Wednesday 28 August 2013

වැලිවේරියට හමුදාව එවන්න අණ දුන්නේ කව්දැයි මං දන්නවා: ඒක වෙලාවට කියන්නම්: මං වැලිවේරිය අත හරින්නේ නෑ: ආණ්ඩුවට රනිල් එක්ක හැප්පෙන්න වෙනවා -රනිල්------------

(ලංකා ඊ නිව්ස් -2013.අගෝ.28, ප.ව.3.30) 'ප්‍රභාකරන් මැරූ අපට මේක කජ්ජක්ද කියලා වැලිවේරියට හමුදාව එවලා වෙඩි තිබ්බා. ඕක කියන්න කට්ටිය බයයි. කවුද අණ දුන්නේ කියල මම දන්නවා. ඒක මම අවශ්‍ය වේලාවට කියන්නම්. මම වැලිවේරිය අතාරින්නේ නෑ. ආණ්ඩුව යුක්තිය ඉටු නොකොට පාගන්න හදනවා නම් රනිල් වික්‍රමසිංහ එක්ක හැප්පෙන්න වෙනවා' යි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ වැලිවේරිය සංහාරයට විරුද්ධව සමගි බලවේගය විසින් එහිදී පැවැත්වූ උද්ඝෝෂනයේදී වික්‍රමසිංහ මහතා එසේ පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා, 

"වැලිවේරියේ වෙඩි තැබිම ගැන මට ආරංචි වුණේ මාතර සිට කොළඹට එන ගමන් රාත්‍රී අටහමාරට විතරත් වෙඩි තබන හරෑ දුරකථනය ඔස්සේ මට ඇසුණා. අජිත් මාන්නප්පෙරුම මන්ත්‍රීතුමා ඇතුළු අපි ඊළඟ දවසේ උදේ මේ ප්‍රදේශයට ආවා. ඒත් ඊට පෙරදින අපි රෝහල්වලට කතා කොට මෙම ජනතාව ගැන අපට පුළුවන් ආකාරයට සොයා බැලීමටත් ක්‍රියා කළා.

මම මීට පෙර වැලිවේරිය නියෝජනය කළා. මේ ජනතාව මට ඡන්ද ලබා දුන්නා. 1977දී අපි ඔක්කෝම එකතු වෙලා සමගි පෙරමුණ ආණ්ඩුව නැති කළා. මේ පාරවල් ඉදිකොට වෙළෙඳ කලාපය ඇති කිරීමටත් මේ ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ලෙස මම එදා ක්‍රියා කළා.

මම ඉදිරියටත් වැලිවේරිය අතාරින්නේ නෑ. ආණ්ඩුව යුක්තිය ඉටු නොකොට ඒක පාගන්න හදනවා නම් රනිල් වික්‍රමසිංහ එක්ක හැප්පෙන්න වෙනවා. වැලිවේරියේ සිටින්නේ සීතාවක රාජසිංහ රජතුමා විසින් ගෙන එන ලද ජනතාවගෙන් පැවත එන පිරිසක්. පෘතුගීසීන් සමග හැප්පෙන්න ඔවුන් ගෙන ආවා. වැලිවේරිය, රතුපස්වල, වඩුවේගම, උඩුපිල, කම්මල්වත්ත, ගොලුමහර ආදී සෑම ප්‍රදේශයක ඉතිහාසය ඒ දක්වා ගමන් කරනවා.

මේ ප්‍රදේශවල ජනතාව පෘතුගීසීන් වට කරලා ගැහුවා. ඉන්පසුව ලන්දේසීන්ටත් ඉංග්‍රීසින්ටත් විරුද්ධව සටන් කළා. පසුගිය යුද්ධ කාලයෙත් මේ ප්‍රදේශවල ජනතාව වැඩි පිරිසක් හමුදාවට බැඳුණු බව මම දන්නවා. අපි ගණේමුල්ලේ කමාන්ඩෝ කඳවුර ස්ථාපිත කළා. ඒ වගේම ගෝනහේනේදී පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරුත් පිහිටෙව්වා.

රට වෙනුවෙන් සටන් කරපු පිරිසකට අද ත්‍රස්තවාදීන් ලෙස සලකනවා. හේලිස් සමාගමේ කර්මාන්ත ශාලාවකින් පානීය ජලයට ප්‍රශ්නයක් ඇති වී තිඛෙන බව ජනතාව ප්‍රකාශ කළා. දාඩිය මහන්සියෙන් කැපූ ළිඳේ ආම්ලිකතාව වැඩි බව ප්‍රකාශ කළා.

