස්: පැමිණියේ සිංහ රෙජිමේන්තුවේ සෙබළුන්-----

Photo: මාධ්‍යවේදිනී මන්දනා පැහැර ගැනීමට කොන්ත්‍රාත්තුව දුන්නේ නාමල් රාජපක්ෂ: මුදල් ගෙව්වේ සජින්වාස්: පැමිණියේ සිංහ රෙජිමේන්තුවේ සෙබළුන්-----

(ලංකා ඊ නිව්ස් -2013.අගෝ.24, ප.ව.6.20) මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මිය පැහැරගෙන යෑමට පැමිණි සන්නද්ධ කණ්ඩායම යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ අධිආරක්ෂක කලාප ආරක්ෂාවට අනුයුක්ත සෙබළ කණ්ඩායමක් බවත් ඔවුන් පැමිණ ඇත්තේ නාමල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවකට බවත් පරීක‍ෂණ වලදී හෙළිවී ඇතැයි 'ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය' වෙත වාර්තා වේ.

පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත්තේ,
• කදිරප්පුලිගේ ඉන්දික සම්පත් කුමාර නම් යුදහමුදාවේ සිංහ රෙජිමේන්තුවට අනුයුක්ත සෙබලෙකි.

අත් අඩංගුවට ගැණුනු අනෙක් පිරිස මෙසේය.
• උදයසිරි අසංක - යුද හමුදා කෝප්‍රල්, අංක 502721, 5 වන සිංහරෙජිමේන්තුව, අධිආරක්ෂක කලාප ආරක්ෂක ඒකකය
• කදිරප්පුලිගේ රෙජින් චන්දිමාල් කුමාර - යුද හමුදා සෙබල, අංක 418908, සිංහ රෙජිමේන්තුව, විශේෂ බලකාය, කොළඹ අධි ආරක්ෂක කලාප ඒකකය.
• කදිරප්පුලිගේ රෝහිත ලක්ෂ්මන්
• විතාන ආරච්චිගේ ශාන්ත කුමාර

කිසියම් ව්‍යාපාරික ගණුදෙනුවකින් නාමල් රාජපක්ෂ විසින් කෝටි ගණනක කොමිස් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු සහිත ලිපිගොනුවක් මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම වෙත ලැබී ඇති බව ඇයගේ දුරකථනයට ඇහුම් කන් දෙන රාජපක්ෂලාගේ ඔත්තු කරුවන්ට දැන ගන්නට ලැබී ඇත. ඒ බව නාමල් රාජපක්ෂට පැවසීමෙන් පසු ඔහු විසින් එම ලිපි ගොනුව මන්දනාගෙන් ලබා ගැනීමට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී තිබේ. සෙබළ කණ්ඩායමට කොන්ත්‍රාත් මුදලින් ඇඩ්වාන්ස් මුදලක් ලෙස ලක්ෂ 3 ක් ගෙවා ඇති අතර එය ගෙවා ඇත්තේ සජින් වාස් ගුණවර්ධන විසිනි.

සෙබළුන්ට සජින් වාස්ගෙන් ලැබී තිබුණු උපදෙස වී ඇත්තේ මන්දනා හෝ පවුලේ කිසිවෙකු මරා දැමීම සිදු නොකරන ලෙසත් ඇය බිය ගන්වා අදාල ලිපිගොනුව රැගෙන එන ලෙසත් ය. ඒ අනුව මීට දින කිහිපයක සිට ඇයට තර්ජනය කරන ලද නමුත් ඇය ඒ කිසිවක් මායිම් කර නැත. ඒ අනුව උපදෙස් දී ඇත්තේ ඇයගේ නිවසට කඩා වැදී මරා දමන බවට තර්ජනය කර ලිපිගොනුව සොයා ගන්නා ලෙස හෝ එසේ නොහැකි වුවහොත් ඇයව පැහැරගෙන එන ලෙසය. පැහැරගෙන විත් ලිපිගොනුව ඇත්තේ කොහිද සහ ඇයට ලිපිගොනුව ලැබුනේ කාගෙන්දැයි දැන ගන්නා ලෙසය.

ඊයේ රාත්‍රී මන්දනාගේ නිවසට සෙබළ පිරිස කඩා වැදුනේ ඒ අනුවය. ඩිපෙන්ඩර් වර්ගයේ රථයකින් පිරිස රැගෙන විත් බස්සවා ගොස් ඇති අතර ත්‍රී වීල් රථ දෙකක් ද යොදවා තිබී ඇත.

සාහසිකයන්ගේ සැලසුම් සියල්ල අවුල් වන්නේ මන්දනාගේ සැමියා ඒ අවස්ථාවේ නිවසේ නොසිට පොලිසියට පැමිණිලි කිරීම නිසාය. පළමුවෙන්ම 119 හදිසි ඇමතුම් සේවයට මන්දනාගේ සැමියාගෙන් ලැබුනු තොරතුරු අනුව බම්බලපිටිය පොලිසියට දැනුම් දී ඇති අතර බම්බලපිටිය පොලිසිය සිය ජංගම මුර රථයක් එහි යවා ඇත. ඊට පිටුපසින් බම්බලපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාද කණ්ඩායමක් කැටිව තවත් රථයකින් ගොස් ඇත.

