Sunday 25 August 2013

නවනීදන් පිල්ලේ සංචාරය දේශපාලන පක්ෂයක මැතිවරණ වාසියකට හේතු නොවිය යුතුයි.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ ලේකම් නවනීදන් පිල්ලේ මහත්මියගේ ශ්‍රි ලංකා සංචාරයේ දී යාපනය දිස්ත්‍රික් මැතිවරණයට තරග වදින තොරාගත් දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් පමණක් හමුවීමට ඇති ඉඩකඩ පිළිබද කැෆේ සංවිධානයේ දැඩි අවධානය යොමු වී තිබේ.
    උතුරු පළාත් සභා මැතිවරණයට තරග වදින තෝරාගත්  දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් පමණක්  ශ්‍රිලංකාවේදි  හමුවන්නේ නම් එමගින් එම දේශපාලන පක්ෂයට හෝ කණ්ඩායමට  මැතිවරණ අචාර ධර්මවලට අනුකුල නොවන වාසියක් සැලසෙන බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන මහතා කිලිනොච්චියේ අද (25) දා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
    යුධ සමයේ දී මෙරට සිදු වූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබද වාර්තාවන් සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් සභා සැසිවාරයන් හි දී ශ්‍රී ලංකාවට සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවන් උතුරු පළාත් සභා මැතිවරණයේ ප්‍රමුඛ අවධානයට යොමු වූ සාධනීය කරුණු බවට පත් වී ඇත.  එවැනි පරිසරයක යාපනය කේන්ද්‍රගත ජනමාධ්‍ය යේ  වැඩිම අවධානය යොමුවී ඇත්තේ මහලේකම්වරියගේ යාපනය සංචාරය සම්බන්ධයෙන් බව මේ වන විට තහවුරු වී තිබේ.
    ඇයගේ සංචාරයේ දී මෙවර පලාත් සභා මැතිවරණය තරග වදින තෝරාගත් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් පමණක් යාපනයේ දී හමුවන්නේ නම් එමගින් එම පක්ෂ සහ කණ්ඩායම් වලට පමණක්  මැතිවරණ ආචාරධර්ම පටහැනි වාසියක් හිමිවීම වැලැක්විය නොහැකි වනු ඇත.  එපමනක් ද  නොව එය සති ගණන් ඇදුණු  උතුරේ ජනමාධ්‍ය සදහා මාධ්‍ය සංදර්ශනයකට අවස්ථාව සැලසීමක් ද වනු ඇත්තේය.
    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහලේකම්වරිය උතුරු පළාත් සභා මැතිවරණයට තරග වදින තෝරාගත් පක්ෂ හෝ කණ්ඩායම් පමණක්
    හමුවන්නේ නම් එය මැතිවරණයක සමයක දී එලෙස හමුවන කණ්ඩායම්වලට නියත වාසිදායක පරිසරයක් ඇති කරනු නොවැලක්විය හැකි බව තෙන්නකෝන් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය. 
    උතුරු පළාතේ දී හෝ වෙනත් වෙනත් ස්ථානය ක දී උතුරු පළාත් සභා මැතිවරණයට තරග වදින දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම් හමුවීමට මහ ලේකම්වරිය අදහස් කරන්නේ නම් ඒ සදහා වන සමාන අවස්ථා මැතිවරණයට තරග වදින සියළු දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් වෙත හිමිවිය යුතු බව කැෆේ සංවිධානයේ විශ්වාසය යි.
    මානව හිමිකම් පිළිබද විශ්ව ප්‍රඥප්තියේ ප්‍රතිපාදන සම්පාදනය කිරීම සදහා බැදී සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකා මැතිවරණ ක්‍රියාවලියේ සමානාත්මතාව පිළිබද ස්වභාව යුත්තිය ඉටු කරනු ඇතැයි කැෆේ සංවිධානයේ දැඩිව විශ්වාස කරයි. 
 
No comments:

Post a Comment