ඒ අනුව සොයා බලන්න ආණ්ඩුවට වගකීමක් තිඛෙනවා. හේලිස් කර්මාන්ත ශාලාව වැරදි නම් ඒක වසා දැමීමට හෝ වෙනත් සාධාරණ පියවරක් ගත යුතුව තිබුණත් ආණ්ඩුව ඒක සිදු කළේ නැහැ. ඒ වෙනුවට පසුගිය අගෝස්තු 1 වැනිදා හමුදාව මෙහාට එව්වා.මෙතැන උද්ඝෝෂණය කළ අයගෙන් කාටවත් අවහිරයක් තිබුණේ නැහැ. නමුත් ඔවුන්ට අමානුෂිකව වෙඩි තිබ්බා.

මේ වෙඩි තැබිමට දැන් දවස් 25 ක් ගත වෙලා. කර්මාන්ත ශාලාව යළි විවෘත කොට තිඛෙනවා. මැරුණු පවුල්වල අය ජනාධිපති මන්දිරයට එක්කරගෙන ඇවිත් කන්න බොන්න දීලා තිඛෙනවා. රතුපස්වලට ජල යෝජනා ක්‍රමයක් ඔස්සේ ජල බද්ද අය කර ගන්න සූදානම් වෙනවා. තවත් මසක් දෙකක් යන විට වතුර බිලටත් ගෙවන්න සිදු වෙනවා. උද්ඝෝෂණය නොකළා නම් ඊට වඩා හොඳයි.

මේකට වගකියන පුද්ගලයෙක් ගැන කියලා තියෙනවාද? ද~ුවම් කරලා තිඛෙනවාද? මං අහන්නේ එපමණයි.

මෙය වැලිවේරියට ලබා දුන් දෙවැනි දඩයමයි. පළමු වැනි දඩයම ලෙස කොටි ඇවිල්ලා මෙතැනදී ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිතුමා මරා දැම්මා. වැලිවේරියේ ජනතාව එම සිද්ධියේදීත් මිය ගියා. ඊට පසුව රාජපක්ෂ රෙජිමය සමූහ කණ්ඩායමක් එවා ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කළ වැලිවේරියේ අය මරා දැම්මා. මැරුණු අය වෙනුවෙන් වන්දි ගෙවන ලද බව කිව්වත් කීයක් ගෙව්වද කියලා මං දන්නෙ නැහැ. අකිල දිනේෂ් පවුලේ සිටි එකම දරුවා එම අම්මට ඒ දරුවා නැති වුණා.

ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඇමැතිවරයා වෙනුවෙන් ලක්ෂ 50ක් ලබා දුන්නා. මේ අයටත් ලක්ෂ 50ක් හමු වුණාද? එදා ලක්ෂ 50ක් දුන්නා නම් අදත් ලක්ෂ 50ක් දිය යුතුයි. ඒ වෙනුවෙන් උද්ඝෝෂණය කරන්න අපට අයිතියක් තිඛෙනවා.

උද්ඝෝෂණයට වෙඩි තැබිම නිසා දෙන්නෙක් පල්ලිය ඇතුළේදී මැරුණා. පල්ලියට ගිහින් වෙඩි තැබිම ගැන හමුදාව වගකිව යුතුයි. අනිත් කෙනා මැරුණේ වෙනත් ස්ථානයකදීයි. එහෙනම් සිද්ධිය වූ තැන කවුරුවත් මැරුණේත් තුවාල වුණේත් නැහැ. වැලිවේරිය සිද්ධියට පොලිසිය එවන්නේ නැතුව හමුදාව එව්වේ ඇයි? ප්‍රභාකරන් මැරූ අපට මේක කජ්ජක්ද කියලා වෙඩි තිබ්බා. ඕක කියන්න කට්ටිය බයයි. කවුද කිව්වේ කියලත් මම දන්නවා. ඒක මම අවශ්‍ය වේලාවට කියන්නම්.

පල්ලියට ගිය අයට වෙඩි තිබ්බේ ඇයි? පන්තියට ගිහින් එන ශිෂ්‍යයාට වෙඩි තිබ්බේ ඇයි කියලා අපි දැන ගත යුතුයි. නීතිය් ආධිපත්‍යය කියන්නේ ඒකටයි.මේ රටේ මරණයක් පිළිබඳ විභාග කරන්නේ මහෙස්ත්‍රාත් විසිනුයි. මිනීමැරුමක්ද දිවිනසා ගැනීමක්ද? එහෙම නැත්නම් නැති වුණේ කොහොමද කියලා කියන්න ඕන. දැන් පටන් ගත යුත්තේ ඒකයි. නමුත් ඊට පෙර පරීක්ෂණ පටන් ගැනීමට හමුදාවට තිඛෙන අයිතිය කුමක්ද?