මන්දනාගේ නිවසේ ලයිට් දමා ඇතුලේ පිරිසක් සිටින බවට තහවුරු වීමෙන් පසු ජංගම රථයෙන් පැමිණි පොලිස් සාජන්ට්වරයා සහිත කණ්ඩායම නිවසේ පිටුපස දෙසින් වටකර ඇති අතර අපරාධ අංශ ස්ථානාධිපතිවරයාගේ පිරිස නිවසේ ඉදිරිපසින් වට කර තිබේ. පිටුපස ජනේලයකින් හිස ඇතුලට දැමූ සාජන්ට් වරයාට සන්නද්ධ සෙබළ පිරිස විසින් තියුණු ආයුධයකින් ගෙලට කොටා ඇත. දැන් බරපතල තත්ත්වයෙන් රෝහල්ගතව සිටින්නේ එම සාජන්ට් වරයා ය.

පොලිස් සාජන්ට්ගේ ඛෙල්ලට කෙටීමෙන් පසු පැමිණි එක් සෙබලෙක් පිටුපසින් පැන යෑමට උත්සාහ කරද්දී සාජන්ට්ගේ පිස්තෝලය රැගත් කොස්තාපල් වරයෙක් ඔහුට වෙඩි තබා තිබේ. ඔහු එතැනම මිය ගොස් ඇත. ඉන්පසුව සෙබළුන් කණ්ඩායම පොලිස් අත් අඩංගුවට ගනු ලැබිණ.

ඉහත සත්‍ය වසන් කරමින් මෙය මංකොල්ලයක් ලෙස හඳුන්වා නාමල් රාජපක්ෂගේ සහ සජින් වාස් ගුණවර්ධනගේ මිනීමරු මෙහෙයුම වසන් කිරීමට මේ වන විට සියල්ල සූදානම් කර ඇත. ඒ සඳහා පැමිණි කණ්ඩායම මංකොල්ලකෑම සඳහා පැමිණි පිරිසක් බවත් යුද හමුදාවෙන් පලා ගිය පිරිසක් බවත් පෙන්වා සටහන් යොදා හැකි ඉක්මනින් පිරිස රිමාන්ඩ් කරන්නැයි කොළඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක විසින් පොලිසියට නියෝග කර තිබේ. මෙහි සිනහා උපදවන කාරණය නම් මොවුන් හමුදාවෙන් පළා ගොස් ඇත්තේ පෙරේදා (22) ලෙස සඳහන් කිරීමයි.

හැම ගහටම කොටාගෙන ගොස් කෙහෙල් ගහට කෙටූ දිනයට හොට පැටලෙන බවට ජනවහරේ ඇති කියමන සත්‍ය බවට තහවුරු කරමින් මැදමූලන රාජපක්ෂලාගේ මිනීමරු සෙල්ලම මෙවර හෙළි වී තිබේ. මෙය වළලන්නට ඉඩ නොදී අනාවරණය කිරීම සෑම මාධ්‍යවේදියෙකුගේම වගකීමකි. මන්ද යත් මන්දනාට නාමල් රාජපක්ෂගේ කොමිස් ගැහිල්ල ගැන තොරතුරු ලැබීම ඇයගේ දුරකථනයට ඇහුම්කන් දීමෙන් දැන ගත්තාද නැතිනම් ඒ බව ලීඩර් ආයතන ප්‍රධානියාගෙන්ම දැනගත්තාදැයි යන්න සැක සහිත බැවිනි. ලීඩර් ආයතනය පසුගියදා මිලදී ගත්තේ නාමල් රාජපක්ෂගේ රගර් ක්‍රීඩා උපදේශකයා වීම සැලකිය යුතු කාරණයකි. සියළු මාධ්‍ය ආයතන රාජපක්ෂවරුන් මෙහෙයවන තත්ත්වයක් තුල සේවය කරන මාධ්‍යවේදීන්ගේ ඝාතකයා තම ආයතන ප්‍රධානියාම වීමට ඉඩ ඇති බැවින් මාධ්‍යවේදීන් මේ සිදුවීම බරපතල කාරණයක් ලෙස සලකා තම යුතුකම ඉටු කළ යුතුය. 
 
මාධ්‍යවේදිනී මන්දනා ඉස්මයිල් අබේවික්‍රම මහත්මිය පැහැරගෙන යෑමට පැමිණි සන්නද්ධ කණ්ඩායම යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ අධිආරක්ෂක කලාප ආරක්ෂාවට අනුයුක්ත සෙබළ කණ්ඩායමක් බවත් ඔවුන් පැමිණ ඇත්තේ නාමල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුවකට බවත් පරීක‍ෂණ වලදී හෙළිවී ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment