Thursday 29 August 2013

මම කඳුරටට ක්‍රීඩා කරනවා - සංගා කියයි


ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර එළැඹෙන චැම්පියන්ස් ලීග් තරගාවලියේදී කඳුරට මෙරූන්ස් පිලට ක්‍රීඩා කිරීමට තීරණය කරනු ලැබූ බව  විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය.
මම මෙම ප්‍රශ්නයේදී ලොකු අර්බුදයකට ක්‍රීඩකයෙකු ලෙස මුහුණ පෑවා. විටක තණතිල්ලට ගොස් තරගයක් අමාරු අවස්ථාවක සිටින විට පිතිකරණයේ යෙදෙන්නේ කෙසේද ඊටත් වඩා බැරෑරුම් ප්‍රශ්නයක් වුණා. මේක නැති ප්‍රශ්නයක් මවා පෑමක්. මේ ගැන මට හරිම කණගාටුයි. මම කිසි විටකත් මට අහිමි වෙන මුදල් ප්‍රමාණය ගැන මෙහිදී කතා කරන්න කැමති නැහැ.
මට පාඩුවක් වෙනවා. ඒත් නැති ප්‍රශ්න  ඉදිරියට ගෙන යන්න අවශ්‍ය නැහැ යනුවෙන් සංගා තවත අයි.පී.එල්. තරගාවලියේදී ක්‍රීඩා කරනු ලැබූ සන්රයිස් හයිද්‍රාබාද් පිල වෙනුවට මෙවර චැම්පියන්ස් ලීග් තරගාවලියේදී කඳුරට මෙරූන්ස් පිලට ක්‍රීඩා කිරීමට බුද්ධිමත් තීරණයක ගනු ලැබූ බව පැවසුවේ පසුගිය ඉරිදා සංගා ගැන ලියූ දෙය නැවත වරක් සනාථ කරමිනි.
ක්‍රිකට් ආයතනය මට නිදහසේ තීරණයක් ගන්න තියනවා. මටත් මෙහිදී ක්‍රිකට් ආයතනය නිදහසේ තීරණයක් ගන්න මගේ ළඟ තිබුණා. අයි.පී.එල්. සන්රයිස්, හයිද්‍රාබාද් හා චැම්පියන්ස් ලීග් සංවිධායකයන් ඇතුළු අදාල බලධාරීන්ගේ දුරකතන අංක පවා දුන්නා. ඒත් මට හැගුණා ප්‍රශ්නය නිරාකරණය වෙන්නේ නැති බව. මේ ගැන කණගාටුයි. ඒත් දැන් කඳුරටට මම ක්‍රීඩා කරනවා එය මෙතැනින් ඉවරයි යනුවෙන් පැවසීය.
මේ අතර ක්‍රිකට් ආයතන ‍ලේකම් නිශාන්ත රණතුංග පැවසුවේ සංගා බුද්ධිමත් තීරණයක් ගෙන තිබෙනවා. අපි කිසි විටෙක රටක් වෙනුවෙන් හෝ මුදල් වෙනුවෙන් ක්‍රීඩා කරනවා යැයි මේ අර්බුදයේදී ප්‍රකාශ කළේ නැහැ. සංගාට නිදහස් තීරණයක් ගන්න දුන්නා. කොහොම වුණත් සංගා අපේ ඉතා වැදගත්ම දක්ෂ ක්‍රීඩකයෙක්. ඔහු වැනි ක්‍රීඩකයෙකු කඳුරටට ක්‍රීඩාකර එම පිල ඉදිරියටට යොවුන් ක්‍රීඩකයින් හා එක්ව යනු දැකීම අපේ අරමුණ බවද පැවසූ නිශාන්ත නවකයින්ට සංගා වැනි ක්‍රීඩකයෙකුගේ සේවය වැදගත් බව ප්‍රකාශ කළේය.
ධම්මික රත්නවීර

No comments:

Post a Comment