එසේ නම් හමුදාපතිත් අගවිනිසුරු බවට පත් කරන්න ඕන. දැනට සිටින අගවිනිසුරුත් ශිරාණි බණ්ඩාරනායක වගේ අයින් කරන්න ඕන.මහෙස්ත්‍රාත් විසින් පරීක්ෂණ සිදු කළාට පසුවයි හමුදාව පරීක්ෂණ කළ යුතු වන්නේ. නමුත් අශ්වයාට පෙර කරත්තය දමනවා වගේ වැඩක් දැන් සිදුවෙලා. මේ රටේ මේ විදිහට නීතියේ ආධිපත්‍යය ආරක්ෂා වෙන්නෙ කොහොමද? නීතිය අද යටපත් වෙලා.

මෙතැන මාධ්‍යවේදීන් දඩයමක්ද සිදු වුණා. සමහර අය පැය හත අටක් ආරක්ෂාවට ගෙවල් ඇතුළට වී සිටියා. මටත් එක්කෙනෙක් කතා කළා. මාධ්‍ය දඩයම කළේ කවුද කියලා හොයලා නැහැ. නමුත් මන්දනා ස්මයිල් අබේවික්‍රමගේ ගෙදරට කණ්ඩායමක් ගොස් තිඛෙනවා. ඒ කණ්ඩායම කවුද? ඒ අයගෙන් ඉන්දික සම්පත් කුමාරසිරි මිය ගිහිල්ලා. ඔහුගේ සහෝදරයින් දෙදෙනෙක් තුවාල ලබා සිටිනවා.

ඔවුන්ගෙන් එක් අයෙක් යුද හමුදා සෙබළෙක් බව හෙළි වෙලා. තවත් කෙනෙක් යුද්ධ හමුදාවේ සෙබළෙක්. වැලිවේරියෙන් පටන් ගත් දේ දැන් කොළඹට පැතිරිලා. මන්දනා අබේවික්‍රමගේ නිවසට පැමිණි අය ගැන සොයන්නෙ නැහැ. ඒකත් සඟවනවා. මේ රටේ ජනතාවට බලාපොරොත්තු වෙන්න පුළුවන් යුක්තිය මේකද? අප මෙතැනට පැමිණියේ වැලිවේරිය අමතක කොට නැත කීමටයි. අපි මේක රට වටේ ගෙන යනවා.

මෙතැන රැස්වීමක් තැබිමට ඉඩ නොදෙනවා නම් මට ගම්වලට පැමිණ රැස්වීම් තබන්න පුළුවන්. ගෙයින් ගෙට යන්න පුළුවන්. ඒකට අවසර ගන්න අවශ්‍ය නැහැ.

රතුපස්වලට ලබා දුන්නේ ලේ වැගිරීමක් විතරයි ආණ්ඩුව ජලය ලබා දුන්නා කියලා පෝස්ටර් ගහන්නෙ ඒකටයි. ආණ්ඩුව දැන් බය වෙලා.

මන්දනා අබේවික්‍රමගේ නිවසට පැමිණියේ ක්‍රිස් ටවර් වංචාව ගැන ලිපි ගොනුව සෙවීමටද? එම ලිපි ගොනුව ගැනීමට පැමිණියාද කියලා අපි අහනවා. මේ ගෙදර තිඛෙන රූපවාහිනි ආදිය ගෙන යන්න පස්දෙනෙක් එන්නෙ නැහැ.

ක්‍රිස් ලිපි ගොනුව ආරක්ෂා කිරීමට අපටත් සිදු වෙලා. ක්‍රිස් ගිවිසුමේ දූෂණයට රතුපස්වල ජනතාවටත් ගෙවීමට සිදු වෙනවා. අපි යුක්තිය පතා නැති වූ ජීවිතවලට යුක්තිය ඉටු කිරීමට දිගටම සටන් කරනවා" යැයිද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ප්‍රභාකරන් මැරූ අපට මේක කජ්ජක්ද කියලා වැලිවේරියට හමුදාව එවලා වෙඩි තිබ්බා. ඕක කියන්න කට්ටිය බයයි. කවුද අණ දුන්නේ කියල මම දන්නවා. ඒක මම අවශ්‍ය වේලාවට කියන්නම්. මම වැලිවේරිය අතාරින්නේ නෑ. ආණ්ඩුව යුක්තිය ඉටු නොකොට පාගන්න හදනවා නම් රනිල් වික්‍රමසිංහ එක්ක හැප්පෙන්න වෙනවා' යි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඊයේ වැලිවේරිය සංහාරයට විරුද්ධව සමගි බලවේගය විසින් එහිදී පැවැත්වූ උද්ඝෝෂනයේදී වික්‍රමසිංහ මහතා එසේ පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායකවරයා,

No comments:

Post a Comment